(දිනේෂ් උපේන්ද්‍ර)
පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී කුලියාපිටිය ප‍්‍රාදේශීය සභාවට ශ‍්‍රීලනිපයෙන් තරඟ කර පරාජයට පත්වූ අපේක්‍ෂකයකු අමානුෂිය අන්දමින් කුරුණෑගල ප්‍රසිද්ධ පාසලක ශිෂ්‍යයකුට යම් සිද්ධියක් මුල්කර ගනිමින් පහරදුන් ආකාරය සටහන්ව තිබූ සීසීටීවී දර්ශන ඊයේ (2) මාධ්‍යට නිකුත් විය.
කුලියාපිටිය බස් නැවතුම්පොළ අසල තිස්ස මාවතේදී සවලක් හා ආරක්‍ෂක හිස්වැසුමක් භාවිතා කර එලෙස පහරදී තිබූ අපේක්‍ෂකයා සමගින් පැමිණි බව කියන වයස අවුරුදු 16 ක සිසුවෙකු සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වූ අපේක්‍ෂකයා ඇතුළු සෙසු පිරිස සොයා පරීක්‍ෂණ මෙහෙය වන බව පොලිසිය කියයි.
සිද්ධියට මුහුණ පෑ සිසුවා කුලියාපිටිය මූලික රෝහලටත් කුරුණෑගල ශික්‍ෂණ රෝහලටත් ඇතුළත් කර තිබූ අතර ප‍්‍රතිකාර ලබා ඊයේ (2) රෝහලෙන් පිටව ගොස් තිබිණි.
අත්අඩංගුවට ගෙන තිබූ සැකකාර පාසල් සිසුවා නාරම්මල සංචාරක අධිකරණයට ඉදිරිපත් කිරීමේදී හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත්කිරීමට නියමිතය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd