(ටී.කේ.ජී.කපිල )
රත්තරන් කුට්ටි 16 ක් තම කලිසම් සාක්කු වල සඟවා ගෙන, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට තැත් කළ, ඉන්දීය ජාතික ගුවන් මගීන් සිව් දෙනෙකු, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
මෙහි වටිනාකම රුපියල් එක් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දෙදහස් දෙසිය හැත්තෑවක් (1,13,72,270) කි.
මෙම ඉන්දියානු ජාතිකයන් සිව් දෙනා අවුරුදු 30,27,43 සහ 30 යන වයස්වල පසු වන්නෝ වෙති.
මොවුන් ඇද සිටි දිගු කලිසම්වල සාක්කුවල මෙම කහ රත්තරන් කුට්ටි 16 සඟවා ගෙන තිබූ අතර ඒවායේ මුළු බර කිලෝ ග්‍රෑම් 1 යි , ග්‍රෑම් 660 ක් බව රේගුව පවසයි.
මෙයින් එක් අයකුගේ කලිසම් සාක්කුවක රත්තරන් කුට්ටි 8 ක් ද , අනෙක් තිදෙනාගේ සාක්කුවල ඉතිරි රත්තරන් කුට්ටි 8 ද සඟවා ගෙන තිබී ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ මෙයාලගේ මහන්සියයි සල්ලි ටිකයි. ඕවා සාක්කුවේ ගෙන එන්නේ නැතුව බැගේජ් එක අස්සේ ගහගෙන ආවනම් එන සෙනග හැටියට බලන්නේ නැහැ.