සුජිත් හේවාජුලිගේ
රාජ්‍ය නර්තන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙථම් පොකුණ රඟහලේදී අද (04) පස්වරුවේ පැවැත්විණි.
රාජ්‍ය නර්තන උළෙල සඳහා පැවැත්වු නර්තන තරඟයේ ජයග්‍රාහනය කළ නර්තන කණ්ඩායම් හා නර්තන ආචාර්යවරුන් රැසක් මෙහිදී සම්මාන හා විශේෂ ත්‍යාගවලින් පිදුම් ලැබුහ.
නර්තනය වෙනුවෙන් කළ විශිෂ්ට සේවය වෙනුවෙන් නර්තන ආචාර්යවරුන් දෙදෙනකු මෙහිදී ජිවිතයේ එක් වරක් ප්‍රධානය කෙරෙන නර්තනතිලක සම්මානයෙන් එස්.පී. කවිසේන මහතා සහ ප්‍රවීණ නර්තනවේදීනී වසන්ති කුංචිදපාදම් මහත්මිය පිදුම් ලැබූ අතර ජනාධිපතිවරයා අතින් එම සම්මාන පිළිගැන්වීම සිදුවිය.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව , රාජ්‍ය නර්තන උපදේශක මණ්ඩලය හා උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය උත්සවය සංවිධානය කළේය.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නැටුවා ඇති. රට හදන්න ඕනෙම නැද්ද ?
රෝමේ හිටපු නීරෝ වාගේ ඇරපු අතක් නැහැ.