නිමන්ති රණසිංහ සහ ජයමාල් චන්ද්‍රසිරි
කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනැගිලි පවරා දීමට අනුමැතිය ලබා දීමට පෞද්ගලික සමාගමකින් අල්ලස් වශයෙන් රුපියල් කෝටි 54ක් ඉල්ලා ඉන් රුපියල් කෝටි දෙකක් ලබා ගත් බව කියන ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාම මහතා සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී දිසානායක මහතා ලබන නව වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
කොළඹ හෝටලයකදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මධ්‍යම රාත්‍රී 12ට පමණ මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසට ඉදිරිපත් කරනු ලැබීය.
මෙම සිද්ධියට අදාළව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ නො. 27/9, රොස්මිඞ් පෙදෙස, කොළඹ 07 ලිපි නැති එම්. ජී. ෂුගර් ලංකා පුද්ගලික සමාගමේ ප‍්‍රධානී කොටහා රාලහල්ලී කොඩි ඩප්පයියා නඩරාජා නැමැති ඉන්දීය ජාතිකයා විසිනි.
ශි‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්. ජී. ෂුගර් පුද්ගලික සමාගම වෙතට රජය මගින් පවරා දී ඇති කන්තලේ සීනි සමාගමකට අයත් යන්ත‍්‍ර සුත‍්‍ර සහ ගොඩනැගිලි පවරා දීම සදහා අනුමැතිය ලබා දීමට අල්ලස් වශයෙන් රුපියල් මිලියන 540 ක් ඉල්ලා එය රුපියල් මිලියන 100 ක් දක්වා අඩුකර අත්තිකාරම් වශයෙන් රුපියල් මිලියන 20 ක් අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත්තේ යැයි සැකකරුවන් දෙදෙනාට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා නගා ඇත.
ආචාර්ය අයි එච් කේ මහානාම මහතා මීට පෙර ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයතු කර ඇත.


(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිට පෙර ගත්ත ඒවත් සොයා බලා ඔක්කොම රාජසන්තක කර දඩුවම් දෙන්නයි ඕන.
මේ මහත්වරු දෙදෙනා නිදහස් කරන්න,
කෝටි පනස් හතරක්? අනේ මේ හොරු අල්ලන්න. පින්සිදුවෙයි.
මිනිසුන්ගේ අවංක භාවයට වටිනාකමක් තිබෙනවා කියලා මම කියන්නේ ඔන්න ඔය නිසයි. රුපියල් ලක්ෂයක අල්ලස නොගෙන අවංකභාවය පෙන්වන මිනිස්සු රුපියල් කොටි 2ට යට වෙනවා. ඉතින් එයාලගේ අවංකභාවයේ වටිනාකම කෝටි 2 යි. හැබැයි එයාලා මහත්වරු. රු 5000කට අල්ලස අරන් අසුවන කෙනා නිකම්ම නිකන් පුද්ගලයෙක්...
ජනාධිපති තමන්ගේ සේවය සඳහා ලංකරගෙන ඉන්න අයගේ තරාතිරම මේවයින් පේනවා. හෙනගහල යකඩ ගිනිගත් තැනක... පුළුන් ඉතිරිවෙලා තියනවද කියා බැලීම නිෂ්ඵල ක්‍රියාවක් බවට තවත් හොඳ උදාහරණයක් තමයි මේක...
දූෂණය පටන් ගන්නේ කොතන ඉඳලද කියලා මේකෙන් පේනවා.
අනේ අම්මපා මේ අයට විලි ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද?
දැව සංස්‌ථාවේ සභාපතිවරයා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ලේකම්වරයකු නේද? මදැයි කට්ටිය පිරිසුදු පාලනයකට බලයට අාවා..
එතකොට ආයෙත් විශ්වාසභංගයක් එනවද?
ලේකම්ලා බහුතරයකගේ වත්කම් බැලුවොත් පෙනෙයි මෙයාලගේ රංගනය කොහොමද කියලා. කොහොම වෙතත් මෛත්‍රී ජනාධිපති කලින් හොරු රැක්ක මහින්ද හෝ හොරු හංගපු රනිල් වගේ නොවීම ගැන සතුටු වෙන්න ඕනේ. කෙසේ වෙතත් අපිට ඕනේ ප්‍රතිඵල, නාට්‍ය නෙවෙයි !!!
බෙදා හදා ගෙන කන කෑමක් බව සිතිය හැකිය. මෙච්චර කාලයක් තව කොච්චර ගසා කන්න ඇද්ද? මේ කේස් එක ලොක්කා බේරා ගනීවි කියලා හිතෙනවා. කාර්යක්ෂම නිලධාරීන් නැතුව සංවර්ධනය වෙන්න බැහැනේ!
