( ජේ.කේ.එල් චාමින්ද සහ අහංගම සුමතිපාල දියගහගේ)
ගිංතොට තුනිලෑලි පෞද්ගලික සමාගමේ සේවකයින්ට මාස දෙකක වැටුප් ලැබි නොමැති බව එම සේවකයෝ පවසති.
මාර්තු හා අප්‍රේල් යන මාසවල වැටුප් නොලැබුණු බව පවසන එම සේවකයෝ මේ හේතුවෙන් ඔවුන් දැඩි අසරණ තත්වයට පත්ව ඇතැයිද සඳහන් කරති.
කම්කරු කාර්යාලයට ගොස් පැමිණිලි කළද එහෙත් කිසිදු ප්‍රථිපලයක් අත් නොවු බව පවසමින් සේවකයෝ 200 ක් පමණ උද්ඝෝෂණයේ නියැලුණහ.
මේ සම්බන්ධයෙන් කම්හලේ නිෂ්පාදන කළමනාකරුගෙන් දුරකතනයෙන් විමසුවිට කියා සිටියේ කම්කරු කොමසාරිස් සමග සාකච්ඡා කර මාර්තු මාසයේ වැටුප් ගෙවිමට එකඟතාවයට පැමිණි බවයි.ඒ අනුව මාර්තු මාසයේ වැටුප මේ මාසයේ ගෙවන බවද ඔහු පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කම්කරු කොමසාරිස් කාර්යාලට ගියාට එච්චර පලක් වේවි කියලා හිතන්න අමාරුයි. හුඟක් නිලධාරින් ගන්නේ අනිත් පැත්ත. එහෙන් වාසි ලැබෙනවනේ!