(ආරියරත්න රණබාහු මඩකලපුවේ සිට.......)
‘සමහරු මගෙන් අහනවා 2020 දී විශ්‍රාම යනවාද කියලා . සමාජ වෙබ් අඩවි වලත් ඒක යනවා. ඒත් මට 2020 විශ්‍රාම යන්න කලින් කරන්න වැඩ බොහෝමයක් තියෙනවා. යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය
මඩකලපුව චෙන්කලඩි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රීලංකා නිදහස් පක්ෂ මැයි රැලිය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසීය.
වැඩිදුරත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.
අවංක දේශපාලනඥයෝ ලංකාවේ කීයක් ඉන්නවද? හොරකම් කරපු නැති කී දෙනෙක් ඉන්නවද? සමහරු 2020 දී බලයට එන්න හීන දකිනවා. ඒත් නිසි වැඩපිළිවෙලක් නැහැ.
මේ අය රටේ දුප්පත් ජනතාවගේ හැගීම් තේරුම් ගන්න ඕනි. දේශපාලන නාඩි වැටෙන හැටි තේරුම් ගන්න ඕනි .සුරංගනා ලෝක ගැන ගොඩක් දෙනාට කතා කරන්න, හීන දකින්න පුළුවන්. දුප්පත් ජනතාව ගැන ඒ අයට කැක්කුමක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදී ජාතික සමගිය සංහිදියාව ඇති පැහැදිලි වැඩපිළිවෙලක් ඇතිව ඉදිරියට එනවා. ඒ අලුත් වැඩපිළිවෙළට සහය දෙන ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකා අපේ රට දැනටමත් විනාශ කරලා කිසිම දැනීමක්, තේරුමක් නැති අය.... හැමදෙයක්ම දැනගන්නේ ඉතින් පත්තරෙන්නේ.. බලාගෙන ඉන්න 2020 අඩු නැතිව මිනිස්සු ඡන්දේ දේවි.... සිරිසේනට ගෙදර යන්නේ වෙන්නේ අමුඩ ලේන්සුව පිටින් තමයි.
ඕකට කියන්නේ රසේ රඟේ තමයි.
හුරේ...!!! මේ එන්නේ කබරගොයයි, තලගොයයි මල්ලෙන් එළියට...
බැරි වෙලාවත් රටේ මිනිස්සු එකතුවෙලා විශ්‍රාම යැව්වොත් මොකද? අපි හිතන්නේ නම් දැන් ඉන්න 225 න් එක්කෙනෙක් දෙන්නෙක් ඇර අනික් කට්ටිය විශ්‍රාම යනවා නම් රටට ලොකු සෙතක් කියලයි. ඒත් බයවෙන්න දෙයක් නෑ. අපි ආයෙත් සේවා දීර්ඝ ලබා දෙනවා ඔය ඔක්කොටම... දීලා ඊට පස්සේ බැන බැන ඉන්නවා තව අවුරුදු 5 ක්. අපි හරි ආසයි එහෙම අපිම බලේට ගෙනැල්ලා ඊට පස්සේ බැන බැන ඉන්න වැඩේට...
ඇයි ජනාධිපතිතුමා, ඔබතුමා 2015දී බලය ගන්න කලින් කිව්වේ මේක මගේ පළමු ජනාධිපතිවරණය වගේම, අන්තිම ජනාධිපතිවරණයත් මේක කියලානේ. ඇයි දැන් ඊලඟ මැතිවරණය කිට්ටු වෙනකොට අදහස් වෙනස් කලේ? ඒකනේ ජනාධිපතිතුමා කියන්නේ බලය ලැබුණට පස්සේ කනකොට රසවත් කියලා. ඔබතුමා යහපාලනයේ නායකයා හැටියට මෙතෙක්කල් බලයේ ඉදලා කියපු දෙයක් හරියට කරපු තැනක් කියන්න. ඕක තමයි ජනාධිපතිතුමා කියන්නේ හොරු අල්ලනවා කියලා. අැවිල්ලා මගේ අයත් හොරු කියලා ඔප්පුකරලා, මමත් ඒකේ කොටස් කාරයෙක් කියලා ඔප්පු වුනේ. ජනාධිපතිතුමා කොහොම හිටං කිව්වත් ඕක තමයි ඇත්ත කතාව...
