උතුරු ඉන්දියාවේ රාජස්ථාන් හා උත්තර් ප්‍රදේශ් හරහා හමා ගිය ප්‍රචණ්ඩ දූවිලි කුණාටුවක් හේතුවෙන් 76 දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
විදුලි කණු, ගොඩනැගිලි හා ගස් කඩාවැටීම හේතුවෙන් බොහෝ පිරිසක් මියගොස් ඇති අතර මෙය ඊයේ (02) රාත්‍රී කාලයේ සිදුවීම නිසා අනතුරුදායක තත්ත්වය වැඩිවී ඇති බව බලධාරීහු පවසති.
ග්‍රීෂ්ම සෘතුවේ මෙම ප්‍රදේශ වල දැඩි උණුසුම් කාළගුණික තත්ත්වයක් පවතින අතර සාමාන්‍යයෙන් දූවිලි කුණාටු පැවතියද මෙතරම් මරණ සංඛ්‍යාවක් මීට පෙර වාර්තා නොවූ බව බලධාරීහු පවසති.
රාජස්ථාන් ප්‍රධාන අමාත්‍යවරයා පවසන්නේ සහන සේවා හා මුදවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි.
(බීබිසී පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මම කී සැරයක් දූවිලි කුණාටුවලට අසුවී තිබෙනවාද සව්දි කාන්තාරයේ. ඒකත් ලොකු අත්දැකීමක්