
( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ඉන්දියාවෙ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන ආ රුපියල් කෝටියකට ආසන්න වල් නාශක හා කෘමිනාශක තොගයක් මැරින් හා විශේෂ යාත්‍රා බළඝණයට අයත් නාවිකයින්අද (29 ) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදි කල්පිටිය කිඹුල් බෝක්ක මුහුදු සිමාවේදි අත් අඩංගුවට ගත් බව කියයි.
අදාල වල් නාශක හා කෘමිනාශක තොගය නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් ධීවර යාත්‍රාවකින් රැගෙන එමින් සිටි කල්පිටිය ප්‍රදේශයෙ ධීවරයින් දෙදෙනෙකු ද මෙම දෑ සමඟ අත් අඩංගුවට ගත් බව කියයි.
කල්පිටිය විජය නාවික හමුදා කදවුරේ නාවික බුද්ධී නිළධාරීන්ට ලැබුන තොරතුරක් මත මැරින් නාවික බළඝණය හා විශේෂ යාත්‍රා බළඝණයට අයත් නාවිකයින් විසින් අදාල නීති විරෝධි වල් නාශක හා කෘමිනාශක තොගය රැගෙන එමින් සිටි ධීවර යාත්‍රාව කිඹුල් බෝක්ක මුහුදු සීමාවේදි අත් අඩංගුවට ගෙන තිබුණි.
මෙම තහනම් වල් නාශක හා කෘමිනාශක තොගය ඉන්දියාවේ නිෂ්පාදිත බවත් අදාල දෑ පොහොර උර 22 ක අසුරා තිබු බවත් නාවික හමුදාව පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd