(හර්ෂණ තුෂාර සිල්වා ත්‍රිකුණාමලයේ සිට)
දැඩි හිරු රශ්මියෙන් පරෙස්සම් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ (2) පළාත් කිහිපයකට අනතුරු අඟවා තිබිණි. උතුර, උතුරු මැද, නැගෙනහිර යන පළාත් ඒ අතර විය. කෙසේ නමුත් දැඩි හිරු රශ්මිය සහ රස්නය මධ්‍යයේ විදෙස් සංචාරකයන් ශ්‍රී ලංකාවේ නැගෙනිර වෙරළ තීරයේ සුන්දරත්වය විඳගන්නා අයුරු අද (3) දවස මුළුල්ලේ දක්නට ලැබිණි.
සංචාරකයන් බොහෝමයක් අව්ව තපින අයුරු ද කැමරා කාචවල සටහන් විය.
ශ්‍රී ලංකාව වටා තිබෙන සංචාරය නිරන්තරයෙන් දෙස් විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂණයට ලක්වන්නකි. ශ්‍රී ලංකාවේ දකුණ සහ නැගෙනහිර වෙරළ තීරය ඒ අතරින් සුවිශේෂී වේ. දකුණේ සහ නැගෙනහිර වෙරළ තීරය ලොව සුන්දරම වෙරළ තීරයන් ලෙස ජාත්‍යන්තර සංචාරකයන් අතර ඉහළ ප්‍රසාදයක් දිනාගෙන තිබේ.
මාර්තු මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 707,924ක් වූ අතර එය පසුගිය වසරේ ජනවාරි සිට මාර්තු මාසය දක්වා කාලය සැලකිල්ලට ගැනීමේදී සියයට 17.4ක වර්ධනයක් යැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවල දැක්විණි.
ඡායාරූප ප්‍රදීප් ප්‍රතිරණ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාවට එන සංචාරකයන් අපට විදේශ විනිමය ගෙන එනවා. ඒ වගේම සංස්කෘතික වෙනස්කම්ද රැගෙන එනවා. ඒත් අපට වැරදි ඒවා වලක්වා හොඳ දේවල් ගන්න පුළුවන්. මේ තමයි දැනට අපට ඇති හොඳම විදේශ විනිමය ආදායම. ඒත් අපේ මිනිස්සු ඒක තේරුම් නොගෙන මේ කර්මාන්තය විනාශ වෙන තැනට වැඩ කරනවා. ශ්‍රී ලාංකිකයන්ගේ සිනහව ස්වාභාව ධර්මයේ දායාදයක් ලෙස ද වගේම සියලු සංචාරකයන් අගය කරද්දී නරුමයන් පිරිසක් ඒ අයට හිරිහැර, අඩම්තේට්ටම් කරනවා. වහාම මේවා නැවැත්විය යුතුයි. ඒ මිනිස්සු. හරි අමාරුවෙන් මුළු අවුරුද්දක්ම වැඩ කරලා සල්ලි හොයාගෙන විවේකයෙන් ඉන්නයි අපේ රටවල් වලට එන්නේ. එහෙම මිනිස්සු ආදරයෙන් පිලි අරන් ආගන්තුක සත්කාර කරලා යවන එකයි අපේ යුතුකම. අපේ සංචාරක හෝටල් වල තත්වයද බහුතරයක් ඉතාම අපිරිසිදුයි. අකාර්යක්ෂමයි. නිසි ප්‍රමිතියක් නෑ . ආහාර පානද එසේමයි. මේවා ලියාපදිංචි කොට අඩු පාඩු සකස් කොට ගත යුතුයි.
මේ අයගේ හම හරිම සිනිදුයි. තද අව්වට ඒ අය කැමති වුනාට හරි ඉක්මනින් පිච්චෙනවා. කුෂ්ට එනවා.
සමන්තගේ ප්‍රකාශය මමත් අනුමත කරනවා මේ තත්වය ගැන, අනිවාර්යෙන්ම සොයා බලා කටයුතු කල බව මගෙත් හැඟීමයි.
ගොඩක් රටවල් වලට ඉර පායන්නේ ටික වෙලාවක් විතරනේ , සමහර දවස්වලට කොහොත්ම නැහැ , එයාල ඔය විටමින් ලබාගන්න අව්වේ ඉන්නේ
මේ බවලතුන් ආරක්ෂා සහිතව නිරුපද්‍රිතව නිවාඩුව ගත කරලා රටින් පිට වෙන කන් ඇඟේ ලේ නැහැ. ඒ තරම් අපේ රට සදාචාර සම්පන්නයි දැන්...!