බිඟුන් මේනක ගමගේ
ඌව පළාත් මහ ඇමැතිවරයාගෙන් බදුල්ල දෙමළ විද්‍යාලයේ විදුහල්පතිනියට කලක් තිස්සේ බලපෑම් එල්ල වී ඇතැයි පාර්ලිමේන්තුවේ අධ්‍යාපන ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් පත්කෙරුණු අනුකමිටුවක වාර්තාවේ නිරීක්ෂණවල සඳහන් වේ.
ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතාගෙන් බදුල්ලේ දෙමළ විද්‍යාලයේ විදුහල්පතිනියට බලපෑම් එල්ලවීදැයි සොයාබැලීමට විමර්ශනයක් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අධ්‍යාපන ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් මෙම අනුකමිටුව පත්කෙරුණු අතර මේ වනවිට එම වාර්තාව එම කාරක සභාවේ සභාපති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතාට බාර දී ඇත.
සිදුවීමට අදාළ පාර්ශ්ව කැඳවා සාක්ෂි ලබාගනිමින් හා රාජ්‍ය ආයතන මගින් සිදුකෙරුණු පරීක්ෂණ වාර්තා අධ්‍යයනය කරමින් මෙම වාර්තාව සකස් කළේ යැයි අනුකමිටුවේ සභාපති ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.
ඒ අනුව අදාළ වාර්තාව පාර්ලිමේන්තුවේ අධ්‍යාපන ආංශික අධීක්ෂණ කාරක සභාවේ වැඩිදුරටත් සාකච්ඡාවට ගෙන ඉක්මණින්ම කතානායකවරයාට යොමු කෙරෙනු ඇතැයි ද ජයතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි ඇමතිකම් දියයුත්තේ උගත් අයටයි.
එකනේ කියන්නේ. වාර්තාව නිර්දේශ කරලා ඇති අධ්‍යාපන ඇමතිකම දෙන්න.
අධ්‍යාපනය කෙසේවෙතත් සෞඛ්‍ය ඇමතිකම දුන්නට කමක් නැහැ, මෙයාගේ ශරීරයේ size එකේ හැටියට.