විනීතා එම් ගමගේ
ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම යටතේ වෘත්තිය වේදියෙකුට මෙරටට පැමිණිය හැක්කේ එම ගිවිසුම යටතේ පැමිණෙන ආයෝජන ව්‍යාපෘතින් සඳහා කෙරෙන පත්වීමක් ලෙසින් පමණක් යැයි සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ප්‍රකාශ කළේය.
එකී ගිවිසුම යටතේ ආරම්භ වන ව්‍යාපෘති සඳහා මෙරටට පැමිණිය හැක්කේ කළමණාකරුවන් හා විධායක නිලධාරින්ට පමණක් යැයි ද හෙතෙම කියා සිටියේය.
මෙම වෙළඳ ගිවිසුම යටතේ වෙනත් රටවල භාණ්ඩ තීරු බදු රහිතව මෙරටට පැමිණිය හැකියැයි බියක් පවතින නමුත් එම ගිවිසුම හරහා එන සියලු භාණ්ඩවල ප්රභවය පිළිබඳව සළකා බලන බව ද අමාත්‍යවරයා කීය.
සමරවික්‍රම මහතා මේ අදහස් පළ කළේ සංවර්ධන උපාය මාර්ග පිළිබඳ අමාත්‍යංශයේ අද (04) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහි දී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීය.
‘‘මෙම ගිවිසුම සකස් කළේ කාලයක් තිස්සේ සාකච්ඡා කර නීතිපති තුමාගේ ද අදහස් අරගෙනයි. අනතුරුවයි කැබිනට් මණ්ඩලයට දැම්මේ. අපි ඒ ගැන බොහෝ සාකච්ඡා කළා.
ශ්‍රී ලංකා රජය එහි නව වෙළඳ ප්‍රතිපත්තියේ අංගයක් ලෙස තෝරාගත් රටවල් සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් සඳහා එළැඹීමට තීරණය කර ඇති අතර මේ ගිවිසුම ද එහි එක් අංගයකි. මේ ඔස්සේ වෙළඳාම හා ආයෝජන අතර බැඳියාවක් ඇති කිරීම තුළින් රට තුළට ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම මෙම ගිවිසුමේ අරමුණයි.
අමාත්‍ය මණ්ඩලය නොමඟ යවමින් ව්‍යාජ ලේඛන සකසමින් මෙම ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළා කියලා සමහරු චෝදනා කරනවා. නමුත් කිසිම පාර්ශවකරුවෙකුට මේ ගිවිසුම ගැන කිසිවක් සඟවලා නැහැ.
මෙරටට ගෙන්වන භාණ්ඩ 7438 න් 438 ක පමණයි තීරු බදු අහෝසි කරන්නේ. වෙනත් රටවල නිෂ්පාදන සිංගප්පූරුව හරහා ගෙන්වන්න බැහැ.එසේ ගෙන්වන සෑම භාණ්ඩයකම අගය එකතු කිරීම සියයට 35 ක් වත් තිබිය යුතුයි.
මේ ගිවිසුම යටතේ ඉමක් කොනක් නැතිව වෘත්තියවේදීන් රටට එන්න හැකිය කියා අදහසක් තිබෙනවා. නමුත් එසේ එන්න බැහැ. ආවත් වැඩ කරන්න පුළුවන් ඒ එන ආයෝජකයාට පමණයි. අනෙක් කරුණ සිංගප්පූරුව වගේ රටක සේවය කරන වෘත්තියවේදියෙක් ඒ රට දාල මෙහේ එයිද? එය සිදුවේ යැයි සිතිය නොහැකියි.‘‘ යැයි ද සමරවික්‍රම මහතා ප්‍රකාශ කළේය.
‘‘ආයෝජන කටයුත්තක් වෙනුවෙන් අල්ලස් ගැනීමක් සිදුවීම ගැන කණගාටු වෙනවා. තවම ඒ ගැන විමර්ශන සිදුවී නැහැ. නමුත් ආයෝජන මණ්ඩලයේ මගේ නිලධාරින්ගෙන් එවැනි දේ සිදුවන්නේ නැති බව මට විශ්වාසයි.
ජීවන වියදම් කමිටුවේ සාමාජිකයෙක් විදියට මට කිරිපිටි මිල ගැන යමක් කිව හැකියි. කිරිපිටි කිලෝවකට රුපියල් පණහක් වැඩිකරල තියෙනවා. 2015 වසරේ සිට කළ ඉල්ලීම් සළකා බලලයි මේ වැඩි කිරීම කරල තියෙන්නේ. නමුත් සමාගම්වලින් ඉල්ලුවේ රුපියල් 100 කින් වැඩි කරන්න කියලයි.
සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශ ලේකම් චාන්දනී විජේවර්ධන, අමාත්‍යංශ උපදේශකවරුන් වන මංගල යාපා සහ කේ ජේ වීරසිංහ, ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් දුමින්ද අබේසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරිහු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා නම් කවදාවත් දුප්පත් මිනිස්සු ගැන, රට ගැන හිතයි කියලා විශ්වාසයක් මට නම් නැහැ. එතුමාගේ කතාවේ ඇතුළතම වංකකම ගැබ්වෙලා තියෙන්නේ. "කියන තරම් " කියන්නේ, යම්කිසි භයංකර තත්වයක් තියෙනවා කියන එකයි. ඒවගේම සලකා බැලීම... අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වැසීමට මෙයාලා හරි දක්ෂයි.
"සිංගප්පූරු ගිවිසුම කියන තරම් භයානක නැහැ". ඒ කතාවෙන්ම තේරෙන්නේ නැද්ද ඔහුත් එය භයානක යැයි පිළිගන්නා බව...?
රටවල් සමඟ නිදහස් වෙළඳ ගිවිසුම්වලට එළැඹීම රටට අහිතකර යැයි සැමවිටම මතයක් පතුරවන්නේ ලංකාවේ වෘත්තිකයින් යැයි කියාගන්න කොටසයි. මීට ප්‍රධාන හේතුව නම්, මේ වෘත්තිකයින්, තව සම වෘත්තිකයෙකු සමග තරග කිරීමට තිබෙන බයයි. මෙවැනි ගිවිසුම් පිළිබඳව සිහි තබාගත යුතු කරුණ නම්, ලෝකයේ කිසිම රටක් තව රටක් සමඟ වෙළෙඳ ගිවිසුමකට පිවිසෙද්දී, එහි වාසිය සම්පූර්ණයෙන්ම එක රටකට පමණක් පවරන්නේ නැති බව. මෙවැනි වෙළෙඳ ගිවිසුම්වල පරමාර්ථය නම්, අවසානයේ දෙපක්ෂයටම දිනුමක් ඇති කර දීමයි. ලංකාව වැනි කුඩා ආර්ථිකයකට, නය නොවී විදේශ අයෝජන රට තුළට ගෙන ආ හැකි එක ක්‍රමයක් නම්, ලෝකයේ අනිත් රටවල් සමග මෙවැනි වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීමයි. මෙහිදී, රජයේ වගකීම නම්, සුළුතරයක් වූ වෘත්තිකයින් යයි කියාගන්න අයගේ ඝෝෂාවට සවන් නොදී, රටේ බහුතරයකගේ අභිවෘද්ධිය තකා, බිය නොවී මෙවැනි වෙළද ගිවිසුම්වලට ඇතුළු වීමයි.
ඔබතුමන්ලාගේ නීතිවලින් මිනිස්සු ලස්සනට රිංගනවා. මේ රටේ කැසිනෝ ශාලාවල හොටෙල්වල කොච්චර නේපාල හා පිලිපීන ජාතිකයන් වැඩ කරනවද? සංචාරක හා අධ්‍යාපන වීසා මත කෝ නීති..? අනික ඔබතුමා කිව්ව "සිංප්පූරුව වගේ රටක් දාලා මෙහෙ එයිද" කියද්දි හොඳටම බය වුණා. ඔබතුමන්ලා නේද අවුරුදු 70ට කලින් මේ රට බාර ගත්තේ සිංගප්පූරුව එතකොට ලංකාව පහලින් නේද හිටියේ? එතකොට එ්ක ඔබලගේ ධනවාදයේ කෙරුවාව නේද? සමහරු කියයි පැවති සන්නද්ධ ගැටුම් සංවර්ධනය අඩාල කලා කියලා. හැබැයි උතුරේ, දකුණේ තරුණයෝ අවි අතට ගැනීමට අදාල පසුබිම සකස් කලේද ඔබලාගේ බඩගෝස්තරවාදී ධනවාදයම තමයි. මිනිස්සුන්ට ගැටලු නැත්තම් සල්ලි තියනවා නම් අවි හරඹ වලට යන්නෑ. දුප්පතුන් තමා හැම වෙලේම කුමන හේතුවකට හෝ අවි අතට ගන්නේ... සිංගප්පූරුවත් දියුණු වුනේ ධනවාදයෙන් තමා... හැබැයි රටට අැත්තටම අදරේ ජාතිවාදි නායකයෝ යටතේය.
වෙළඳ ගිවිසුම් ඇත්තෙන්ම හොඳ වෙන්නේ ඒවා ගිවිසගන්න රටවල් අතර තිබෙන අන්‍යෝන්‍ය අවබෝධයන් මත හා ඇතුළත්වී ඇති කරුණු මතයි. මෙහි ගැටලුව එය නොවේ මේ ගැන කතාකරන අයගේ ඉතිහාසය, ක්‍රියාකාරකම් යනාදිය කිසිඳු විශ්වාසයක් නැතිවීම. කෙටියෙන් කියනවා නම් "ශත පහකට" මේ "අම්බරුවන් විශ්වාස කිරීමට නොහැකිවීමයි". රටට හෙන හත වැදුනත් කම් නැත. අපි රට හූරාගෙන ජීවත්වීම යන බූරු න්‍යායෙන් සහ ක්‍රියාවෙන්ම මේ අම්බරුවන් අපගේ මව්බිමට ප්‍රායෝගිකව ඔප්පුකර ඇති බැවින්ය. හොඳම සහ ලඟම උදාහරණය මහ බැංකුවට මේ අම්බරුවන් කළ සහ ඉන්පසු තක්කඩින් රටෙන් තුරන්වීම යන කරුණුය.කරුණාකර අපගේ මෙම අදහස් තම තමන් පැළඳසිටින "පාට කන්ණාඩි සමගින්" කියවීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින්නෙමු.
