(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු බීමතින් රිය පදවා අනතුරක් කිරීමේ වරදට වැල්ලවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඔහුට අයත් සුඛෝපභෝගී මෝටර් රථයෙන් බම්බලපිටියේ සිට දෙහිවල දෙසට ගමන් කිරීමේදී මුහුදු මාවතේ මිරාජ් හෝටලය අසල මාර්ගය අයිනේ නතර කර තිබූ වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක පසුපස කොටසේ ගැටී අනතුරුව ඉදිරියට ඇදී ගොස් ඊට මදක් ඉදිරියෙන් තිබූ බස් රථයේ ගැටී මෙම අනතුර සිදුවී තිබූ බව මාධ්‍ය ප්‍රකාශක වරයා කීය
සිදුවූ අනතුරින් වැගන් ආර් වර්ගයේ මෝටර් රථයට බරපතල අලාභ සිදු වී ඇතැයි පොලිසිය කියයි
අනතුර සම්බන්ධයෙන් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇල්කොලයිසර් නල පරීක්ෂාවක් සිදු කළ අතර එහිදී ඔහු මත්පැන් පානය කර සිටි බවට අනාවරණය වී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් නිලධාරියෙක් විශ්‍රාම ගියාම ලෙල්ල ඇරපු ඉදුනු කෙසෙල්...!
පොලිසිය ඉගෙන ගත යුතු පාඩමක් නම් මිනිස්සු කරන ඕනෑම වරදක් තමන් අතිනුත් වෙන බව. හොරකම්, ස්ත්‍රී දූෂණ, මිනිමැරුම්, බීලා රිය පැදවීම, අල්ලස්, අධික වේගය සහ මාර්ග නීති කඩකර රිය පැදවීම ආදී සියල්ල. සාමාන්‍ය මිනිස්සුන්ට පුප්පන කොට මතක් වේවා!
මිනිස්සු ආන්ඩු කඩයි කියල බයට ආරක්ෂාව දෙන්න අරන් යන්න ඇති?
පැන්ෂන් ගිය පොලිස් කාරයා කියන අන්වර්ථ නාමය ඔබලා කාටත් අයිතියි.