(මුදිතා දයානන්ද)
‘අපි දෙදාස් පහළොවේ අලූත් ආණ්ඩුවක් හැදුවේ තක්කඩින් කීප දෙනෙකුට ජාවාරම් කරන්න නෙවෙයි. මේ තක්කඩින් සමඟ තවදුරටත් යන්න බැහැ. 2020 දී අපි අලූත් පෙරමුණකින් අලූත් ගමනක් ආරම්භ කරනවා.‘ යැයි ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (07) පැවසීය.
රණවක මහතා මෙසේ පැවසුයේ කොළඹ නව නගර ශාලාවේ පැවති ජාතික හෙළ උරුමයේ ලෝක කම්කරු දින රැළියේදි අදහස් දක්වමිනි.
තවදුරටත් අදහස් දැක්වු රණවක මහතා මෙසේද පැවසීය.
කළින් තිබුණ ආණ්ඩුව මේ රටේ ජනතාවගේ මුදල් තම තමන්ගේ රුචිකත්වය අනුව විවිධ ව්‍යාපෘතිවලට යෙදෙව්වා. ඒවා කොයි තරම් දුරට නැවත ආයෝජනයක් වෙනවාද නැද්ද කියලා හොයා බැලූවේ නැහැ. වැයකළා පමණයි. විශේෂයෙන්ම අධිවේගි මාර්ග හදන්න මහා ධනස්කන්දයක් වැය කරද්දි ඒ වියදමින් මං තිරු හතරේ සාමාන්‍ය පාරවල් තව කීයක් හදන්න තිබුණාද? ඒවා කොයි තරම් දුරට මේ රටේ ජනතාවට ප‍්‍රයෝජනවත් වෙනවාද කියලා බැලූවේ නැහැ. බොරු ෂෝ තමයි කළේ.
අදත් එහෙමයි කුරුණෑගල ඉඳලා ගලගෙදරට අධිවේගී මාර්ගයක් හදනවා. නුවරට පැයෙන් යන්න කියලා තමයි මේවා හදන්නේ. මේ සේරම බොරු ෂෝ. අපි කළ යුත්තේ ජනතාවට ප‍්‍රයෝජනවත් වෙන දේවල් මිසක් එක්කෙනෙකුගේ දෙන්නෙක්ගේ උවමනාවන් ඉටු කිරිමක් නෙවෙයි.
අපි දෙදාස් පහළොවේදි ජීවිත පරිත්‍යාගයෙන් අලූත් ආණ්ඩුවක හදාගත්තා. තක්කඩින් කීප දෙනෙක් එකතුවෙලා රටේ ජනතාවගේ මුදල් ජාවාරම් කරන්න පටන් ගත්තා. මොවුන් ජාවාරම් කරන්න යොදාගත්තේ මේ රටේ ජනතාව දුක් මහන්සියෙන් හම්බකළ මුදල්. මේ රටේ ජනතාවට වෙනුවෙන සංවර්ධන කටයුතු කරන්න තිබෙන මුදල්. ඒ නිසා මෙවැනි තක්කඩින් සමඟ තවදුරටත් යන්න බැහැ. අපි විස්සයි විස්සට අලූත් පෙරමුණක් හදනවා. අලූත් ගමනක් අපි ආරම්භ කරනවා. නව දේශපාලන සංස්කෘතියක් අපි නිර්මාණය කරනවා.
(ඡායාරූප -ඉෂාන් සංජීව)








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් නියමයි.
තක්කඩියෙක් අනික් අයටත් තක්කඩි යයි කීම කෙතරම් නම් අස්වාභාවිකද?
ඔව්... අපි මේ මග බලාගෙන ඉන්නේ තව පාරක් මේ තක්කඩියන්ට ඡන්දය දෙන්න.
කැබිනට් පත්‍රිකාවට ඔබතුමා විරුද්ධ වුනාද? එ්ක නේද නියම ස්ථානය?
දී කිරිවලට "කලවැද්දොත්" සාක්කි නොවැ...
අපි තක්කඩි එක්ක ඉන්නේ නෑ කිය කියා කල් මරමින් 2020 වෙනකන් ඉන්නවා. බලාගෙන !.
ලජ්ජා නැද්ද තක්කඩි එක්ක ඇමැති මණ්ඩලේ ඉන්න.
තක්කඩින්ට නොව හොර දෙටුවන්ටයි.
කවුරු කවුරුත් කාලෙන් කාලෙට අලුත් අලුත් වෙස්මුණු දාගෙන කරලියට එනවා. පහුගිය කාලේ මෙගොල්ලොත් අරගොල්ලෝ එක්ක ලස්සනට එකට දීග කෑවානේද? ඒ කාලේ සිදු උන සිදු කල කිසි දෙකට විරුද්ධ වෙනවානම් අපි දැක්කේ නැහැ. ඉතින් කොහොම මේ කතා අපි විශ්වාස කරන්නද?
තක්කඩින් ගැන හඳුන්වා දීමක් කරන්න අමතක වෙන්න ඇති.
අපි ඡන්දෙ දුන්නෙත් තක්කඩින්ට ඕනෙ විදිහට රට කාබාසිනියා කරන්න නොවෙයි.
බර්නාඩ් ෂෝ මහාචාර්යවරුන් දෙන්නෙක් එක්ක ගමනක් යමින් හිටියා. එක මහාචාර්යවරයෙක් ෂෝ ගෙන් ඇහුව 'ෂෝ, ඇත්තටම තක්කඩියෙක්ද හොරෙක්ද කියලා. ෂෝ කිව්වා.. මං ඒ දෙන්නා අතරේ ඉන්නේ කියලා. ෂෝ තමයි මැද්දෙන් ගියේ. ඒ වගේ ප්‍රශ්නයක් මේ දෙපැත්තට ඇඟිල්ල දික්කරන කට්ටිය රටේ මහ ජනයාගෙන් ඇහුවොත් ඔවුනුත් ඒ උත්තරේම දෙයි.
එතකොට මහ බැංකු හොරාව බේරාගන්න අත ඉස්සුවේ ඔයා නෙමෙයිද?
මේ බඩගෝස්තරවාදී අය විදේශ සංවිධානවල කොන්තරාත්තුවෙන් ඩොලර් ලබාගෙන ලංකාව විනාශ කරන බව ජනතාව තේරුම් ගත යුතුය. මොහු තක්කඩියෙකි. කුමන්ත්රණකාරයෙකි. බොරු ප්‍රචාර ගෙන යන්නෙකි.රටට ආදරේ නම් රනිල්ගේ ඔඩොක්කුවේ ලගින්නේ ඇයි