කැලණි සරසවිය 16 දා යළි ඇරේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ කැලණිය විශ්ව විද්‍යාලය ඔක්තෝබර් 16වැනිදා යළි විවෘත කරන බව විශ්ව විද්‍යාල පාලනාධිකාරිය කියයි. 11 October 2017
බොරු නඩු දැම්මාට වන්දිය ලක්ෂ හතක් සෞදි අරාබියේ ගෘහ රියැදුරකු සේ සේවය කළ ශ්‍රී ලාංකිකයකු අසත්‍ය චෝදනා නගමින් සිරගත කළ හාම්පුතාගෙන් රුපියල් හත් ලක්ෂයක් වන්දි ලෙස ලබා ගත හැකි වී ඇතැයි විදේශ රැකියා අමාත්‍යංශය පවසයි. 11 October 2017
වත්කම් බැරකම් සම්බන්ධ අයකරන දඩ වැඩිවෙයි වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීම පැහැර හැරීම, එම ප්‍රකාශයේ අසත්‍ය තොරතුරු සඳහන් කිරීම සහ අවශ්‍ය අවස්ථාවන් හිදී අතිරේක තොරතුරු ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් අයකරනු ලබන දඩ මුදල රුපියල් ලක්ෂය දක්වා වැඩිකිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. 11 October 2017
ලක් කතක් සාජාහිදී ඇසිඩ් ප්‍රහාරයකින් මියයයි සාජාහි වෙසෙන ශ්‍රී ලාංකික කාන්තාවක් (25) ඇගේ සැමියාගේ ඇසිඩ් ප්‍රහාරයකට ලක්ව මියගොස් ඇතැයි ඩුබායි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. 11 October 2017
බෝම්බ හෙලන ප්‍රහාරක යානා දෙකක් කොරියානු අහසේ සැරිසරයි බෝම්බ හෙලන ප්‍රහාරක යානා දෙකක් කොරියානු අර්ධද්වීපයට ඉහලින් ගමන් කරවූ බව ඇමරිකාව පවසයි. ඇමරිකාවට අයත් බී -1බි ප්‍රහාරක යානා සහ දකුණු කොරියාවට අයත් එෆ් - 15කේ යුද යානා එක්ව මෙම යුද අභ්‍යාසය පවත්වා තිබේ. 11 October 2017
බස්නාහිර මහ ඇමැති කාර්යාලයේ දී පැල සිටුවයි - පැල බෙදයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය ‘එක්ව නැගිටිමු - අටුකොටු පුරවමු‘ වැඩසටහනට සමගාමීව ශක්තියක් වෙමින් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ දී අද(11) බෝග පැල සිටුවීම හා බෙදාදීම සිදුකෙරිණි. 11 October 2017
උමා ඔය විපතට පත් ජනතාව සහන ඉල්ලා උද්ඝෝෂණයක් උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව බණ්ඩාරවෙල , වැලිමඩ , ඌවපරණගම, ඇල්ල, හාලිඇල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල විපතට පත් ජනතාව සහන ලෙස ඉල්ලා අද (11) බදුල්ල නගරයේ දී උද්ඝෝෂණයක් ඇරඹුහ. 11 October 2017
උතුරේ දේශපාලන සිරකරුවන් වෙනුවෙන් කොන්දේසි මාලාවක් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දේශපාලන සිරකරුවන් වෙනුවෙන් 13වැනිදා උතුරු පළාතේ හර්තාලයක් ක්‍රියාත්මක කිරීමට සහාය දෙන්නැයි දෙමළ ජනතා සභාව සහ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය ඉල්ලීමක් කර ඇත. 11 October 2017
ලිට්රෝ සභාපතිගේ වැඩ තහනම් තායිවාන බැංකුවක පරිගණක පද්ධතියට ඇතුළුවී රුපියල් කෝටි 11කට ආසන්න මුදලක් වංචා කළැයි අත්අඩංගුවට ගනු ලැබ සිටින ලිට්රෝ ගෑස් සමාගමේ මෙරට සභාපති ශලීල මුණසිංහ ගේ වැඩ තහනම් කර ඇතැයි ලිට්රෝ සමාගම පවසයි. 11 October 2017
ශලීල මුණසිංහ යළි රිමාන්ඩ් තායිවාන බැංකුවක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලිට්රෝ ගෑස් ශ්‍රී ලංකා සමාගමේ සභාපති ශලීල මුණසිංහ ලබන ඔක්තෝබර් 25 දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(11) නියෝග කළේය. 11 October 2017
