ජපානයේ ඔකයාමා නගරයේ බස් රථ රියදුරෝ වෙනස්ම ආකාරයක විරෝධතාවයක නිරත වී සිටිති. කර්මාන්තයේ අර්බුදයක් මුල් කරගනිමින් ඔවුහු මෙම විරෝධතාවයේ නිරත වී සිටිති.
විරෝධතාවයේ නිරත වුවත් ඔවුන් සේවයේ නිරත වෙති. එසේ නමුත් ඔවුන් රැකියාවේ ප්‍රධාන කොටසක් වන මගීන්ගෙන් මුදල් ගැනීම ඉටු නොකරති. අනෙකුත් බස් රථ සමාගම් හා සැලකිල්ලට ගැනීමේ දී දැඩි තරගයක් ඇති වී තිබෙන බවත් එම නිසා තමන්ගේ රැකියා සුරක්ෂිත කරන ලෙසත් ඔකයාමා නගරයේ බස් රථ රියදුරෝ ඉල්ලා සිටිති.
ඔකයාමා නගරයේ බස් රථ රියදුරන්ගේ මෙම වෙනස්ම ආකාරයේ විරෝධතාව ඇතැම් පිරිස්වල ප්‍රශ්න කිරීමට ද ලක්ව තිබේ. අයිතිකරුවන්ට ආදායම් ලැබීම නවතා දමමින් මේ ආකාරයෙන් විරෝධතාවයේ නිරත වීම සුදුසු නැතැයි එම පිරිස් පවසති.
එසේ වුවත් තවත් බොහෝ පිරිසක් සහ ජපානයේ පුවත් වෙබ් අඩවි විරෝධතාවයට සහාය දක්වමින් අදහස් පළ කර තිබේ. මගීන්ගෙන් මුදල් අය නොකළද රියදුරන් ඔවුන්ගේ සේවය ඉටු කරන බවත් තරගකාරීත්වය තුළ වුවද බස් රථ සමාගම් සහ මගීන් අතර තිබෙන සබඳතාව ආරක්ෂා කිරීමට රියදුරන් කටයුතු කර තිබෙන බව විරෝධතාවයට සහාය දක්වන පිරිස් පෙන්වා දෙති.
බී.බී.සී ඇසුරිනි
055
ඡායාරූප ‘ද ජැපෑන් ටයිම්ස්’



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න නියම වර්ජන මෙකෙදී රජයට අනිවාර්යෙන්ම තීරණයක් ගන්න වෙනවා මේකට ජනතාව උපරීම සහයෝගය දෙනවා මොකද තමන්ට බාදාවක් නැති නිසා අනෙක මුදලුත් ඉතිරීනේ අරගල වලට ජනතාවගේ සහය ලබාගෙන කිරීමේදී ප්‍රතිපල ඉක්මන් වෙනවා මොකද සේවකයෝ රැකියාවේ නිරතවෙනවා ඔඋන්ට දඩුවම් කරන්න බැහැ නමුත් රජයට අදායමක් නැහැ ඒක බලා ඉන්නත් බැහැ මේක ආදර්ශයට ගන්න කියලා මම හිතනවා ලංකාවෙත් සේවකයෝ.
අපේ බස් ගැමුණු මේකට මොකද දන්නේ නැහැ කියන්නේ?
මේ ආදර්ශය අපේ රටේ ඉක්මණින්ම ක්‍රියාත්මක කරන්න ඉඩ තියෙනවා. පාලකයින්ගේ අවධානය දිනාගන්න.
ජපානය දියුණුවන්න ප්‍රධානම හේතු සාධකය තමයි වැඩ කරන සේවකයින්ගේ සිතුවිලි. දැනට අවුරුදු ගණනාවක සිට ජපන් සේවක විරෝධතාවය යනු නිෂ්පාදනය වැඩිකිරීමයි. පරිපාලනය අපහසුතාවයට පත්කරන්න ලේසිම ක්‍රමය තමයි නිෂ්පාදනය වැඩිකිරීම. නිමි නිෂ්පාදන ගබඩා කරන්න, නව වෙළෙඳපොල හොයන්න, අයවැය/පිරිවැය සමතුලනය කරන්න ආදී විශාල ගැටළු ප්‍රමාණයකට කළමනාකරණය මුහුණ දෙන්න වෙනවා. ඉක්මණින්ම සේවක ප්‍රශ්න විසඳනවා. නැතිනම් කළමනාකරණයට ඉක්මනින්ම ගෙදර යන්න වෙනවා. කවදාවත් සේවකයින්ට දොස් පවරන්න බැහැ. අපේ රටෙත් එ් වගේද?
ශාන් මහත්මයා මගේ අදහස සම්පූර්ණයෙන් කියවා නැති හැඩයි. මා පැවසුවේ රජයට පාඩුවක් නොවනබව මිසක, බස් ධාවනය කරවන ආයතනයට පාඩුවක් නොවන බව නොවෙයි. සෞදියට මා පැමිණ නැතිමුත්, ජපානයේ කොන්දොස්තර චරිතයක් බස් රථ සඳහා නොමැත. මුදල් ගෙවීම සඳහා යන්ත්‍රයක් පමණක් ඇත. විශේෂ දුර ගමන් නොවන්නේ නම් (ලිපියේ දක්වා ඇති පරිදි) ඔබේ ගමනාන්තය කුමක් වුවද සියළු දෙන එකම නිශ්චිත මුදලක් ගෙවිය යුතුය (සාමාන්‍යයෙන් යෙන් 210 පමණ). පෙරගෙවුම් කාඩ්පත් සඳහා මුදල් ගෙවීමේදී රජයේ බදු අයකෙරෙන අතර, බස් රියදුරන් අදාල යන්ත්‍ර ක්‍රියාවිරහිතව තැබීමෙන් බස් ආයතනයට නම් මුදල් නොලැබී යනු ඇත.