(ජේ.කේ.එල් චාමින්ද සහ ඩි.ජි.සුගතපාල)
හබරාදුව දලවැල්ල වෙරළ තීරයේ අනවසර ඉදිකිරිමක් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියා ජාතිකයකු ඉදිකිරිම කරමින් සිටි බැකෝ රියදුරු බැංකෝ යන්ත්‍රය සමඟ හබරාදුව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
මෙම විදේශිකයා දලවැල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් පවත්වාගෙන යන අතර හොටලයේ පිටුපස මුහුදගොඩ කර අනවසර ඉදිකිරිමක් කරන බවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබි තිබුණි.
මෙම අනවසර ඉදිකිරිම නතර කිරිම සඳහා හබරාදුව පොලිසියේ සහාය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා තිබු අතර ඒ අනුව ඊයේ (02) කළ වැටලීමකින් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
මෙම විදේශියකයා වසර 20ක් තිස්සේ මෙරට නේවාසිකව රැදි සිටින අයකු බවද පොලිසිය කියයි. ඔහු වරින් වර ඕස්ට්‍රේලියාවට ගොස් නැවත මෙරටට පැමිණෙන අයෙකු බවද අනාවරණය වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මිනිස්සු මාළු බෝට්ටු වල නැගල පණ එපා කියලා ඔස්ට්‍රලියාවට පනින්න බලනවා. ඔස්ට්‍රලියාවේ මිනිස්සු මෙහාට ඇවිල්ල මුහුදත් ගොඩකරනවා.
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මිරිස්සේ වෙරල අයිති නැත්ද.
පුද්ගලයා විදේශිකද නැද්ද යන කරුණ අදාළ නැහැ. අනවසරයෙන් ජලාශ අවට සහ වැව් අසළ හෝටල් හදන අයටත් මේ නීතියම පාවිච්චි කරන්න.