
(ඩී.ජී.සුගතපාල)
ලෝකයේ පෝෂණය වැඩි දූෂණය අඩු හොඳම දේ වන මව් කිරිවලද මයික්‍රෝ ප්ලාස්ටික් තිබෙන බවට ඉතාලියේ කරන ලද පරික්ෂණයකදි සොයාගෙන ඇතැයි රුහුණු විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ අංශාධිපති මහාචාර්ය චින්තක සනත් ගඟබඩගේ මහතා පැවසිය.
ගාල්ල මිනාරා හෝටලයේ පැවති මානව හා පාරිසරික සම්පත් කළමනාකරණය පිළිබඳ සංවර්ධන ආයතනය ශ්‍රි ලංකා මාලදිවයින් කැනඩා මහ කොමසාරිස් කාරයාලිය දේශිය මුල පිරීම් සඳහාවු අරමුදල සමග ඒක්ව ඩී හරම් (DEIHERM)ආයතනය ක්‍රියාත්මක කරනු ලබන අන්තර් පාසල් නිල් සාගර නියමු බලකා වැඩ සටහනේ දෙවන වැඩ මුළුවේදිය ඒ මහතා ඒ බව පැවැසීය.
වෙරළ තිරය ප්ලාස්ටික් වලින් තොර කලාපයක් බවට පත් කිරිම සඳහා ගෙන ඇති වැඩ පිළිවෙල සම්බන්ධයෙන් දැනුවත්කිරිම සඳහා පැවති මෙම වැඩමුළුවට ගාල්ලේ පාසල් 24ක සිසු සිසුවියෝ 300ක් පමණ සහභාගිවුහ.
අද වනවිට පොලිතින් ප්ලාස්ටික් එදිනෙදා ජන ජිවිතයේ නැතුවම බැරි මෙවලමක් බවට පත්වෙලා. මේවායේ මයික්‍රෝ ප්ලාස්ටික් නිසා සමහර ලෙඩ රෝගද හැදෙනවා යැයි ද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් කුමන්ත්‍රණයක් වගේ... පිටිකිරි භාවිතා කරන පිරිස විශාල වශයෙන් අඩුවීමක් ඇති නිසා ඒ සඳහා ගහන තවත් ගැටයක් වගේ...
ලංකාවේ වෙරළ තිර පිරිසිදුව තබාගැනීම එම වෙරළ තීරය ආශ්‍රිතව සංචාරකයින් සඳහා ව්‍යාපාර කරගෙන යන අයගේ වගකීමක් කළයුතුයි. එසේ නොමැති නම් ඔවුන්ට යම්කිසි දඩ මුදලක් පැනවිය යුතුයි..!
මේ රටේ සමහර දේශපාලකයෝ වගේ කටට එන පළියට හැම දෙයක්ම කුමන්ත්‍රණයක් වෙන්නෙ නෑ. මිනිසා සොබා දහම අනිසි ව්දියට අවභාව්තා කර ඇති තරම අපිට වඩා වෙන රටවලට දරුණුවට දැනීතියෙන කාලයකයි අපි ඉන්නේ.ළිං මැඩියන් සේ නොඉද ලෝකය දකින්න..ව්ද්වතුන් ව්ව්ධ පර්යේෂණ මගින් සොයාගත් දේ බොහෝය. මේ සම්බන්දව ඉතාලියේ ව්ශ්ව ව්ද්යාලයක් පර්යේෂණයක් කර ඇත. පර්යේෂණ පත්‍රිකාවක් තියෙනවා කියවලා බලන්න.