( මනෝප්රිය ගුණසේකර )
බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ සිසුන් බඳවා ගැනීමට එරෙහිව විශ්ව විද්‍යාල සිසුන් පසුගියදා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට කළ උද්ඝෝෂණයට සම්බන්ධ බව කියමින් අත්අඩංගුවට ගත් කවටයමුණේ සද්ධාතිස්ස හිමි ඇතුළු සරසවි සිසුන් 10 දෙනකු ඇප මත මුදා හැරිමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (4) නියම කාළේය.
රුපියල් 10,000 ක මුදල් හා රුපියල් ලක්ෂ 5 බැගින් වටිනා ශරීර ඇප මත සැකකරුවන් සියලු දෙනා මුදා හැරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල ලබන ජුනි 6 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස ඔවුන්ට නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ කව්ද බුද්ධ දර්ශනය පිළිපදින්නේ...? මහනායක දෙපළ අන්ධ, ගොළු, බිහිරියි. බොරුව කරන්නේ දේශපාලකයන් වගේම..! ඔය අය නිදහස් කළ එකනම් හොඳයි. නිකම් කන්න දිදී කූඩුකර තියාගන්නවට වඩා... අනිවාර්යයෙන්ම "ඔය මුදල් ඇපය රුපියල් ලක්ෂය දක්වාවත් වැඩි වෙන්න ඕනෑ..! එවිට මොවුන් මේ නැවත නැවතත් කළ පුරුදු පීඩාකාරී පිළිවෙත් අඩුවෙනවා මයි...! නැත්නම් දැනටමත් තක්කඩි පෙරකදෝරුවන්ගේ ගොන් තර්ක හා ඒවා පිළිගන්න නඩුකාරයින්ගේ සමහරක් තීන්දු නිසා අධිකරණය තවතවත් අපකීර්තියට පත්වෙයි.
ඇයි රුපියල් 10,000 ක්... මේ ළමයි සල්ලිකාරයින් නොවෙයි. හැබැයි සමහර කෝටි ගණන් වංචාවලට ශරීර ඇප පමණයි.