(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

සිටි  මවක සහ පුතෙකු ගමන් ගත් යතුරු පැදියක් කැළණිමුල්ල අත කපාපු හන්දිය ආසන්නයේ යකඩ පාලම මතදී අනතුරට ලක්වීමෙන්  පුතු මිය ගොස් මව තුවාල ලබා ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ ගොතටුව ක්‍රිස්ටල් මාවත පදිංචිව සිටි නිවාස සංවර්ධන අධිකාරියේ  කලමනාකාර සහකාර වරයකු ලෙස රැකියාව කළ ජීවන්ත  තිසර කුමාර 38 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි .

යතුරු පැදිය පැදවූ මිය ගිය  පුද්ගලයාගේ අධික වේගය අනතුරට හේතුව වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී යයි පොලිසිය සඳහන් කරයි