(මහින්ද නිශ්ශංක)
ලොකු ලූනු සහ අර්තාපල් ආනයනය කිරීමේදී පනවා තිබු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි නැවත පෙර තිබු රුපියල් 40 දක්වා වැඩිකර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.
දේශිය ගොවියා ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙම බදු වැඩි කිරීම සිදු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ බංගලාදේශේ අල කිලෝ එකක් ලංකාවේ සල්ලි වලින් රුපියල් 25ක් වගේ වෙන්නේ. ලොකු ළූණු කිලෝ එකක් රු 28ක් වගේ වෙන්නේ. ලංකාවේ මිනිස්සු කාලා බීලා ඉන්නේ කොහොමද?
දේශිය ගොවියා ආරක්ෂා කරන්න ආහාර ආනයනය සම්පූර්ණයෙන් නතර කරන්න. ආහාර පාන සදහා යන විදේශ විනිමය අපට කොපමණ ඉතිරි කරගන්න පුලුවන්ද ? අමාත්‍ය මණ්ඩලය ඉන්නේ මේවා පාලනය කරන්න නේද?
අපේ රටේ ආනයන ප්‍රතිපත්තිය වැරදි. අල ලුණු ආනයනය සම්පුර්ණයෙන්ම නැවතිය යුතුය. රටේ මිනිස්සු කැමති දෙයක් නිර්මාණය කරගනීවි. උදාහරණයක් විදියට අපේ රටේ ඕන තරම් අලවර්ග තියෙනවා අපි ඒවා කමු. අපරාදේ ජාතික ධනය විනාස කරන්නේ. අල ලුණු නැති වුනා කියලා මිනිස්සු මැරෙන්නේ නැහැ. රටේ පාලකයනුත් රටේ ඉන්න මිනිස්සුන්වත් රට ගැන ආදරයක් නෑ. රට පලනය කරන්න ඕනේ උගත්තු පමණි. අනිත් අතට රටේ තිබිය යුත්තේ පක්ෂ දෙකකින් පමනි. රටේ මිනිස්සු සියල්ලම මේ පක්ෂ දෙකට ගොනුවිය යුතුයි. රටේ ප්‍රශ්න මෙම පක්ෂ දෙක ඇතුලත සංවාද කරලා පක්ෂේ ප්‍රතිපත්ති සකස් කල යුතුයි.
කිසි දැක්මක් නැතුව කරන මේ වගේ වැඩ දැක්කම කියන්න තියෙන්නේ අතීසාරෙට අමුඩේ ගැහුවා වගේ නැතුව වෙන මොනවද? රට සංවර්ධනයට බුද්ධිමත් ක්‍රියා ශුර පාලකයින් යොදා නොගෙන මේ කරන වැඩ දැක්කම කියන්න වචන නෑ...!
හැමදේටම බදු ගහන්නේ ජනතාවගේ සුභ සිද්ධියටනේ
රටේ මහජනතාව ගැන සිතා මේ බදු මුදල් අඩු කල යුතුයි. නැතිනම් මහජනතාවගෙන් නියම පිළිතුරු ලැබෙන දිනය වැඩි දුරක නොවනු ඇති. ගොවියන්ගේ අකාර්යක්ෂමතාවයට මහජනතාව වැඩි මුදලට ගැනීම වසරේ හොඳම විහිළුව වනු ඇති. කල යුත්තේ කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ඔවුන්ගේ ඵලදාව වැඩි කර ගැනීමට උදවු කිරීමයි.
දේශිය ගොවියා ආරක්ෂා කර ගැනීමේ අරමුණ කොහොම වෙතත් අපි අල කෑම ටික කලකට හෝ නවතා දමනවා. ළූණු පාවිච්චියත් අඩු කරනවා.
දේශීය ගොවියා රැකගන්න කල යුතු අඩු පිරිවැය නිෂ්පාදන ක්‍රමවේද හඳුන්වා දීමයි. අපේ රටේ ඒවා කරන්නැත්තේ ආනයනය කිරීමෙන් තමන්ට ලැබෙන කොමිස් කුට්ටි නොලැබී යන නිසයි.