(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නවගත්තේගම කොන්කඩවල සහ ගාමිණි පුර වට්ටක්කා ගොවින්ගේ වට්ටක්කා වගාව අලෙවි කර ගැනීමට නොහැකිව විනාශ වූ බව ප්රවෘත්ති පළ වීමත් සමඟ එම වට්ටක්කා මිලදී ගැනීමට කාගීල්ස් ආයතනය ඉදිරිපත් වී තිබේ.
සමෘද්ධි අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා කාගිල්ස් ආයතනයට කළ ඉල්ලීමකින් පසු එම ආයතනය නවගත්තේගම කොන්කඩවල සහ ගාමිණි පුර ගම්මාන වෙත පැමිණ මෙම වට්ටක්කා තොගය මිලදී ගැනීම අද (03) සිදු කළේය.
නවගත්තේගම කොන්කඩවල හා ගාමිණී පුර ගම්මාන වල ගොවින් වී වගා කර ගැනීමට ජලය නොමැතිව ගොවිතැනින් ඉවත් වී වට්ටක්කා වගා කර තිබුණේ භුගත ලිං වල ජලය උපයෝගි කර ගනිමින්ය. මෙසේ වගා කළ වට්ටක්කා වලින් එක් ගොවියකුට කිලෝ 15000 ක් 20000 ක ප්‍රමාණයක් ලැබි තිබූ අතර සියලුම ගොවින්ගේ වට්ටක්කා කිලෝ ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් ලැබි තිබුණි .
නොසිතු ලෙස වට්ටක්කා මිල පහත වැටීම නිසා ගොවින්ට එම අස්වැන්න රුපියල් 7- 8ට වත් අලෙවි කර ගැනීමට නොහැකි විය. එම වට්ටක්කා ගොවීන්ගේ නිවෙස් තුළ කුණු වී යන අයුරු මාධ්‍ය තුළින් හෙළිදරව් වීමත් සමඟ ඊට මැදිහත් වු සමෘද්ධි අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා මෙම ගොවින්ගේ අස්වැන්න මිලදි ගැනීමට කාගිල්ස් ආයතනයෙන් ඉල්ලිම් කර තිබුණි .
ඒ අනුව කාගිල්ස් (ලංකා ) සමුහයේ උප සභාපති රංජිත් පේජ් මහතාගේ උපදෙස් මත සමුහ කළමණාකරු කීර්ති ගෝනසේකර මහතා ඇතුළු කණ්ඩායමක් පැමිණ නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වගාකරුවන් සමඟ පැවති සාකච්ඡාවකින් පසුව වට්ටක්කා කිලෝවක් රුපියල් 20 බැගින් මිලදී ගත්තේය.
පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එම්.එන් .චිත්‍රානන්ද මහතාගේ මැදැහත් විමේන් පුත්තලම දිස්ත්‍රික් සමෘද්ධි අධ්යක්ෂ එස්.පි. විරසේකර මහතා සහ නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් දිලාන් ගුණරත්න මහත්වරුන්ගේ අධික්ෂණය යටතේ මෙම කාර්යය සිදු කෙරුණු අතර නවගත්තේගම සහකාර ප්‍රාදේශීය ලේකම් අයේෂා වික්‍රමසිංහ මහත්මියද මේ අවස්ථාවට එක්ව සිටියාය.
මෙහිදි අදහස් දැක්වු කාගිල්ස් ආයතනයේ සමුහ කළමණාකරු කිර්ති ගෝනසේකර මහතා මෙසේ අදහස් දැක්වීය.
“ අපි කවදත් ගොවින්ට අත දෙන ආයතනයක්. ඇත්තටම සතුටුයි මේ නවගත්තේගම වට්ටක්කා වගාව අපිට මිලදි ගන්න ලැබීම ගැන . මාධ්‍ය වලින් මේ පිළිබඳව පළ නොවෙන්න අපි මේ සම්බන්ධව දන්නේ නැහැ. විශේෂයෙන් ලංකාදීපයට ස්තූති කළ යුතුයි. එසේ නොවන්නට අපි කවුරුත් දන්නේ නැහැ මේ වන විනාශය ගැන.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ දුප්පත් ගොවීන් හට කල මේ උදව්වට, මේ ආයතනයට බොහෝ පින්!
