(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ජුඩ් සමන්ත)
පුත්තලම කොළඹ මාර්ගයේ පාලවිය තල්ගස්කන්ද ප්‍රදේශයේදී අද ( 07 ) සවස වෑන් රථයක ගැටීමෙන් කුඩා දරුවෙකු මිය ගොස් ඇති බව පුත්තලම පොලිසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ පාලවිය විද්‍යාලයේ 6 ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ 11 හැවිරිදි ඩබ්ලියු . අසිත සංජීව ලෝව් නැමති දරුවෙකි.
මරණයට පත් දරුවා තම ඥාති සොහොයුරියක සමඟ වෙළඳසැලකට පැමිණ ආපසු නිවස බලා යෑමට මාර්ගයට පිවිසේනවාත් සමඟ අධික වේගයෙන් පැමිණි වෑන් රථයක් කුඩා දරුවා යටකර පලා යන අයුරු අසල තිබූ ආරක්ෂීත කැමරාවක සටහන් වී තිබුණි. ප්‍රදේශයේ තරුණයින් යතුරු පැදිවලින් ගොස් මාර්ගය හරස් කර වැන්රථය නවතා පොලිසියට භාර දි තිබේ.
මරණයට පත් දරුවා සමඟ ගමන් කරමින් සිටි දැරිය වෑන් රථයේ ගැටී ඈතට විසිවීමේන් දිවි බේරි ඇති බව පොලිසිය පවසයි .





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්මෝ මගේ නම් ඇඟ හිරිවැටුණා... ඒ වීඩියෝ එක දකිද්දී... වෑන් කාරයට නින්ද ගිහින්ද කොහෙද? පව් අහිංසක දරුවාගේ ජීවිතේ. මෙවන් අකල් මරණයක් කිසිම ආත්මයක නොමවේවා!!! නිවන් සුව...
වාහන තබා ගැනීම තුවක්කු තබා ගැනීම වගේ තමයි. අවම මට්ටමක තබා ගත්තේ නැත්නම් වැරදි මිනිස්සු අතට යනවා. වාහන නැති අපි වගේ පදිකයෝ වත් මේ ටික තේරුම්ගන්න කම් නිකරුණේ ජීවිත නැති වෙලා යයි.
මේ රියදුරා නමැති යක්ෂයාට ගරු අධිකරණය විසින් උපරිම දඩුවම් දෙයි යන්න අපගේ විශ්වාසයයි. මෙසේ අකාලේ මියගිය ඒ අහිංසක දරුවාට කිසිදු ආත්මයක මෙවන් අකල් මරණයක් සිදුනොවේවා !!!!
නින්ද ගියාද නැත්නම් දුරකතනයෙන් කෙටි පණිවිඩ අරිමින් සිටියද? කෙසේ වෙතත් වාහන වල වේගය බොහෝ විට මාරක අනතුරුවලට සාධකයක් වී ඇත. ලංකාවේ රියදුරන්ගේ විනය සහ ආරක්ෂාකාරී බව ඇති කිරීමට හොඳම ක්‍රමය නම්, වේග සීමාව ඉක්මවන්නන්ට විශාල දඩ ගැසීම සහ රියදුරු බලපත්‍ර අවලංගු කිරීමයි.
ඩ්‍රයිවර්ට මාරාවේශ වෙලාද මහා දවල් පාරෙන් පිටට ඇවිත් පදික තීරුවේ ඇවිදපු අහිංසක කොලුපැටිය හප්පලා මැරුවේ? පාරේ අනික් පැත්තේ වහනයක් පෙනෙන්න තිබුනෙත් නැහැ. මෙතැනදී පදිකයෝ දෙන්නත් ටිකක් පාර දෙපැත්ත බලල අනික් පැත්තට ගිහිල්ල පාරේ දකුණු පැත්තෙන් ඇවිද්ද නම් මේවගේ අනතුරකින් වුනත් බේරෙන්න ඉඩ තියෙනවා. මොකද ඉස්සරහින් තමන් පැත්තට එන වාහනේ හොඳට පෙනෙනවා. වම පැත්තෙන් යනකොට හැරිලා පස්ස බැලුවේ නැත්නම් මෙතැනදී උනා වගේ අම්ම බේරෙනවා පුතා ඇදගන්න වෙලාවක් නැති වෙනවා. මට නම් හරිම දුකයි මේක බලන්න.
මොනවද ඉතින් රුපියල් දාහක් දඩ ගහල චුදිතය නිදහස්
මේකට කොහොම දඬුවම් දුන්නත් මදි.
රිය අනතුරු සම්බන්දයෙන් ලංකාවේ නීති හරිම දුර්වලයි. ඒ නීති ඉක්මනින් සංශෝදනය විය යුතුයි
වීඩියෝ එකෙන් පෙනෙනවා සම්පුර්ණ වැරැද්ද රියදුරාගේ බව. නොසැලකිල්ලෙන් මෙවැනි වැරදි කරන රියදුරන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් දිය යුතුයි. එසේ නැත්නම් මේ රටේ රියදුරන් කවදාකවත් හැදෙන්නේ නැත.නොසැලකිල්ලෙන් රිය පදවන්නන්ට දැනෙන්න දඩුවමක් දිය යුතුයි.මම මාද්‍යයෙන් ඉල්ලා සිටිනවා මොහුට දෙන දදුවමත් අපට මාද්‍ය මගින් දැනගන්ට සලස්වන්න කියා.මේ විදිහට රිය පදවනවානම් කොහොමද කෙනෙක් මාර්ගය අයිනෙන් ගමන්කරන්නේ.
අනතුර වෙන හැටි video එක දැක්කාම හරිම කනගාටුයි . ඒ ළමයි දෙන්න පාරේ අයිනකටම වෙලා යන්නේ . පේන විදියට රියදුරා බීල , එහෙම නැත්තං නින්ද ගිහිල්ල . ඔය අවස්ථා දෙකේම වාහන එළවන්න හොඳ නැහැ . "නිදිමත නං විනාඩි කිහිපයක් නිදා ගෙන එළවන්න" කියන ඔවදන තමයි මට වාහන එළවන්න පුරුදු කරපු එක්කෙනා කියල දුන්නේ .
මරණය කොයි මොහොතේද කියන්න බැහැ. සංසාරේ බිය ඇති කර ගෙන වහා වහා කුසල් කරන්න. සමහර විට මේ දරුවාව බිලි ගන්න යම් කිසි යක්ෂයෙක් මේ රියදුරාට ඇතුළු වෙන්න ඇති . මොනවා උනත් හැමදාම බුදුන් වැදලා පිහිට ලබා ගන්න පුලුවන්. අකුසල් කුසලයෙන් යටපත් කරන්න . හැම දෙනාටම තෙරුවන් සරණයි !!