මනෝප‍්‍රිය ගුණසේකර
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පවුලේ අයට වසර 3 1/2ක් පුරා ආරක්‍ෂාව සැළසු නාවික හමුදා නිලධාරීන් භාවිතා කළ තොරතුරු පොත්, ඔවුන්ගේ නිවාඩු ලේඛන ආදිය ලබාගෙන රගර් කී‍්‍රඩක මොහොමඞ් තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළව පරීක්‍ෂණ සිදුකරන බව රහස් පොලිසිය කොළඹ මහෙස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
රගර් කී‍්‍රඩක මොහොමඩ් තාජුඩීන්ගේ ඝාතන සිද්ධියට අදාළ පැමිණිල්ල කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී සිද්ධියට අදාළව සිදුකරන ලද පරීක්‍ෂණවල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය මේ බව දැනුම් දුන්නේය.
මෙහි සැකකරුවන් ලෙස නම් කර සිටින දැනට ඇප මත මුදා හැර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, නාරාහේන්පිට පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂ සුමිත් චම්පික සහ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ආනන්ද සමරසේකර මහත්වරු අධිකරණයේ පෙනී සිටියහ.
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී සිද්ධියට අදාළව කරන ලද පරීක්‍ෂණ වල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ රහස් පොලිසිය තාජුඩීන් ඝාතනය වූ 2012 මැයි මස 17 වැනිදා රාතී‍්‍ර 12.32ට මරණකරුගේ ජංගම දුරකතන අංකයට සැකකටයුතු එස්.එම්.එස්. පණිවිඩයක් ලැබී ඇතැයි ද, එය රෂ්මි ද සිල්වා නමැත්තියගෙන් ලැබී ඇති බව සිදු කළ පරීක්‍ෂණවලදී හෙළි වී ඇතැයිද දැනුම් දුන්නේය.
ඒ පිළිබඳව ඇගෙන් හා තවත් අයගෙන් ප‍්‍රකාශ ලබාගෙන පරීක්‍ෂණ සිදුකරන බව දැනුම් දුන් රහස් පොලිසිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පවුලේ අයට 2012 ජනවාරී මස පළමු වැනිදා සිට 2015 මැයි මස 30 වැනිදා දක්වා වසර 3 1/2ක් පුරා ආරක්‍ෂාව සැළසු නාවික හමුදා නිලධාරීන් භාවිතා කළ තොරතුරු පොත්, ඔවුන්ගේ නිවාඩු ලේඛන ආදිය ලබාගෙන පරීක්‍ෂණ සිදුකරන බවද දැනුම් දුන්නේය.
මේ පිළිබඳ පරීක්‍ෂණ සිදුකර දැනුම් දීම සඳහා තමන්ට කල් ලබාදෙන ලෙසද රහස් පොලිසිය ඉල්ලා සිටියේය.
කරුණ සළකා බැලීමෙන් අනතුරුව මෙම සිද්ධියට අදාළව සිදුකරන පරීක්‍ෂණ වල ප‍්‍රගතිය ලබන ජුනි මස 29 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස නියම කළ මහෙස්ත‍්‍රාත්වරයා මෙම පැමිණිල්ල එදින යළි කැඳවීමටද නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දයක් අත ලඟ
තාජුදින් නැවතත් කරලියට. අපි කන්නේ තණකොළද මන්දා
ඡන්දයක් ලග එනවෝ
ආනේ තාම හොයනවා තව අවුරුදු දෙකයිනේ කමක් නැ ඒ දෙකත් හොයන්නකෝ.
රණවිරුවනි දන්නා තොරතුරු සේරම එලියට දාන්න.
සරත් ෆොන්සේකා නීතිය හා සාමය ඇමති වුනා නම්, මෙලහට මේ ඔක්කොම හොයාගෙන අල්ලලත් ඉවරයි. කෝ එ්ත්, රටේ සහ අපේ කරුමෙට එහෙම වුනේ නැහැනේ.
තාජුඩීන් නැවත ලංකාවේම ඉපදිලා වෙච්චි දෙය කියයි .
රටේ දැවෙන ප්‍රශ්ණයක්......
මහා තාජුදීන් කථා වස්තුව.............. රිය අනතුරකින් මරණයට පත් වූ ශ්‍රී ලංකාවේ එකම තරුණයාගේ කථාව...නැවතත්ත තිරගත වේ....
කොහෝමත් සමහරුන්ට රිදෙනවා.ඔය මොකා උඩ පැන්නත්,අැත්ත දෙවියන් වහන්සේ දන්නවා..පුළුවන් නම් එයා ගෙන් බෙිරෙන්ටකෝ.