ගුවන් තොටෙන් වල්ලපට්ටා තොගයක් අල්ලයි වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස තායිලන්තයේ බැංකොක් බලා රැගෙන යෑමට තැත් කළ 57 හැවිරිදි කුවේට් ජාතිකයෙකු අද (11) කටුනායක ගුවන් තොටුපොළේ දී ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් , රේගු අත් අඩංගුවට භාර දී ඇතැයි රේගු මාධ්යත ප්රවකාශක සුනිල් ජයරත්න මහතා පවසයි. 11 October 2017
විගණන පනතට කැබිනට් අනුමැතිය ජාතික විගණන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) උදේ පැවැති කැබිනට් රැස්වීමේදී මෙම අනුමැතිය ලබා දී තිබේ.අදාළ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණේ විශේෂ ව්‍යාපෘති ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා විසිනි. 11 October 2017
දයාසිරි-කිරිඇල්ල කැබිනට්ටුවේදී හැප්පෙති මහා මාර්ග හා උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල සහ කී‍්‍රඩා ඇමැති දයාසිරි ජයසේකර යන මහත්වරුන් අතර ඇතිවූ බහින්බස් වීමක් හේතුවෙන් ඊයේ (10) පැවැති කැබිනට් රැස්වීම දැඩි උණුසුම්කාරී වූ බව වාර්තාවේ. 11 October 2017
කබීර්-මලික් බැඳුම්කර කොමිසමට එති ප්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි දීම සඳහා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම් සහ සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරු මීට සුළු මොහොතකට පෙර පැමිණියේය. 11 October 2017
නාමල් රැගත් බසය නවත්වන්න හම්බන්තොට ටයර් පුළුස්සති අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස රැගත් බන්ධනාගාර බස් රථයට තංගල්ලට යෑමට නොහැකි වන පරිදි පිරිසක් හම්බන්තොට ගුවන් පාලම ආසන්නයේ පාර මැද ටයර් පුළුස්සා තිබිණි. 10 October 2017
නාමල් ඇතුළු පිරිස 16 තෙක් රිමාන්ඩ් අධිකරණ නියෝග උල්ලංඝගණය කරමින් හම්බන්තොට දී ඉකුත් 6 වැනි දා විරෝධතාවේ නිරත වී කලහාකාරි ලෙස හැසීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ඇතුළු හය දෙනා ලබන 16 වැනි දා තෙක් රිමාන්ඩ් කරන්නැයි හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (10) රාත්‍රී නියෝග කළේය. 10 October 2017
ලක් අගමැතිගේ සංචාරය ඓතිහාසිකයි - ෆින්ලන්ත අගමැති ෆින්ලන්තය නිදහස ලබා වසර 100 ක් පිරෙන අවස්ථාවේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ෆින්ලන්තයේ සංචාරය කිරීම දෙරට අතර මිතුදම වඩවන හා ශක්තිමත් කරන ඓතිහාසික පියවරක් යැයි ෆින්ලන්ත අග්‍රාමාත්‍ය යුහා සිපිලා මහතා පවසයි. 10 October 2017
ධර්මපුරම් හිටපු ස්ථානාධිපතිට විශේෂ ඇගයීමක් කිලිනොච්චිය ධර්මපුරම් හිටපු පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එම්.එම්.ඩි.එන් චතුරංග මහතා එම පොලිසියේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ සමයේදී ප්‍රදේශයේ දෙමළ ජනතාවට ඉටුකළ සේවය ඇගයීමේ විශේෂ උත්සවයක් කිලිනොච්චියේදී පැවැත්විණි. 10 October 2017
නාමල් ඇතුළු පිරිස අත්අඩංගුවට හම්බන්තොට පැවැති විරෝධතාවය ගැන ප්‍රශ්න කිරීමට පොලිසියට කැඳවූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු හය දෙනෙක් මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගනු ලැබූහ. 10 October 2017
රවීට ගෙයක් දුන් බව දැනගත්තේ මාධ්‍යයෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට ‘මොනෑක් රෙසිඩන්සි’ හී අර්ජුන් ඇලෝසියස් මහතා නිවසක් ලබා දී ඇති බව තමා දැනගත්තේ ජනමාධ්‍ය වලින් යැයි බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා අද (10) පැවසීය. 10 October 2017
