ශ්‍රී ලංකා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සිටි ඇනකොන්ඩා පැටවුන් දෙදෙනෙකු ඉන්දියාවට ලබාදී ඇතැයි ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්සේවය වාර්තා කර ඇත.
ඉන්දු - ශ්‍රී ලංකා සත්ව හුවමාරු වැඩසටහන යටතේ පසුගිය 28 වැනිදා මෙම ඇනකොන්ඩා පැටවුන් දෙදෙනා ඉන්දියාවේ මයිසූර් සත්වෝද්‍යානය වෙත භාරදී ඇත.මෙම සත්වයින් දෙදෙනා බැංගලෝර් නුවර වෙතට යාමෙන් පසුව ඉකුත් 29 වැනිදා මයිසූර් හි චාමරාජේන්ද්‍ර සත්වෝද්‍යානයට ලබා දී තිබේ.
අඩි 6- 8ක දිගකින් යුත් මෙම අනකොන්ඩා සතුන් ගේ බර කිලෝ 15 ක් පමණ වන අතර මෙම සත්ව හුවමාරු වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ඇනකොන්ඩා පැටවුන් හයදෙනෙකු ලබාදීමට නියමිතව ඇත.
ඒ වෙනුවට ඉන්දියාවෙන් බ්ලැක් බක්ස් හා නිල්ගයි වර්ගයේ මුවන් සිව්දෙනෙකු ඉදිරියේදී ශ්‍රී ලංකාවට ලබාදෙනු ඇත.
125
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd