ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා කිහිපයක ඇති වූ අනපේක්ෂිත සිදුවීම් කිහිපයක් හේතුවෙන් අද (03) ගුවන් ගමන් කිහිපයක් ප්‍රමාද කිරීමට සිදු වු බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පවසයි.
ඒ අනුව UL884 කොළඹ-මෙල්බර්න්, UL281 කොළඹ-ජෙඩා, UL314 කොළඹ-ක්වාලාලම්පූර්, UL406 කොළඹ-බැංකොක් සහ UL 604 මෙල්බන් කොළඹ යන ගුවන් ගමන් වල ප්‍රමාදයන් සිදු වී තිබේ.
මැදපෙරදිග සිට පැමිණි ගුවන් යානයේ සිටි මගියකු හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් ගුවන් යානය ඉන්දියාවේ කොචින් නුවරට ගොඩ බැස්සවීමට සිදුවීමත්, කුවේටයේ සිට පැමිණි ගුවන් යානය දූවිලි කුණාටු තත්ත්වයකට හසුවීමත් සමඟ ඉංජිනේරු සහය ලබාගැනීමට සිදුවීම සහ තවත් ගුවන් යානා දෙකක මතු වූ තාක්ෂණික දෝෂ හේතුවෙන් මෙලෙස ගුවන් ගමන් ප්‍රමාද වීම සිදු වු බව ගුවන් සමාගම සඳහන් කරයි.
මෙම ප්‍රමාදවීම් හේතුවෙන් මගීන්ට සිදුවූ අපහසුතාවය පිළිබඳ ශ්‍රී ලකංන් ගුවන් සමාගම කණගාටුව පළ කරන අතර ගුවන් ගමන් සඳහා සූදානම් වී සිටි සියලුම මගීන් සඳහා නවාතැන් පහසුකම් සහ ආහාර ලබා දීමටද ගුවන් සමාගම කටයුතු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මෙල්බන් ඉදල ශ්රීලංකා ගුවන් යානයක එන්න ඕනේ නමුත් බයයි.