(මුදිතා දයානන්ද)
‘කෘෂිකර්ම අමාත්‍යංශයට හොඳම තැන කලින් අමාත්‍යංශය තිබු ගොඩනැගිල්ලයි. ඒ ස්ථානයටම නැවත අමත්‍යාංශය ගෙන යාමට උපරිම උත්සාහ කරනවා‘ යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (03) පැවසීය.
අමරවීර මහතා එසේ පැවසූයේ නව කෘෂිකර්ම ඇමතිවරයා ලෙස සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. එම ප‍්‍රශ්නයෙන් ඉදිරිපත් වුයේ කෘෂිකර්ම අමාත්‍යංශය දැනට පවත්වාගෙන ගොඩනැගිල්ලට අදාල ගිවිසුම්ගත කාලය අදින් (03) අවසන් වන බැවින් එහි කාලය දීර්ඝ කරගන්නවාද නැත්නම් හිටපු තැනට ආපසු යනවාද යන්නය. එයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා තවදුරටත් මෙසේද පැවසීය.
ගිවිසුම් කාලය අවසන් විම ගැන මට කියන්න බැහැ. මොකද තවම මට ඒවා ගැන සොයන්න වෙලාවක් ලැබුණේ නැහැ. කොහොමත් මට සැප ගොඩනැගිලි අවශ්‍ය කරන්නේ නැහැ. මට නෙවෙයි දුමින්ද ඇමතිතුමාටත් එහෙම ඕන කළේ නැහැ.
කථානායකතුමාගේ ඉල්ලීමක් අනුව ආංශික කාරක සභා සඳහා තමයි කලින් තිබූ තැන දීලා මෙතනට එන්න සිදුවුණේ. එහෙත් ඒ කාරක සභා සඳහාත් එම ගොඩනැගිල්ල එතරම්ම අවශ්‍ය නැති බවයි මට දැනෙන්නේ. මම උපරිම උත්සාහ කරනවා මේ අමාත්‍යංශ්‍ය නැවත එතනටම ගෙනයන්න.
ඡායාරූප - චතුර එස් කොඩිකාර




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ අපි අවුරුදු ගණන් දරුවෝ බිරිඳ නොදැක දුක් මහන්සියෙන් රටට විදේශ විනිමය හොයලා දෙන්නෙ. මේ ගොඩනැගිල්ට ගෙවුනු වසර තුනට ගෙව්වෙ අපේ බදු මුදල් නේද මේ මහජන මුදල් අවභාවිතයක් නෙමෙයිද? අහෝ දුකකි
ඇමතිවරු මාරු කරන විදිහටයි අමාත්‍යාංශ ගොඩනැගිලි මාරුකරන විදියටයි බැලුවහාම රටේ වැඩක් කරන්න කාලයක් ඉතිරිවෙන්නේ නැහැ.
ඕකනේ දැන් රටේ කෘෂිකර්මයේ තියන ප්‍රධාන ප්රශ්නය.
කෘෂිකර්ම අමාත්‍යංශය පරණ තැනට නොව මහා පරාක්‍රමබාහු යුගයට ගෙනියන්න. පෙරදිග ධාන්‍යාගාරය බවට නැවත යොමු කරන්න. බතක් නොඉදෙන හැම දුගියකුගේම නිවසක බතක් ඉදෙන යුගයක් කරන්න.