ඇයි තවම වැඩ පටන්ගත්තේ නැද්ද? නැතිනම් තව විනාශ කරන්න තියෙනවද? රටේ දුප්පත් ජනතාවගේ හැඟීම් තේරුම් ගන්න කොච්චර කල් යයිද? මෙච්චර කල් මොකද කලේ?
2020 වෙනකම් හොරු සහ අපරාධකරුවන් ආරක්ෂා කරනවා වගේම 2020න් පසුවත් එය ඉටුකිරීමට අප සැමගේ සහයෝගය ඔබතුමාට ලබාදීමට අපි කැපවෙමු.
ඔහොම හිතාගෙන හිටපු මහින්ද මහත්තයාත් ගෙදර ගියානම් ඔයා කවුද? මොකො රටට වැඩක් කරලද ඔයාව බලෙන් තියාගන්න.. 2020 නෙමෙයි හෙට ඔයාව ගෙදර යවන්න තිබ්බානම් මිනිස්සු මෙලහකටත් ඒක කරලා.. තවත් රට විනාශ නොකර යන්න.
3% ක ඡන්ද ප්‍රතිශතයක් අරගෙන 2020න් පස්සේ මොනවා කරන්නද දන්නේ නෑ යන්නේ? අනේ පව් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මිහිදන් කරලා හුදෙකලාව විරාම සුව විඳින්න අපි ප්‍රර්ථනා කරනවා... රට නැතිකෙරුවට ඔබට ස්තුතියි.
සතුටුදායක ආරංචියක් නිකන් විශ්‍රාම යනවට වඩා කොච්චර හොඳද. ඕවා හිත නිවන කතා මේ අවුරුදු එකහාමරාත් ඕවා කියා කියා ඉන්න.
මෙතුමාට දොස් කියල වැඩක් නැහැ. එතුමා ලිහිල් වැඩියි. බලයට ආවගමන්ම තරහ කාරයෝ ඔක්කොම ඇදගෙන ගිහිල්ල කූඩුවට දමන්න ඕන කියල හිතුවේ නැහැ. ඔය දැන් උඩ පැන පැන කෑගහන අයියලාගේ අතීතේ ෆයිල් අවුස්සලා නඩු දැම්ම නම් සමහරක් හිරේ නැත්නම් ප්‍රජා අයිතිය නැතිවෙලා. නායකයෙක් උනාම ඔක්කොටොම ඉස්සරවෙලා තමන්ගේ අනාගතය සැලසුම් කරන්න ඕන. අතරමඟ තියෙන බාධක අතුගාල දමන්න ඕන. රජකම ලැබුනම රජෙක් වගේ සැප විඳින්න ඕන වගේම තමන් ජීවත්ව ඉන්නකන් රජකම ආරක්ෂා කරගන්න උපරිම වෑයම දාන්න ඕන. මෙතුමාට තවමත් වෙලාව තියෙනවා ඔය ඔක්කොම කරන්න. මම ජනාධිපති උනා නම් මැරුණත් ඒක වෙන කාටවත් ඒක දෙන්නේ නැහැ.
