‘උතුරු මැද හොර පාරෙන් පත්වීම් දීලා‘ උතුරු මැද පළාත් සභාව විසුරුවා හැරිමෙන් පසුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය නිති විරෝධි ආකාරයට පෙරේදා (11) සුළු සේවක පත්විම් 100කට අධික ප්‍රමාණයක් ලබා දී ඇතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසයි. 12 October 2017
රන්ජන් රාමනායකට සිතාසි විනිසුරුවරුන් හා නීතීඥවරුන් බහුතරයක් දුෂිත බව මාධ්‍ය හමුවේ පැවසීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා ලැබ සිටින සමාජ සවිබල ගැන්වීම් හා සමාජ සුභසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ලබන 25 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) සිතාසි නිකුත් කළේය. 12 October 2017
සයිටම් අර්බුදයට විසඳුම් හොයන්න කොමිසමක් වෘත්තිකයන්ගේ ජාතික සභාවේ මැදිහත්වීමෙන් සයිටම් අර්බුදයට විසඳුම් සෙවීමේ මහජන කොමිෂන් සභාව පිහිටුවීම අද (12) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදි සිදුකෙරිණි. 12 October 2017
හාරගම කම්හලක සේවකයෝ 67ක් රෝහලට ආහාර ගැනීමෙන් පසු ශාරීරික අපහසුතා ඇතිවූ හාරගම ඇගලුම් කම්හලක සේවකයින් 67දෙනකු අද (12) ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇත. 12 October 2017
පනත් කෙටුම්පත් තුනට කථානායක අනුමැතිය පාර්ලිමේන්තුවේ පසුගියදා සම්මතවූ පළාත් පාලන මැතිවරණයට අදාළ ප්‍රාදේශීය සභා සංශෝධන, නගර සභා සංශෝධන, මහ නගර සභා සංශෝධන පනත් කෙටුම්පත් තුනට කථානායක කරු ජයසූරිය මහතා අද(12) අත්සන් තැබීය. 12 October 2017
පාර්ලිමේන්තුවට එපාවූ සන්නිවේදන පද්ධතිය දළඳා මාලිගාවට පාර්ලිමේන්තුවට නව කැමරා සන්නිවේදන පද්ධතියක් එක් කිරීම නිසා මෙතෙක් භාවිත කළ පැරණි කැමරා උපකරණ ඇතුළු සන්නිවේදන පද්ධතිය මහනුවර ශ්‍රී දළඳා මාලිගයට පරිත්‍යාග කිරීමේ උත්සවය අද(12) කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කථානායක නිල කාමරයේ දී පැවැත්විණි. 12 October 2017
ලේකම්ගේ ඥාතීන් අත්අඩංගුවට නොගැන්නැයි පොලිසියෙන්ම බලපෑම් අමාත්‍යංශ ලේකම්වරයකුගේ ඥාතීන් දෙදෙනකු අත්අඩංගුවට නොගන්නා ලෙස අනුරාධපුරයේ උසස් පොලිස් නිලධාරියකු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීන්ට දිගින් දිගටම බලපෑම් කරන බවට පොලිස් ආරංචි මාර්ග පවසයි. 12 October 2017
තායිවාන බැංකු වංචාව සොයන්න තිදෙනෙක් ලංකාවට පෙරදින රාත්‍රියේ එම නිලධාරීන් තිදෙනා දිවයිනට පැමිණ ඇති අතර ෆා ඊස්ටන් බැංකුවේ ගිණුමට අනවසරයෙන් ඇතුළු වී එහි ඇමරිකා ඩොලර් මිලියන 60කට අධික මුදලක් වෙනත් ගිණුමකට හුවමාරු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් ද සම්බන්ධ වී ඇති බවට ලැබුණු තොරතුරු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළේය. 12 October 2017
නිධන් හැරූවැයි 09ක් සැකපිට හබරණ තූම්බිකුලම රක්ෂිතයේ බැකෝ යන්ත්‍රයක් යොදාගෙන ඉපැරණි දාගැබක් විනාශ කරමින් නිධන් හාරමින් සිටි බව කියන නව දෙනකු අද (12) අත්අඩංගුවට ගත් බව හබරණ පොලීසිය කියයි. 12 October 2017
දෘෂ්ටි දිනය වෙනුවෙන් පාගමනක් ලෝක දෘශ්ටි දින පා ගමන ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය එල්. ජි. මුහන්දිරම්ගේ මහතා ගේ ප්‍රධානතත්වයෙන් අද(11) කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලින් ආරම්භ වී අක්ෂි රෝහල දක්වා ගමන් කළේය. 12 October 2017
අන්තරේ ලහිරු හා ටැම්පිටියේ හිමි රිමාන්ඩ් අධිකරණ නියෝග කඩ කරමින් ඉකුත්දා කොල්ලුපිටියේ පැවැත්වූ විරෝධතාවය සම්බන්ධයෙන් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර සහ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි යන දෙදෙනා මේ මස 26වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(12) නියෝග කළාය. 12 October 2017
දුම්රිය වර්ජනය අඛණ්ඩව තම ඉල්ලීම් ලැබෙන තුරු වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බව ලොකොමෝටිව් ඔපරේටිං ඉංජිනියර්ස් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසයි. 12 October 2017
පුත්තලමේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට කරුවලගස්වැව - සියඹලෑව රක්ෂිතයක් තුළ අද (12) අළුයම සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් ඇති බව කරුවලගස්වැව පොලීසිය කියයි. 12 October 2017
ප්රභාගේ සිරුර දුටු විට කනගාටුවක් දැනුනා - රාහුල් ගාන්ධි එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්රභාකරන්ගේ මළ සිරුරු දුටු විට කනගාටුදායක හැඟීමක් ඇති වූ බව ඉන්දීය ජාතික කොංග්‍රසයේ උපනායක රාහුල් ගාන්ධි පවසා ඇතැයි ඉන්දීය මාධ්‍ය අද (11) වාර්තා කළේය. 11 October 2017
අංගොඩ ගෙවල් කොළඹ අඩු ආදායම්ලාභීහු එපා කියති කොළඹ නගරයේ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් අංගොඩ ඉදිකරන ලද සියලු පහසුකම් සහිත නිවාස 500ක් එම ජනතාව ප්‍රතික්ෂේප කළ නිසා අලෙවි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 11 October 2017
