ඊජිප්තුවේ අධිවේගී මාර්ගයක පසුගියදා සිදුවූ දරුණු රිය අනතුරකින් 35 දෙනෙකු මියගොස් තවත් 53 දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට බලධාරීන් ප්‍රකාශ කළේය.

මියගිය 35 දෙනා අතරින් 18 දෙනෙකු පිළිස්සුම් තුවාල හේතුවෙන් මිය ගොස් ඇතැයි ඊජිප්තු බලධාරීන් පැවසුවේය.

කයිරෝ නගරය බලා අධිවේගී මාර්ගයේ ධාවනය වූ බස් රථයක් නවතා තිබූ මෝටර් රථයක ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇත.

බස් රථය මෝටර් රථයේ ගැටීමත් සමඟ පසුපසින් පැමිණි වාහන කිහිපයක් බස් රථයේ ගැටී තිබේ.ගැටීමෙන් ඇතැම් වාහන ගිනිගෙන විනාශ වී ඇති අතර එම වාහන වල සිටි පුද්ගලයන් බොහොමයක් ගින්නට හසුවී මියගොස් ඇත.