කාර්ගිල්ස් ආයතනයට සුබ පැතුම්. පුද්ගලික සමාගම් තම ලාභය පමණක් නොසිතා මෙලෙස රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වීම අගය කල යුතුයි. රජය මෙවන් දායකවලට සහන දෙන්න ඕන. හැමතිස්සෙම අපි දකින්නේ ආපදා වලදී ඉදිරිපත්වෙලා ලොකු ප්‍රචාරණ වැඩ. ඒවාට වඩා මෙවන් ක්‍රියාවන් උතුම්.
රජයත් මීට වඩා පුළුල් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕන. අඩු මිලට පොහොර දුන්න පලියට ගොවියා රැකෙන්නේ නෑ.
ආණ්ඩුවට මේවගේ අවස්ථාවල ගොවීන්ට සහනයක් දීමට ක්‍රමවත් වැඩ පිළිවෙලක් තිබිය යුතුයි. මේවා අද ඊයේ ප්‍රශ්න නොවෙයි. අඩුම ගානේ මේවා මිලදී අරගෙන අර වනයෙහි ඉන්න අලි ඇතුන්ට කන්න දෙන්න බැරිද ? මේවා විසදන්න බැරි ප්‍රශ්න නෙවෙයි
ඉතාමත්ම අගනා ක්‍රියාවක්. ඒ වගේම අනෙකුත් ව්‍යාපාරිකයන්ටත් හොඳ ආදර්ශයක්. කාගිල්ස් ආයතනයටත්, අදාළ නිලධාරීන්ටත්, සුනිල් ජයරත්න මහතා ඇතුළු සියලු දෙනාටත්, ලංකාදීප පුවත්පතටත් අනේක වාරයක් ස්තුති වේවා. මෙම සත් ක්‍රියාවෙන් ගොවියන්ගේ සිත්වල තිබූ ගින්දර නිවී යන්න ඇති.
ඉතා හොද සමාජ සත්කාරයක් .
මොනවා උනත් මෙම ක්‍රියාව පිලිබදව අප එම ආයතනයට ස්තුති වන්ත වෙන්නෙමු.
මෙවැනි විශාල ආයතන වෙළඳ ප්‍රචාරණය සඳහා අති විශාල මුදලක් වියදම් කරනවා. එම මුදල් මෙවැනි සමාජ සත්කාර සඳහා යොදවන්න පුලුවන්නම් සහ මාධ්‍ය මගින් ඉහල ප්‍රචාරණයක් නොමිලේ ලබා දෙනවානම් දෙපිරිසටම ඉහල ප්‍රතිලාබ ලබා ගත හැකිය
වට්ටක්කා වලින් රම් සහා වොඩ්කා නිපදවිය හැකිය. ගොවීමහතුනී අලුත් විදිහට හිතන්න. විස්කි බ්‍රැන්ඩි වල ආරම්බය යුරෝපයේ ගොවී මහතුන්. රජය උදව් කල යුතුය.
හෙට ඉඳලා කීල්ස්, ආර්පිකෝ නොයන්නෙමි. කාගීල්ස් ෆුඩ්සිටි පමණක්ම යමි..
කාගිල්ස් ආයතනයට බොහොම පින්. ලංකාදීපයටත් ඒ පින් අත් වේ. ඔය නවගත්තේගම වට්ටක්කා රස වැඩියි. ගුණයි. තම්බලා ගම්මිරිස් කුඩු සමග පුරුදු වුනාට පස්සේ කන්න පුළුවන්. වට්ටක්කා ප්‍රවර්ධනය කිරීම වටිනවා.
දැන් කොහොමද කොළඹ හතේ නෝනලා මිදී ජෑම් ඇපල් ජෑම්, ස්ට්‍රෝබෙරි ජෑම් කියල වට්ටක්කා කනකොට. අපේ ගොවියො වට්ටක්කා ලබයි වට්ටක්කා ලාබයි කියනකොටනේ කන්න බැරි වුනේ.
කෝ මේ කෘෂිකර්ම ඇමති?
ආණ්ඩුව විදේශ අයෝජකයෝම හොයා හොයා ඉන්නේ නැතුව ලංකාවේ ක්‍රියාත්මක වන මෙවැනි ආයතන වලට ශීතාගාර පහසුකම් සහිත ගබඩා පහසුකම් ඇති කරන්න මෙම පළාතෙන් ඉඩම් ලබාදෙන්න. රාජ්‍ය බැංකු වලින් අඩුපොලියට ණය පහසුකම් වැනි ලබාදෙන්න. එතකොට මෙවැනි ආයතන අවුරුද්දෙ වරින් වර ලැබෙන එළවලු අස්වැන්න ගොවියන්ගෙන් මිලදී ගෙන ක්‍රමවත්ව වෙළඳපලට බෙදා හරිවි. මේක ගොවියා සහ පාරිභෝගිකයා යන දෙදෙනාටම සෙතක් .
සතොස ඔයිට වඩා මිල දෙගුණයකින් මිලදී ගන්න බලාපොරොත්තුවකින් සිටි බවට අසත්‍ය ප්‍රචාරයක් අපේ රටේ සමාජවාදී සහෝදරයන් පැතුරුවේ නැද්ද? කාගිල්ස් ආයතනය කර තිබෙන්නේ, ඉතාම සත් ගුණවත් ක්‍රියාවක්
කාර්ගිල්ස් ආයතනය නොවෙන්න තවත් ප්‍රවෘත්තියක් පමණක්ම වනු ඇත.
හෙට ඉඳලා කීල්ස්, ආර්පිකෝ නොයන්නෙමි. කාගීල්ස් ෆුඩ්සිටි පමණක්ම යමි. කාගිල්ස් ආයතනය කර තිබෙන්නේ, ඉතාම සත් ගුණවත් ක්‍රියාවක් .
අප රටේ ආහාර අතිරිත්තයක් තියනවානම් ලෝකයේ මන්ද පෝෂණය අතින් පස්වෙන් තැනට වැටෙන්න විධියක් නෑනේ. දියුණු රටවල්වල කෘෂිකර්මය සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාපිළිවෙත් දෙස බලන්න. ප්‍රෙයා්ජනවත් දේකට නොගෙන ආහාර අපතේ යවන ක්‍රමයක් ඒ රටවල නෑ. වට්ටක්කා උදාහරණයට කාගීල්ස් ආයතනය රජයට දීලා තියෙන්නේ හොදම මග පෙන්වීමක්. වගා බෝග මේ ආකාරයෙන් විනාශ කෙරෙන රටක කෘෂිකර්මයට ඇමතිලා අමාත්‍යාංශ හා රජයේ නිලධාරින් කුමටද? අප රටේ මේ නූගත් දේශපාලකයින්ට මග පෙන්වන්න පුලුවන් අවංක කොන්ද පණ තියෙන රාජ්‍ය නිලධාරින් පැලැන්තියක් නැති එක තමයි ප්‍රධානම ගැටලුව. අනෙක විවිධ වෘතින් වල විශේෂයෙන් වෛද්‍ය, ඉංජිනේරු, කෘෂිකර්ම හා සැලසුම් වගේ දක්ෂ හොද නිලධාරීන් හිටියත් දූෂිත දේශපාලකයින්ට කඩේයන ඔවුණුත් නොමග යවලා තමුන්ගේ මඩිය තරකර ගන්න සට කපට පරිපාලන සේවයේ අම්බරුවන් ඉවත් කළොත්නම් රට ගොඩ ගන්න පුලුවන් වේවි.
හරිම පින් ඔබලාට. ඒ ගොවියෝ කොච්චර සතුටු වෙනවාද. ඔබේ අයහනයට මෙම වට්ටක්ක විකුණා ගන්න බැරි උනත් ඔබලාට ඒ යොදවපු මුදල් කොහොම හරි ලැබෙනවා. අපේ ආණ්ඩුවට දැන් පාන්ඩුව වගේ, පුටු ටික බෙදා ගන්න පොර කනවා. වැඩි දවසක් යන්න කලින් මේක ඉට්යෝපියව වගේ වෙනවා.
හොද වැඩක්. කාගීල්ස් ෆුට් සිටි එක මිල වාසිය පරිබෝගිකයටත් දීල තියනවා. වට්ටක්කා 1 kg රු 34/=.
හැබැයි කොළඹ පැත්තේ නම් අඩුම ග්‍රෑම් 250 රු 20
හොඳ ක්‍රියාවක් . ලංකාවේ ගොඩක් අය වට්ටක්ක උයල විතරයි කන්න පුළුවන් කියල දන්නේ . සුප් හදල බොන්න පුළුවන්
කාගිල්ස් ආයතනය කල සත් ක්‍රියාව ඉතාම අගනේය.
අපේ රටට අවශ්‍ය වන්නේ හොද සැලසුමකින් දුර දිග බල කටයුතු කරන නායකත්වයක් සහ නිවරදි කළමනාකරණ හැකියාවක් ඇති ඇමති මණ්ඩලයකි .
කෝ සතොස?
සාමාන්‍යන් මම හැම සුපර් මාර්කට් එකකින්ම බඩු ගන්නවා නමුත් අද සිට මාසයක් එකදිගට කගිල්ස් යනවා.....
බොහොම ස්තුතියි කාගිල්ස් ආයතනයට හා මැදිහත් වූ රජයේ කාර්ය මණ්ඩලයට. රටක පරිභෝජනය බලද්දී කිලෝ ලක්ෂ 3ක් කියන්නේ සතොස වගේ ආයතනයකට පහසුවෙන් හසුරවගත හැකි ප්‍රමාණයක්.මේ වගේ අවස්තාවකට මැදිහත් වෙන්න සතොස වගේ ආයතනවලටත් හැකි වෙන්න ඕනි, ඊට අවශ්‍ය නීතිමය පසුබිමත් හැදෙන්න ඕනි.
සුනිල් ජයන්ත නවරත්න මැතිතුමනි ඔබට ජනතාවගේ ප්‍රණාමය! මෙරටේ පාලකයින් විය යුත්තේ ජන හද හඳුනන ඔබ වැනි අයයි.
හැමදාම අඬන හැමදාම විඳවන ඒ හැම උහුලාගෙන හැමදාම අපිට කන්න දෙන මේ අහිංසක ගොවි මහතුන්ගේ කදුළු පිසින්නට උදව් වූ හැමට අපගේ උපහාරය. මේ වගේ ප්‍රශ්නවලට මැදිහත් වෙන්න ඕන වුනාම එක ඇමතියෙක් නෑ. ඒ අතින් සුනිල් ජයන්ත නවරත්න වගේ මහත්වරු ඉතා වටිනා සම්පත්. ඔබ සැමට මේ කල පින අයිතියි. බොහොම ස්තූතියි.
ගොවියාගේ හිත මිතුරා කාගිල්ස්.
කෝ මේ දේශපාලුවෝ...?
කෝ අර කාගිල්ස් වලට කේ.එෆ්.සී බනින කට්ටිය? වට්ටක්කා ටික ගත්ත ගමන් කාගිල්ස් හොඳ වුනා. කොහොම හරි කමක් නැහැ... හැමෝ එක්කම හොඳින් සමාදානයෙන්, සමගියෙන් ඉන්නවා නම්... ඔය කොයි තැනත් වැඩ කරන්නේ අපේ ශ්‍රී ලාංකික තරුණ අයයි.
2015 ගොවියක් රජවූ බවයි.