දුම්රිය වර්ජනයෙන් කොටුව දුම්රියපොළ උණුසුම් වෙයි එක්වරම දුම්රිය වර්ජනයක් ඇරඹීම හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණ සිටින මගීන් විරෝධය පෑම හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ. 11 October 2017
ජනපති හමුවෙන්න විමල් යයි බෙදුම්වාදීන් විසින් සකස් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පැකේජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර කැබිනට් මණ්ඩලයේදී අත්හිටුවන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (11) පැවසීය. 11 October 2017
ලිට්රෝ සභාපති ලාංකිකයකු නොවේ තායිවාන බැංකුවක මුදල් වංචාවක් සම්බන්ධයෙන් රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගත් ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ මහතා ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන බව රහස් පොලිසිය කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මියට අද (11) දැනුම් දුන්නේය. 11 October 2017
දුම්රිය රියදුරෝ අද රාත්‍රියේ සිට වැඩ වරති අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක නිරත වන බව ලෙකොමොටිව් ඔපරේටර්ස් ඉන්ජිනියර්ස් රියදුරු සංගමයේ සභාපති ඩී සී පී පරණවිතාන මහතා කියයි. 11 October 2017
දෙමළ ජාතික සන්ධානයට එරෙහිව අලුත් සන්ධානයක් දෙමළ ජාතික සන්ධානයට (ටී.එන්.ඒ.) විරුද්ධ පෙරමුණක් පිහිටුවීම සඳහා උතුරේ ද්‍රවිඩ නායකයන් කිහිපදෙනෙකු එකතු වී ඇතැයි ආරංචි මාර්ග කියයි. 11 October 2017
නඩු නැති නම් නිදහස් කරන්න - රාජිත බන්ධනාගාර ගත කර සිටින එල්.ටී.ටීඊ රැඳවියන් අතුරින් ඉදිරි නීතිමය පියවර ගැනීමට නොමැති අය සිටී නම් , ඔවුන් නිදහස් කළ යුතුයැයි සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා (11) පැවසීය. 11 October 2017
රත්තොට පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට ග්‍රාම නිලධාරිනියකට ලිංගික අතවර කළැයි චෝදනා මත රත්තොට පොලිසියේ ස්ථානාධිපතිවරයා මීට සුළු වේලාවකට පෙරදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 11 October 2017
අගමැති - ෆින්ලන්ත ආර්ථික කටයුතු ඇමැති හමුවක් ෆින්ලන්තයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එරට ආර්ථික කටයුතු අමාත්‍ය මිකා ලින්ටිලැ මහතා සමග හෙල්සින්කි නුවර රාජ්‍ය අමුත්තන්ගේ මන්දිරයේ දී රාත්‍රී භෝජන සංග්‍රහයකට එක්විය. 11 October 2017
චොකා මල්ලී බේරන්නැයි ඩිඅයිජි කියලා කහවත්තේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස බී වාර්තාවේ පේ‍්‍රමලාල් ජයසේකර නියෝජ්‍ය ඇමැතිවරයාගේ නම නොතිබිය යුතු බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා දුරකතයෙන් දැනුම් දුන් බව කහවත්ත පොලිස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්ෂක ලලිත් පුෂ්පකුමාර රාජමන්ත්රී මහතා රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන මහතා හමුවේ පැවසීය. 11 October 2017
රයන් ජයලත් යළිත් රිමාන්ඩ් සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුලූ වී එහි දේපළ වලට අනර්ථයක් සිදු කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටි වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ලබන 20 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (11) නියෝග කළේය. 11 October 2017
පර්පෙචුවල් ලිපි ගොනු දෙක වහාම ඉල්ලයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා කළ යුතු වැඩ කොටස් මොනවාදැයි විස්තර කොට දැනුම් දීම සඳහා පර්පචුවල් ටේරෂරීස් සමාගම පවත්වාගෙන ගියැයි 11 October 2017
සිසුවාට පොලිසිය පහරදුන්නාදැයි සොයයි සිසුවකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොරටු පොලිසියෙන් අත්අඩංගුවට ගත් සැකකාර පාසැල් සිසුවාට මොරටු පොලිසියේදී පහරදීමක් සිදුවී ඇතිදැයි සොයා බැලීමට අධිකරණ වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස මොරටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(11) නියෝග කළේය. 11 October 2017
ප්රවෘත්ති වැඩබලන අධ්‍යක්ෂක සුදර්ශන රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ගුවන් විදුලි සංස්ථාවේ සභාපති සුදර්ශන ගුණවර්ධන මහතා පත්කරනු ලැබ තිබේ.මෙම පත්වීම අද(11) සිදුකර ඇති බව සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. 11 October 2017
කැලණි සරසවිය 16 දා යළි ඇරේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ කැලණිය විශ්ව විද්‍යාලය ඔක්තෝබර් 16වැනිදා යළි විවෘත කරන බව විශ්ව විද්‍යාල පාලනාධිකාරිය කියයි. 11 October 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026