(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සිනමාවේදී අභාවප්‍රාප්ත ලෙස්ටර් ජේමිස් පීරීස් මහතාට හිමි අතුරදන්වු ‘රණමයුර ‘ සම්මානය හා එතුමාගේ ඥාති දියණියට අයත් රුපියල් ලක්ෂයක් පමණ වටිනා ජංගම දුරකතනයක් සොරාගත් පුද්ගලයින් හය දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි බම්බලපිටිය පොලීසිය පවසයි.
එම සැකකරුවන් අතර ත්‍රිරෝද රථ රියදුරකු ,ජංගම දුරකතන අලෙවිකරුවෙකු, සහ ගැට කපන්නන් සිව් දෙනකු සිටි බවද, ඔවුන් සතුව තිබී සොරකම් කරන ලද තවත් ජංගම දුරකතන 08 ක් සොයාගෙන ඇතැයි පොලීසිය පවසයි.
ඉකුත් 02 වැනිදා ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු සිදුකිරීමට පෙර නිවසේදී සිදු කළ ආගමික වතාවත් අතරතුරදී එතුමාට හිමි සම්මානය කිසිවකු සොරාගෙන තිබු අතර එදිනම ඥාති දියණියගේ ජංගම දුරකතනයද සොරාගෙන තිබිණි.
නිවසේ ආරක්ෂක කැමරාවේ සටහන් වු දත්ත අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර සිදු කරන ලද පරීක්ෂණ වලදී ත්‍රිරෝද රථ රියදුරු පවසා ඇත්තේ දින දෙකක් පමණ එහි පැමිණ තුන්වැනි දිනයේදී තවත් පුද්ගලයින් දෙදනකු සමඟ පැමිණ ලෙස්ටර් ජේමිස් පිරීස් මහතාට හිමි සම්මානය සොරකම් කරගෙන ගිය බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපගේ පොලීසිය ඉතාමත් දක්ෂයි. මෙය ඇල්ලීමට අපමණ වෙහෙසක් ගෙන ක්‍රියාකළ සියලුම දෙනාට අපගේත්, රටෙත් ප්‍රණාමය. හොරදෙටුවන්ට උපරිම දඬුවම් දිය යුතුයි.
මෙවැනි නොහික්මුණු අශ්ශීල මිනිස්සු හට උපරිම දඩුවම් දිය යුතුය... සමාජයෙන් මේ පුද්ගලයන් ගැන මිට වඩා කතා කල යුතුය සහ අවධානයෙන් සිටිය යුතුය.
සම්මානේ හම්බවෙලා නැනේ සැකපිට කීපදෙනෙක් ගත්තට