අවුරුදු තුනක්ම කාලය කා දමා දැන් 2020 දී කරන්න බොහෝදේ තියෙනවා කියන කතාව විශ්වාස කරන්නේ කවුද? පක්ෂයට එරෙහිව ක්‍රියා කරන කිසිකෙනෙකුට විනය ක්‍රියා මාර්ග ගන්නේ නැතුව ඉන්න එකෙන් සිද්ධ උනේ තමන් අඩි හයක් පොළොවට යවන බව කියපු කණ්ඩායම තව තවත් ශක්තිමත් කිරීම නේද? ජවිපෙ විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට 20 වන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට කටයුතු කරමින් සිටී. ජනමතයකින් පත්කෙරෙන විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්නේ නම් නිසැකවම එය තවත් ජනමතයකින් සම්මත විය යුතු ය. ජවිපෙ යෝජනාවලියේ ඇත්තේ විධායක ජනාධිපති ධූරය අහෝසි කර ඒ වෙනුවට පාර්ලිමේන්තුව තුලින් පත් කෙරෙන විධායක නොවන ජනාධිපති ධූරයක් බව පැවසේ. ජනාධිපති වරයා විධායක ධූරය අහෝසි කිරීමට සහාය දක්වා විධායක නොවන ජනාධිපති ධූරයේ රැඳී සිටීමේ බලාපොරොත්තුවක් තිබෙන බව ඔහුගේ මැයි දින ප්‍රකාශයෙන් කියැවෙන බව සමහරු කියති. ජනාධිපති පත් කිරීමට තීන්දු කෙරෙනු ඇත්තේ ඉදිරි පාර්ලිමේන්තුවකිනි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් පොහොට්ටුව දිනුවොත් සියල්ල යටිකුරු වෙනු ඇත. එදාට ආප්ප න්‍යායට වැඩකළ සියල්ලටම දඬුවම් දීමේදී දවසක හෝ කල්මැරීමක් සිදුවෙන්නේ නැත.
ඔබතුමා හිටන් හිතන්නෙ පොහොට්ටුවෙ පොදු අපේක්ෂකයා වෙන්නද? එක අතකට පැරදුනාට ව්ශ්‍රාම යන්න ඕනෙ නෑනෙ. ඔය මහින්ද මහත්තයත් තාම ඉන්නෙ. එතුමාට නම් මංත්‍රීවත් වෙන්න පුළුවන් වුනා ඒත් ඔබ තුමාට එහෙමවත් පුළුවන් වෙයිද????
ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුවම වැඩ සිද්ධ වෙනවා. ඔහොම යන්න ඔහොම යන්න... රටට බොරු පොරොන්දු ජනතාව මුලා කිරීම ස්වභාව ධර්මය පවා එරහි වෙනවා.
තණ්හාය ජායති ශෝකෝ .......
ඉතාම ලජ්ජා සහගතයි.
රටේ කිසිම පාලනයක් නැහැ මුළු රටම අරාජික වෙලා, රටේ ජනතාවට 2015 වගේම හද පතුලෙන්ම බොරු කියනවා.
ඒ වුනාට ජනතාව මෙයාව අනිවාර්ය නිවාඩු යවනවා. සමහරවිට එකත් දැනගන්න වෙන්න පත්තරෙන් තමයි.
"අනේ මෙහෙම ආසාවක්...අනේ මෙහෙම තන්හාවක්" කිවාලු. රනිල්ව අනුගමනය කරනවා වගෙයි. බහිරවයෙක් වෙන්නයි හදන්නේ. අපොයි ශ්‍රීලනිපයට වෙන්න යන නැස්පැත්තියක්....
ගෝඨාභය මහත්තයගෙ වාසනාව.
ඔව් ඔව් තමුන්නාන්සේ විශ්‍රාම අරන් කොහොමද මේක චි ලංකාවක් කරන්නේ... ඊටපස්සේ පුතා හෝ සහෝදරයා.
ඔබතුමා එංගලන්තේ සංචාරයේදී BBC සංදේශයට කිව්වනේ ආයේ ජනාධිපතිවරණයට ඉල්ලනේ නැහැ . මේ ගැන මීට පසු අහන්න එපා කියල..