මෙවන් ජාතික අපරාධ කරන අයට දැඩි දඩුවම් දිය යුතුයි. අවසානයේ වෙන්නේ මොකද්ද කියල මාධ්‍ය අවධානයෙන් සිටිය යුතුයි. සත්‍ය මහජනතාවට හෙළි කල යුතුයි.
හරි හෝ වැරදි හෝ සිල් රෙදි ටික නම් අඩු ගානේ අනුන්ට දුන්නේ. මේ තමන්ටනේ දීගන්නේ.
මේ වගේ අය ඉන්නකම් රටක් සංවර්ධනය කරන්නේ කොහොමද? රාජ්‍ය සේවයේ ඉන්නකම් පගා ගහලා විශ්‍රාම ගිහිල්ලත් දූෂිත දේශපාලකයින්ගේ කරේ එල්ලිලා ආපහු සභාපතිකම් අරගෙන කරන නිර්ලජ්ජිත වැඩ මේවා. අනිත් සියලුම හොරුන්ට දැනෙන්න උපරිම දඩුවම් දෙන්නට දෙන්න රටේ නීතියට හැකි වුණොත් රටේ ස්වාධිපත්තිය ගැන ජනතාවට යම් තරමින් හෝ බලාපොරොත්තුවක් තියා ගන්න පුලුවන්.
මේ පුරුදු එකමත් එක රටක රජ සමයක පුරුදු පුහුණු කරපු දේවල් . ඒවාට තමය් අපි දැන් බදු ගෙවන්නේ . දැන් මේවා නතර කරන්න බැහැ. තවමත් රජයේ කොන්ත්‍රාත් , වෙනත් දේවල් වලින් මෙවැනි දුෂිත ක්‍රියා වෙන්නේ පවුල් වලින් .
පවු අල්ලස් කොමසාරිස් ,යන්න තැනක් හොයාගන්න වෙයි.
අපරාදේ කියන්න බැ මිනිස්සු දැන් බය නැතුව හොරු අල්ලලා දෙන්න ඉදිරිපත් වෙනවා, පහුගිය ආණ්ඩුව කාලේ මොනතරම් ඔය වගේ හොරු ඉන්න ඇද්ද , ඒවා අල්ලන්න කව්රුවත් නැහැ නේ , අන්තිමට තව ටික දවසකින් පහුගිය ආණ්ඩුවේ හොරුම රජ වේවි
ලැජ්ජය් මහත්තුරුනේ. මෙච්චරකල් ඉහලින්ම වැජබුනේ ඔය වැඩවලින්ද. හත්මුතු පරම්පරාවටම හම්බකරලා නේද ?
මහින්ද ආවානම් සභාපතිගෙන් අල්ලසක් අරගෙන මිනිහව නිදහස් කරයි...
හම්බන්තොට වරයා වගේ ලඟදි විකුනපු ගේම් ගැනත් බලන්න ඕනි
ජනාධිපතිතුමාගේ කඩුව කැපෙවිද කියල බලමුකෝ.බලයට ආව දවසේ ඉදන් මුවහත් කරනවා විතරනේ.මුවහත් කරලම දැන් මිට හරියටම ගෙවිල තියෙන්නේ.අප්පුහාමි මහතා කියනවා වගේ සියලු වත්කම් රාජසන්තක කරලා, ජීවිතාන්තය දක්වා සිරගත කරන්න ඕනි අනිත් හොරුන්ටත් දැනෙන්න.
ජනාධිපති කාර්ය මණ්ඩලය රටට දිල තන අදර්ශය නියමයි. යහපාලනය ?
ප්‍රධානින් දැන් අල්ලසේට පුරුදු වෙලා
කෝටි 54 ක් ඉල්ලා තියෙන්නේ මේ දෙන්නට විතරක් වෙන්න බෑනෙ.... ඕකෙ මහ මොලකාරයෙකුත් ඇති.... ඒවා ඉතින් එලියට එන්නේ නෑ කවදාවත්....
පරිපාලන සේවය වගේ ඉහල සේවාවන් වලටත් මුන් වගේ නිලධාරින් පිළිලයක්. රටේ අහිංසක ජනතාවට සේවයක් සපයන්න දිවුරුම් දිල උන්ගේ ඊඩිමාංශ උරා බොනවා. නිලධාරියො වගේම දේශපාලුවොත් එකෙක් දෙන්නෙක් මේවගේ අල්ලස් ගන්නකොටම අත්තඩංගුවට ගත්තනම් මේ රට අද අගාධයට යන්නේ නෑ. නියපොත්තෙන් කඩන්න තියන දේ පොරොවෙන් කපන්න වෙනකම් ඉන්න එකයි ලංකාවේ දුර්වලකම
පේනවනේ මුහුණු වල තියෙන හඩු පාට. මේක මේ පලවෙනි අල්ලස වෙන්ට බැහැ. ජනපතිගේත් පටි රෝල් නේද? මට පුදුම රටේ ජනතාව මේ ක්‍රමයට විරුද්ධව නැගී සිටින්නේ නැති එක.
