IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


ගිනි අව්වේ සුවය සොයන්නෝ

(හර්ෂණ තුෂාර සිල්වා ත්‍රිකුණාමලයේ සිට)

දැඩි හිරු රශ්මියෙන් පරෙස්සම් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ (2) පළාත් කිහිපයකට අනතුරු අඟවා තිබිණි. උතුර, උතුරු මැද, නැගෙනහිර යන පළාත් ඒ අතර විය. කෙසේ නමුත් දැඩි හිරු රශ්මිය සහ රස්නය මධ්‍යයේ විදෙස් සංචාරකයන් ශ්‍රී ලංකාවේ නැගෙනිර වෙරළ තීරයේ සුන්දරත්වය විඳගන්නා අයුරු අද (3) දවස මුළුල්ලේ දක්නට ලැබිණි. 
 

සංචාරකයන් බොහෝමයක් අව්ව තපින අයුරු ද කැමරා කාචවල සටහන් විය.
ශ්‍රී ලංකාව වටා තිබෙන සංචාරය නිරන්තරයෙන් දෙස් විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂණයට ලක්වන්නකි. ශ්‍රී ලංකාවේ දකුණ සහ නැගෙනහිර වෙරළ තීරය ඒ අතරින් සුවිශේෂී වේ. දකුණේ සහ නැගෙනහිර වෙරළ තීරය ලොව සුන්දරම වෙරළ තීරයන් ලෙස ජාත්‍යන්තර සංචාරකයන් අතර ඉහළ ප්‍රසාදයක් දිනාගෙන තිබේ.
 
මාර්තු මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 707,924ක් වූ අතර එය පසුගිය වසරේ ජනවාරි සිට මාර්තු මාසය දක්වා කාලය සැලකිල්ලට ගැනීමේදී සියයට 17.4ක වර්ධනයක් යැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවල දැක්විණි.
 
ඡායාරූප ප්‍රදීප් ප්‍රතිරණ



අදහස් (6)

ගිනි අව්වේ සුවය සොයන්නෝ

සමන්ත Thursday, 03 May 2018 01:19 PM

ශ්‍රී ලංකාවට එන සංචාරකයන් අපට විදේශ විනිමය ගෙන එනවා. ඒ වගේම සංස්කෘතික වෙනස්කම්ද රැගෙන එනවා. ඒත් අපට වැරදි ඒවා වලක්වා හොඳ දේවල් ගන්න පුළුවන්. මේ තමයි දැනට අපට ඇති හොඳම විදේශ විනිමය ආදායම. ඒත් අපේ මිනිස්සු ඒක තේරුම් නොගෙන මේ කර්මාන්තය විනාශ වෙන තැනට වැඩ කරනවා. ශ්‍රී ලාංකිකයන්ගේ සිනහව ස්වාභාව ධර්මයේ දායාදයක් ලෙස ද වගේම සියලු සංචාරකයන් අගය කරද්දී නරුමයන් පිරිසක් ඒ අයට හිරිහැර, අඩම්තේට්ටම් කරනවා. වහාම මේවා නැවැත්විය යුතුයි. ඒ මිනිස්සු. හරි අමාරුවෙන් මුළු අවුරුද්දක්ම වැඩ කරලා සල්ලි හොයාගෙන විවේකයෙන් ඉන්නයි අපේ රටවල් වලට එන්නේ. එහෙම මිනිස්සු ආදරයෙන් පිලි අරන් ආගන්තුක සත්කාර කරලා යවන එකයි අපේ යුතුකම. අපේ සංචාරක හෝටල් වල තත්වයද බහුතරයක් ඉතාම අපිරිසිදුයි. අකාර්යක්ෂමයි. නිසි ප්‍රමිතියක් නෑ . ආහාර පානද එසේමයි. මේවා ලියාපදිංචි කොට අඩු පාඩු සකස් කොට ගත යුතුයි.

:       0       478

akilaFriday, 04 May 2018 03:26 AM

අපේ රජයෙන් මොනවද සංචාරකයන තවත් ආකර්ශනය කරගන්න කරලා තියෙන්නේ? මට නම් කිසිම දෙයක් පෙනෙන්න නැහැ , බලන්නකෝ මාලදිවයින් දුපත් ඒ ගොලොන්ගේ සුන්දර වෙරල තවත් ලස්සනවෙන විදියට සංචාරක හෝටල් හදල තියන් හැටි , අනික් කරණය තමයි සංචාරකයන්ට වෙන අඩත්තෙටම් 99% විතර වෙන්නේ දකුණේදී , මේගැන රජය විශේ සහ අවදානයක් යොමුකළ යුතුයි වහාම

:       0       104

Sugandhi Thursday, 03 May 2018 03:04 PM

මේ අයගේ හම හරිම සිනිදුයි. තද අව්වට ඒ අය කැමති වුනාට හරි ඉක්මනින් පිච්චෙනවා. කුෂ්ට එනවා.

:       56       17

leel gunawardena Thursday, 03 May 2018 05:23 PM

සමන්තගේ ප්‍රකාශය මමත් අනුමත කරනවා මේ තත්වය ගැන, අනිවාර්යෙන්ම සොයා බලා කටයුතු කල බව මගෙත් හැඟීමයි.

:       1       42

sumith Friday, 04 May 2018 03:08 AM

ගොඩක් රටවල් වලට ඉර පායන්නේ ටික වෙලාවක් විතරනේ , සමහර දවස්වලට කොහොත්ම නැහැ , එයාල ඔය විටමින් ලබාගන්න අව්වේ ඉන්නේ

:       33       5

Sarasi Friday, 04 May 2018 09:44 AM

මේ බවලතුන් ආරක්ෂා සහිතව නිරුපද්‍රිතව නිවාඩුව ගත කරලා රටින් පිට වෙන කන් ඇඟේ ලේ නැහැ. ඒ තරම් අපේ රට සදාචාර සම්පන්නයි දැන්...!

:       0       26

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1852 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1493 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 528 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site