මේකට තමා කියන්නේ දෙපැත් නයි කථා කියල. එනකොට එකක් ඉන්නකොට තව එකක් යන්න කිට්ටු වෙනකොට තව එකක්. බඩ වඩා ගැනීමේ ස්ත්තරය/සුත්තරය . චන්දය දෙන අයට " අනිච්චා වත සංකාරා " නැතහොත් "දෙවියන්ගේ ලෝකය" තමා ඉතිරි වෙන්නේ.
ගොඩක් වැඩ කරන්න තියන බවනම් ඇත ජනාධිපතිතුමනි.එහෙත් බොහේ දෙනා කියන්නේ පෙබරවාරි 10යෙන් පසු තවම ඔබතුමා කිසිම වැඩක් නොකළ බවයි.2015 මැතිවරණ ප්‍රකාශනය නැවත කියවා බලන්න .කරන වැඩ වලට හොඳ ප්‍රචාරයක් දෙන්න .නැත්නම් ජනතාව දන්නේ නැහැ මොනවද කලේ කියා..
ඔබතුමාට ඔය වැඩ ටික කරගන්න තව ආත්ම 6ක් 7ක් යාවි ..
ඔබතුමා යන්න එපා, ඉන්න.අපි යන්නම්.මේ යන විදියට ඉන්න උනත් රටක් ඉතිරි වෙයිද කියල ෂුවර් නෑනේ
ඔබතුම 2020දි අපහු ජනාධිපතිවරනෙට ඉල්ලුවොත් මාත් ඉල්ලනවා, අපහු ජනාධිපති නෙවෙයි පුලුවන්නම් මට වැඩි චන්ද අරන් පෙන්නන්න.
ඔබතුමා යන්න එපා, ඉන්න. අපි යන්නම්. මේ යන විදියට ඉන්න උනත් රටක් ඉතිරි වෙයිද කියල ෂුවර් නෑනේ.
ඔබ තුමාට අමතක වීමේ ලෙඩක් වත් තියනවද ? එහෙම අහන්නෙ ඔබතුමා 2015 ජනවාරි කිව්වා , "මා, ජනාධිපති විදියට දිවුරුම් දෙන මුල් අවස්ථාව සහ අවසාන අවස්ථාව මෙය" කියා . මතකෙයි ?
අනේ යන්න එපා ඔබ තුමා රටට වැඩ කරපු තරමට 2020 නෙමෙයි 2050 වෙනකම් ඉන්න...... රට තවත් ඉතියොපියාවක් වෙනවා ආයේ දෙකක් නැ ...
රටේ නායකයා කෙලින් කතා කරන්න ඕන. මේවා දිව දෙකේ කතා. ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් විනාස කළා. 2020 නම්බු පිටින් ගෙදර ගියොත් තමා හොඳ.
දැන් 2020 ජනාධිපති වෙන්න ඉන්න යහපාලන පිරිස මොකද කරන්නේ. හංසයා කපුටා වෙයිද.
අපේ අයට, මේ කියපු දේවල් , මේ අමතක වෙනව. නේද ?
අයියල මල්ලිලා දරුවෝ ඔක්කොම දැන් කන්න පුළුවන් තැන් අල්ලාගෙන ඉන්නේ, දැන් කොහොමටත් යන්න කැමති නැහැ, යවන එක ජනතාවගේ අයිතිය.
බොහොමයක් අය කැමති නැහැ විශ්‍රාම යන්න විශ්‍රාම යවනවා මිසක්. රටට වැඩක් නැති මිනිසුන් තියාගෙන මොකටද නේද ආයුබෝවන්...?
ඔව් ඔව් ඉල්ලන්න අපි දෙන්නම්... මේ රටේ තව මොනවත් ඉතුරුවෙලා තියනවද ඔයාට තව කන්න. එන්න ඒ ටිකත් කාලා අපිවත් මරාගෙන යන්න. අපේ පවට පහළ වූ නායක ගව රැලක්...
මම නම් මේ දාලා තියෙන කමෙන්ට් බලලා, පුළුවන් කෙනෙකුට දීලා ගෙදර යනවා.