රාජකාරි නියමලෙස ඉටු කිරීම ගැන අල්ලස් දෙපාර්තමේන්තුවට ස්තුති කලයුතුයි.
මේ වැදගත් මහත්වරු දෙන්නෙක්. යහපාලන රජයේ හොරු නැහැ.
අපේ උත්තමාචාරය අල්ලස් කොමිසමට.
මේ වගේ අයගෙන් නඩු අහල වැඩක් නෑ. දේපොල රාජසන්තක කරන්න ඕනි. එච්චරයි.
කෝටි 54 ක අල්ලසක් ඉල්ලන්නේ මේ නිළධාරියාට විතරක් වෙන්න බෑ. ඒ ගැනත් හෙව්වොත් හොදයි කියලා හිතෙනවා. ඉන්දීය ජාතිකයෙක් නිසා පැමිණිලි කරා. ලංකාවේ කෙනෙක්නම් කප්පම දීලා වැඩේ කරගෙන...
කන්තලේ සීනි සමාගම ඉන්දියානු සමාගමකට දෙන්න කැබිනට් තීරණයක් ගැනීම සදහා රටේ ඉහලම නායකයෙක් කෝටි 54 ක් ඉල්ලලා, කෝටි 10 කට එකඟ වෙලා, ඇඩ්වාන්ස් කෝටි 2ක් ගනිද්දී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ දැව සංස්ථා සභාපති අල්ලස් නිලධාරීනට කොටු වුන බව අපි දැක්ක වෙනත් පත්තරවල, පැහැදිලිවම කැබිනට් තීරණ ගන්න නිළධාරින්ට බැහැ. මේ නිළධාරින් මෙහෙයවලා තියෙන්නේ දේශපාලන නායකයෙක්. ඔහුවයි අල්ලන්න ඕන
පරිපාලන සේවයේ අවුරුදු කීයක්ද? දැන් ඉතින් විශ්‍රාම වැටුපට මොකද වෙන්නේ? තණ්හාය ජායති සෝකෝ. හොඳ පාඩම්, හොඳ පාඩම් අනික් අයට හොඳ පාඩම්.
ආචාර්යවරු කියන්නේ මොනතරම් උසස් උගත් අයද? මේ අය මෙහෙම ජනාධිපති ලංග ඉඳලා මෙහෙම හොරකම් කරනවානම් රටට දෙවියන්ගේම පිහිටයි. මේගොල්ල ජනාධිපතිගේ අඟේ ඉදන් කන කාලා.
මෙතරම් උගත් මිනිසුත් මේවගේ වැඩ කරනවානම් අන් අය ගැන කවර කතාද.?
අපෙන් බදු ගහ ගහ හොරකමේ යන යන අයට කවදාවත් හොඳක් වෙන්නේ නැහැ.
අර්ජුන් මහේන්ද්‍රන් අල්ලන්න මේ මිලියන 20 ගත්ත දෙන්නා වගේ උන්නන්දුවක් තිබුනා නම් තමයි හොඳ.
ඉන්න තැනක්වත් නැති කී දෙනෙක් මේ රටේ ඉන්නවද අපේ පඩිය කීයද අපි හොරකම් කරලා නැහැනේ...
බොහොම හොඳයි? අවුරුදු මිලියන් එකකටවත් අච්චු කරයි.
හක්කෙ බුදු රැස් බොක්කෙ දඩ මස්. අැත්තටම පාලකයින් කාගෙ වලද මේ කපන්නේ?
මේ එකමත් එක රජ සමයක් නොව, එකමත් එක රැජිනියකගේ කාලේ අයයි... තවමත් ඖෂධ ව්‍යාපාරයට පවා මේ මහත්තයා උදව් කරන්නේ ඒ රැජින තමයි.
එතකොට කවුද හොරා !!!
දැන් අර්ජුන් මහේන්ද්‍රන් කියන කෙනා ගැන කතාවක් නැද්ද? මාධ්‍යය ඒ ගැන කතාකරන්න ඕනේ... අනෙත් රටවල මාධ්‍යය තමයි ගොඩක් වංචා, දූෂණ හෙළිකරන්නේ. ඒවාට දඬුවම් දෙනකන් පස්සෙන් ඉන්නේ...