(කේ බුද්ධික කුමාරසිරි)
හංවැල්ල තුන්නාන දී ව්‍යාපාරිකයකුට පහර දුන් බව කියන සීතාවක ප‍්‍රාදේශීය සභාවේ එජාප ප්රාදේශීය සභා මන්තී‍්‍රවරයකු ඊයේ (2) රාත්‍රී සීතාවක ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු ඇතුළු සිව් දෙනෙකුට ගිනි අවියක් සහ තියුණු ආයුධ පෙන්වා මරණ තර්ජන කළැයි අද (3) පැමිණිලි කර ඇති බව පාදුක්ක පොලිසිය පවසයි.
සැකකාර එජාප ප්රාදේශීය සභා මන්තී‍්‍රවරයා තවත් පුද්ගලයකු සමඟ සීතාවක ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ හිටපු සභාපතිවරයාගේ නිවසට පැමිණ කඩුවක් වැනි තියුණු ආයුධ පෙන්වමින් තමා ඇතුළු ප‍්‍රදේශයේ තවත් පුද්ගලයින් පස් දෙනෙකු මරා දමන බවට තර්ජනය කර තිබේ.
එවිට බිරිඳ හා දරුවන් එක්ව තමන්ව ඇදගෙන ගොස් නිවසෙහි කාමරයක සඟවා තැබූ බැවින් තම ජීවිතය බේරා ගැනීමට හැකි වූ බව සභාපතිවරයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd