ඇමති අමරවීර ඒකාධිපති ගමනක් යනවා - දිලිප්
ඇමති මහින්ද අමරවීර හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ඒකාධිපති ගමනක් යනවා. එතුමා පසු ගිය දා මහවැලි ඉඩම් ඔප්පු 3000ක් ජනතාවට ලබා දුන්නා.සජිත් ප්‍රේමදාස ඇමතිතුමාවත් මමත් මේ ගැන දන්නේ නෑ . ධීවර ඇමති වරයා හම්බන්තොට දිස්ත්‍රික්කයේ තනි ගමනක් යනවා. අපි නිකමුන් වගේ ඉන්නවා.ජනාධිපති තුමනි කරුණාකරල මේ ගමන නවත්වන්න කටයුතු කරන්න යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙද ආරච්චි මහතා අද (14) සවස අම්බලන්තොට පට්ටිය වරායේ පැවති ධීවර හමුවකදී පැවසීය.