නාමල් ඇතුළු පිරිස හම්බන්තොට පොලිසියට හම්බන්තොට පැවති උද්ඝෝෂණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු කිහිපදෙනෙක් මීට සුළු මොහොතකට පෙර හම්බන්තොට මූලස්ථාන පොලිසියට පැමිණියහ. 10 October 2017
සයිටම් විරෝධී විරෝධතාවෙන් 14ක් රෝහලේ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා අද (10) පැවති උද්ඝෝෂණයේදී පොලිසිය සමග ඇති වූ ගැටුම්වලින් 14 දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. 10 October 2017
නව ව්‍යවස්ථාවට ඡන්දය දෙන්නේ දේශද්‍රෝහීන් නව ව්‍යවස්ථාවට ඡන්දය දෙන මැති ඇමතිවරුන් දේශද්‍රෝහීන් බව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. 10 October 2017
ශලීල මුණසිංහ හෙට දක්වා රිමාන්ඩ් තායිවාන බැංකුවකින් රුපියල් කෝටි 11කට ආසන්න මුදලක් වංචා කළැයි ලිට්රෝ ගෑස් සමාගම් ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ වත්මන් සභාපති ශලීල මුණසිංහ මහතා හෙට (11) දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කළේය. 10 October 2017
ත්‍රිවිධ හමුදාවෙන් පැනගිය 6631 ක් අත්අඩංගුවට පොදු සමා කාලයේ ත්‍රිවිධ හමුදා වෙත බාර නොවූ සහ නීත්‍යානුකූලව ඉවත් නොවූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 6631දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා ලංකාදීපයට පැවසීය. 10 October 2017
පොළී අනුපාත පාලනය කරන්න සමාජවාදී විය යුතුයි රජය ණය ලබා ගන්නා විට පොළි අනුපාත ඉහළ යන අතර පොළි අනුපාත කෘතිමව පාලනය කිරීමට නොහැකි බවත් පොළි අනුපාත කෘතිමව පාලනය කීරීමට නම් සමාජවාදී ආර්ථික ක්‍රමයකට යා යුතු බවත් ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා බැඳුම්කර කොමිසම හමුවේ පැවසීය. 10 October 2017
බෑණා ලාබ ඉපයූ බව මාමා පිළිගනී ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු සිදුවු වසරක කාලය තුළදී සිදුකළ භාන්ඩාගාර බැඳුම්කර ගනුදෙනු වලින් 90 %ක්ම ලාභ ලැබුවේ තම බෑණාට අයත් පර්පචුවල් ටේරෂරීස් සමාගම බව මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා බැඳුම්කර කොමිසම හමුවේ අද (09) පිළිගත්තේය. 10 October 2017
වෙළෙඳ හිඟය ඉහළට මේ වසරේ මුල් මාස හත අවසානයේදී වෙළෙඳ හිඟය එක්සත් ජනපද මිලියන 5,328.8ක් දක්වා ඉහළ ගොස් තිබේ. 10 October 2017
සයිටම් විරෝධතාකරුවන්ට ජල හා කඳුළු ගෑස් මාලබේ සයිටම් ආයතනයට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු සයිටම් විරෝධී ජන පවුර සංවිධානය කළ විරෝධතාවයට මීට සුළු මොහොතකට පෙර කොල්ලුපිටිය අගමැති කාර්යාලය අසලදී පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය. 10 October 2017
මෛත්‍රීගේ වේදිකාවට වෙඩි තැබූ අවි - උණ්ඩ නොගැළපෙයි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රැස්වීමක සැරසිලි කරමින් සිටි පිරිසකට කළ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව යොමු කළ හිස් පතොරොම් හය සිද්ධීයට අත්අඩංගුවට ගෙන ඇති ගිනි අවිවලින් නිකුත් වූ ඒවා නොවන බව රජයේ නියෝජ්‍ය රස පරීක්ෂක පී. ගාමිණී මඩවල මහතා පැවසීය. 10 October 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026