2015 බැඳුම්කර වෙන්දේසියේ වැදගත් තොරතුරු පිටට ගිහින්
2015 පෙබරවාරී 27 වැනිදා පැවැති බැඳුම්කර වෙන්දේසිය පිළිබඳ වැදගත් තොරතුරු පිටස්තර යම් පාර්ශවයක් කළින් දැනගෙන ඇති බව සිය දීර්ඝ සේවා පළපුරුද්ද අනුව තමා නිගමනය කළා යැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා බැදුම්කර කොමිසම හමුවේ සාක්ෂි දෙමින් අද (27) හෙළි කළේය.