ඉන්දිකා රාමනායක සහ නිමන්ති රණසිංහ
මෙරට දී ආරම්භ කිරීමට නියමිත ව්‍යාපෘතියක් සඳහා පිටරට සමාගමකින් රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානි ආචාර්ය අයි එච් කේ මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී දිසානායක යන මහත්වරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූහ.
අල්ලස් කොමිසම මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ප‍්‍රධාන පෙළේ තරුපහේ හෝටලයක් තුළ දීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටට දෙයියංගෙම පිහිටයි
මේ වගේ පුදුම දේවල් ඉස්සර සිදු වුනාද? මැදහත් සිතින් ටිකක් හිතලා බලන්න.
ඔන්න පළමු වතාවට අල්ලස් කොමිසමට මගේ ප්‍රණාමය පුදන්න අවස්තාවක් ලැබුනා. මං හිතන්නේ සරත් ජයමාන්න මහත්තයාගේ වැඩ කිඩ මේ. ඔබට ස්තුතියි, ජය වේවා!!!
අල්ලස් හෝ දුෂණ හෝ විමර්ශන කොමිෂන් සභාව දැන් ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා. එහි සභාපතිතුමාට ස්තුතියි.
රටේ නායකයයගේ කාර්යාලයේ ප්‍රධානියා අල්ලස් චෝදනාවක් යටතේ අත් අඩංගුවට ගත්තා කිව්වම හිතට සතුටක් ඇති වුනා. ඒ මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන තත්වයක් ඇතිකරලා තියනවා කියන අදහස ඇතුව.
ලංකාවට විදේශීය යෝජනා නොපැමිණීමට එක් හේතුවක් නම් රජයේ නිලධාරීන් සහ මන්ත්‍රීවරු ආයෝජකයින්ගෙන් අල්ලස් සහ කොමිස් ඉල්ලා සිටීමයි.
මැති ඇමතිවරු අල්ලස් ගන්නේ නැතිනම් ගන්න සොච්චම් පඩියෙන් කොහොමද එයාල අවුරුදු 5ක් ඇතුලත කෝටි දහයේ පහලවේ ගෙවල් දෙක තුන හදන්නේ කෝටි පහේ දහයේ සුකෝපභෝගී වාහන හතර පහ ගන්නේ. අල්ලස් කොමිසම මේවා ගැනත් සොයා බැලුවොත් රටේ සල්ලි යටිමඩි ගහන්නේ කොහොමද කියලත් සොයාගන්න පුළුවන් වෙයි.
අල්ලස් කොමිසමට ජයවේවා !!! මීට පස්සේ අල්ලස් සිද්ධිය දැනගත්තොත් බය නැතිව කොමිසමට කියන්න. පේනවා නේද යහපාලනයේ තරම...? බඩ ගැන පමණක්ම සිතන්න එපා. දියවන්නාව පැත්තට ගියොත් 200කට වඩා අල්ලාගන්න පුළුවන්... අල්ලස් කොමිසමේ අදාල නිලධාරින්ට හිස නමා ආචාර කරමි.