(කුෂාන් ජයවර්ධන)

රිටිගල අනාරක්ෂීත වගා ළීදකට වැටී සිටි වන අලින් සිව් දෙනකු ආරක්ෂීතව ගොඩ ගැනීමට වනජීවී නිලධාරීහු අද(29) මෙහෙයුමක් දියත් කලහ.

අනාරක්ෂීත වගා ලිඳකට එම වන අලින් සිව් දෙනා මෙලෙස වැටී සිට ඇත. එකම ළීදේ වැටී සිටි එම වන අලින් සිව්දෙනා අතර මව් කෙනර දෙදෙනකු හා ඔවුන්ගේ පැටවුන් දෙදෙනාද වන බව වනජීවී නිලධාරීහු පවසති.

ආහාර සොයා ගම්වැදුනු වන අලි රංචුවක සිටි මව් කෙනෙර දෙදෙනෙකු හා එම පැටවුන් දෙදෙනෙකු මෙලෙස අනාරක්ෂීත වගා ළීදට වැටී සිටි අතර රිටිගල ගනේවල්පොල මොරගොඩ හා අලගොල්ලෑව යන වනජීවී කාර්යාලවල නිලධාරීන් එක්ව ළිදේ වැටී සිටි එම අලි සිව් දෙනා ගොඩ ගැනී‍මේ මෙහෙයුම ආරම්භ  කළහ.