(විනීතා එම් ගමගේ)
දුම්රිය රියැදුරු, නියාමක, පාලක හා දුම්රිය ස්ථානාධිපතිවරුන් හෙට (8) මැදියම් රැයේ සිට දෙදින වැඩ වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය සේවයේ වෘත්තිය සමිති පවසති.
වැටුප් විෂමතාවය නිවැරදි කරන අමාත්‍ය මණ්ඩල ප‍්‍රතිකාව අනුමත කරනතුරු හෝ අනුමත කරන බවට පොරොන්දුවක් ලබා දෙනතුරු වර්ජනය අත් නොහරින බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරින්ගේ වෘත්තිය සමිති සන්ධානය කියයි.
වැටුප් විශමතාවය නිවැරදි කිරීම සඳහා නිර්දේශිත වැටුප් පරිමාණය වන ආර් .එම් . හා 2 වැටුප් තල ලබා දීමේ අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාව අනුමත කිරීම රජය දිනෙන් දින ප‍්‍රමාද කරමින් සිටින බවත් දිගින් දිගටම කළ ඉල්ලීම් නොසලකා හැර ඇති බැවින් මෙසේ වර්ජනයකට එළැඹිමට තිරණය කළ බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරින්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා ලංකාදීපයට පැවැසීය.
මෙම වැටුප් පරිමාණය සඳහා අගමැති ලේකම් හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශ ලේකම්වරයා ගේ මෙන්ම දුම්රිය සාමාන්‍යධිකාරිවරයාගේ නිර්දේශ ලැබී තිබියදී මෙසේ කැබිනට් අනුමැතිය ලබා නොදීම අසාධාරණයක් යැයි ද ආරියරත්න මහතා කීය.
ජනාධිපතිවරයා විසින් ඉකුත් දෙසැම්බර් මස 12 වැනිදා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය අනුමත නොකිරීම ගැන සමස්ත දුම්රිය සේවයම කළකිරිමට පත්ව ඇතැයි ද ඔහු තව දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය ආයතන පෞද්ගලික කරනවට මං විරුද්ධයි. ඒත් දුම්රිය නම් හැකි ඉක්මනින් පෞද්ගලික අංශයට දෙනවා නම් මං කැමතියි. පුදුම බරක් නේ අපට පටවන්නේ? එක අතකට බැලුවහම කොයි ව්යාපාරේද අපිව බිල්ලට නොගන්නේ? ඒ හින්ද මුළු ආණ්ඩුවම අවුරුදු 5 කට විතර කුලියට හරි බද්දට පුද්ගලික අංශයට හරි දෙනවා නම් මං කැමතියි. 99 අවුරුදු බද්දක් වුණත් කමක් නෑ හොඳ කට්ටියක් නම්....