( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකා විදේශ සේවයට නිලධාරීන් 21 දෙනකු අලුතින් බඳවා ගනු ලැබූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙම නිලධාරී කණ්ඩායම පෙරේදා (02) කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී වැඩ භාරගත් බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරයි.
2016 ශ්‍රී ලංකා විදේශ සේවා ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව හා 2017 මාර්තු මස 17 වැනි දිනැති අංක 2011 දරණ ගැසට් නිවේදනය අනුව 2017 වසරේදී විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වු විවෘත තරඟ විභාගයක් මගින්, මෙම නිලධාරී කණ්ඩායම රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකා විදේශ සේවයට පත්කරනු ලැබූ බවද එම අමාත්‍යාංශය සදහන් කර සිටි.
අලුතින් බඳවා ගනු ලැබූ මෙම නිලධාරීන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ සේවයේ නියුක්ත කිරීමට පෙර බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය(විදේශ කටයුතු අමාත්‍යාංශයේ පුහුණු ආයතනය) මගින් සැලසුම් කරන ලද පුළුල් පුහුණු වැඩසටහනකට සහභාගී වනු ඇත. මෙම වැඩසටහනට වෙනත් අමාත්‍යාංශ හා නියෝජිතායතනවල පැවැත්වෙන පුහුණු වැඩසටහන්ද ඇතුළත් වන බව විදේශ අමාත්‍යාංශය කියයි.
අලුතින් පත්වු එම නිලධාරීන් පිරිස විදේශ අමාත්‍යාංශ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා සමග සමූහ ඡායාරූපයට පෙනී සිටි අයුරු ඡායාරූපයේ දැක්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප මෙම නිලදාරීන් සහ නිලදාරිනියන් හට සුබ පතන අතර පහත සදහන් වැදගත් කරුණු පිලිබදව මොවුනට සහ මොවුන්ව පුහුණු කරන නිලදාරින්ට කිවයුතුය. ඔබලා විදේශ තානාපති කාර්යාලවලට සේවයට යන්නේනම් විශේෂයෙන් ඔබගේ "රටවැසියන්ට නිහතමානිව" කතා කිරීමට පුරුදු පුහුණු වන ලෙස කාරුණිකව ඉල්ලන්නෙමු. මක්නිසාදයත් දැනට විදේශ තානාපති සේවයේ යෙදෙන වැඩි පිරිසක් පුදුමාකාර ආඩම්බරයකින් සහ හිස උදුම්මාගෙන, උද්දච්ච මුහුණින් යුතුව තම සහෝදර රටවැසියන් දෙස බලන්නොය. කතා කිරීමත් කිසිදු කමකට නැත. මෙය තමා තිත්ත ඇත්ත. එබැවින් අඩු තරමින් "ලාංකීය සංකේතයක් වන සිනාමුසු මුහුණින්" කතාකරන ලෙස ඉල්ලන්නෙමු. අපගේ මෙම අදහස්වලින් නිහතමානිව සේවය කරන නිලදාරීන් හට යම් සිත් තැවුලක් ඇතිවුවානම් අප කණගාටු වන්නෙමු.