(නිමන්ති රණසිංහ)
රගර් කී‍්‍රඩක මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනය වීමට පෙර ඔහු ලූහුබඳින සැක සහිත පුද්ගලයාගේ දේහ ප‍්‍රමාණය මූලික කර ගනිමින් නිගමනයක් ඉදිරිපත් කළ නොහැකි බවත්, ඔහුගේ දේහයේ විශේෂිත ලාක්ෂණික වෙනස්කමක් හඳුනා ගැනීමට නොහැකි වූ බවත් ආණ්ඩුවේ සැකකටයුතු ලේඛන පරීක්ෂක එස්. ඒ. බටකන්ද මහතා වාර්තා කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා ඉදිරියේ කරුණු වාර්තා කර ඇත.
විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් කරනු ලැබූ ප‍්‍රචාරයෙන් සහ මහජනතාවගෙන් ලද තොරතුරු අනුව විමර්ශනය කර හඳුනාගත් සමාන ඡායාරූප කිහිපයක් වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සැකකටයුතු ලේඛන පරීක්ෂක වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යොමු කරනු ලැබ තිබුණේ ඉකුත් ජනවාරි මස 02 වැනිදාය.
ඒ අනුව අදාළ වාර්තාවේ පිටපතක් අධිකරණයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ආණ්ඩුවේ සැකකටයුතු ලේඛණ පරීක්ෂක එස්. ඒ. බටකන්ද මහතා විසින් එවා තිබිණ.
මරණකරු වූ මොහොමඞ් වසීම් තාජුඞීන් යන අයව කොළඹ හැව්ලොක් ටවුන් හි ලාෆ් සුපිරි වෙලෙද සැල අසල සිට නුගේගොඩ දෙසට ගමන් කරන අවස්ථාවේදී ඔහුගේ මෝටර් රථය ලූහුබදින සැක සහිත නාදුනන පුද්ගලයකුගේ රුවට සමාන ඡායාරූප කිහිපයක් සම්බන්ධයෙන් මෙසේ වාර්තා කැදවා තිබුණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා සේරම බොරු කතා
23 වැනි ශතවර්ෂයේදී මේ නඩුව අහලා ඉවර කරන්න ලැබේවා කියලා මම නඩුවලට අධිපති දෙවියන්ගෙන් ඉල්ලනවා.
ඡන්දයක් ළඟ එනවා පේනවා
"අඳුරාගන්න බැහැලු", සැකයක් නේද? සැකයේ වාසිය කාටද ? එහෙම ගිහාම ඒකත් ඉවරයි වගේ නේද?
මේවා බොරු කතා.
මේකත් අන්තිමට නිකම්ම ඥානකතාවක්...
තිබෙන අනෙක් සාක්ෂි හොඳටම ප්‍රමාණවත් නේද ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගන්නවා නම්?
මම දන්නේ නැහැ මුස්ලිම් ආගමේ පුනරුත්පත්තිය විස්වාස කරනවද කියල, එහෙම නැත්තනම් තජුදීන් නැවත ඉපදිලා පෙර ආත්මේ කිව්වොත් විතරක් මිනි මරුවෝ අල්ල ගන්න පුළුවන් වේවි , මේ ආණ්ඩුව කවදාවත් මිනි මරුවෝ අල්ලන්නේ නැත
කවුරුත් දන්නවා කතන්දරේ! හෙවිල්ල කෙරෙන්නේ හෙමින් සැරේ! ඒ අහුඅස්සේ රජය පෙරලුවොත් - මිනී මරුවන්ගේ මල්ල කරේ !