(මනෝප්රිය ගුණසේකර )
පසුගිය ජනාධිපතිවරණ සමයේ දිවි නැඟුම සංවර්ධන දෙපාර්මේන්තුවේ අරමුදලේ මුදල්වලින් රුපියල් දෙකෝටි අනූ හතර ලක්ෂයක් මුදලක් වැය කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව යෙදු ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කළ බවට හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සහ දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් කිත්සිරි රණවක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය ලබන ජුලි 17 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (04) නියෝග කළේය.
මෙම නඩුව කැඳවු අවස්ථාවේ විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටි අතර මෙම නඩුව විභාගයට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කර ඇති නියෝගය ලබන 10 වැනිදා දක්වා වලංගු වන බව පවසමින් මෙම නඩුව කල් තබන්නැයි කළ ඉල්ලීමකට අනුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක පුදුම රටක් රට සල්ලි කබාසිනා කරන්න හොඳයි. දඬුවම් දෙන්න බෑ. වසර ගානක් පුරා මේවා කල් දානවා.
මෙහෙම කල් දාන්න ගියොත් කවදද අහන්නේ ආපහු රාජපක්ෂලා බලයට ආවමද ?
මේක යහපාලනය?
අපේ රටේ අධිකරණය මේ වගේ අයට මාරම ස්වාධීනයි නේද?
මේ ආණ්ඩුව මගිනුත් ලිත් මුද්‍රණය කරලා තිබුණනේ දෙන්නගේ මූණු දාලා.
ඔය ඔක්කොම නඩු ලක්ෂ 20, 30 වගේ ඒවා.. අර්ජුන් මහේන්ද්‍රන්ගේ නඩුවට මොකද වෙන්නේ..? තමන්ගේ පැත්තේ ඉන්න හොරු කාටවත් දඬුවම් දුන්නද? හිරේ දැම්මද? එ්කයි මිනිස්සුන්ට විශ්වාසක් නැත්තේ...
මේ උසාවියේ දේවල් හැමදාටමත් කල් යන එක තමයි වෙන්නේ...
ශිෂ්ට සම්පන්න රටවල මෙවන් දුෂණයන්ට පෙළබී අසුවුනොත් දේසපාලනය කිරීම තියා වගකිවයුතු රැකියාවක්වත් කරන්න බැරි ලෙසට බ්ලැක් ලිස්ට් කරනවා. එකට අපේ රටේ
රසික උන්නැහේ හොඳට හොයලා බලන්න.. ඕවා ලක්ෂ 20 - 30 පිල්ලි ගැහිලිද කියලා! මහබැංකු හොරුන්ටත් දඬුවම් දිය යුතුයි, තමා. එ්ත් මේවා උසාවියට ඉදිරිපත් වුණ නඩු. මෙහෙම කල් දමන්න ගියොත් මේවා කවදාවත් ඇහෙන එකක් නැහැ! පහුගිය ආණ්ඩුවේ අයියලාගේ හොරකම් ගැන ඔහෙලා වගේ මිනිසුන් හිතනවා ඇත්තේ ජාතික සංවර්ධනේ අවශ්‍යතා හැටියට වෙන්න ඇති. කොයි පැත්තේ වුණත් අපි හිතන විදිහට නම් හොරා හොරාමයි. ඔවුන්ට දඬුවම් ලැබිය යුතුයි. මේවා ඔක්කොම ඩීල් !!!
නීතීඥ නාගානන්දන් කොඩිතුවක්කු මහතා... නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මිය හා ගරු රන්ජන් රාමනායක මහතා ප්‍රසිද්ධියේ අධිකරණය ගැන කියන කතා සත්‍ය බව අපට ඒත්තු යමින් පවතී. මහ ජනතාවගේද, පාට කණ්ණාඩි තුළින් හා වපර ඇසින් බලන අයගේ ද ඇස් පෑදේවා... යූ ටියුබ් බලත්වා !!! තත්වය අවබෝධ කැර ගැනීමට තරම් නැණැස පෑදේවා !!! තක්කඩියන් ඉතිරි අවුරුදු එකහමාර තල්ලු කර ගැනීමට වෙහෙසෙන්නේ කෙසේදැයි බලත්වා.