දැනට ගහල තියෙන ඉන්දු-ලංකා ගිවිසුමෙන් ලංකාවට මොනවද වෙලා තියෙන වාසි...? ඉන්දියානු කසි කබල් වාහන තොගපිටින් ලංකාවට එනවා. එතකොට අපේ නිෂ්පාදන මොකටද ඉන්දියාවට යන්නේ? ඒවායේ වටිනාකම කියාද, අපිට ඉන්දියානු මිල අඩු භාණ්ඩ එක්ක ඉන්දියාවේදී තරග කරන්න පුළුවන්ද? අපේ නිෂ්පාදන අපි යවන්නේ යුරෝපයට. උතුරු ඇමෙරිකාවට. අපි ඔයවගේ ගිවිසුම් ගහන්න ඕනේ අපේ නිෂ්පාදන යවන්න පුළුවන් රටක් එක්ක. සිංගප්පූරුව කියන්නේ නිෂ්පාදන ආර්ථිකයකට වඩා සේවා ආර්ථිකයක් තියෙන රටක්. ඔවුන් නිෂ්පාදන නැවත අපනයනය තමයි කරන්නේ... එ් කියන්නේ ඒවා සිංගප්පූරු නිෂ්පාදන නෙමේ. වෙනත් රටක නිෂ්පාදන සිංගප්පූරුව හරහා අපනයනය කරන්නේ.. එතකොට ඕනෑම රටකට ලංකාවේ වෙළඳ පළ ආක්‍රමණය කරන්න පුළුවන් කියන මතය තමයි තියෙන්නේ. කොහොම වුනත් වෙළඳ ගිවිසුම් නරක නෑ. එ්ත් ඒවා අපිට වාසි වෙන විදියට තියෙන්න ඕනේ. දැනට තියෙන ගොඩක් ගිවිසුම් වලින් වෙන්නේ අපේ ආර්ථිකයට පාඩුවක්....
ඇමතිතුමා හරි... මොන වෘත්තිකයාද සිංගප්පූරුව දාලා මෙරටට එන්නේ? අපේ රටට වඩා විසි ගුණයක් විතර ඒක පුද්ගල ආදායම සිංගප්පූරුවේ වැඩියි. මේ කරුණ ජී.එම්.ඕ.ඒ. එකේ මිනිස්සු දන්නේ නැද්ද ?
සිංගප්පූරුව කොහොම වුණත්, මෙයා නම් හරි භයානකයි.
අපිත් හිතුවා සිංගප්පූරු පුරවැසියොත් කියන තරම් භයානක නැහැ කියලා. යකෝ, මහසෝනා ඊට වඩා හොඳයි නේ.
මේ සියලු උත්තර බොරුබව ඉක්මනින්ම දැනගත හැක. ගිවිසුමෙන් හෙට සිට මෙරට ව්‍යාපාරිකයන්ට ලැබෙන කිසිඳු වාසියක් සඳහන් කර නැත. නාරද මහතා කියන ආයෝජන පමණක් ගේන්න විස්තීර්ණ ගිවිසුමක් අවශ්‍ය නැත. ආයෝජන ගිවිසුම පවිච්චි කර එය කළ හැක. ලොව වෙනත් රටවල් මෙවැනි ගිවිසුම් වලින් ලාභ ලබා ගනිති. ඉන්දියාව, චීනය හොඳ උදාහරණ වේ. වැරැද්ද මෙය දුර්වල, බොළඳ ගිවිසුමක් වීමයි. මේ වැරැද්ද දැනට තිබෙන ඉන්දියාව හා පාකිස්ථානය සමඟ ගිවිසුම් වලද කර ඇත. පාඩමක් ඉගෙනගත් බවක් නොපෙනේ. මේවා ගැන දන්න ලොව අනිත් රටවල් අපට සිනහවනු ඇත. සෝචනීය ආර්ථික ප්‍රතිපත්තියක් ඇති මෙවන් රජයක් යටතේ හොඳ ආයෝජන නම් බලපොරොත්තු විය නොහැක. ඉන්දියානු ගිවිසුමෙන් ලැබූ කාලකන්නි විපාක මෙන් කිහිප ගුණයක් නරක විපාක මෙන් ලැබෙනු ඇත. මේ පාපතර ක්‍රියාවට වගවන කෙනෙකු නැතිවීම කණගාටුවට කරුණකි.
මෙතන ප්රශ්නය තියෙන්නේ ලංකාව අවුරුද්දකට (2017) සිංගප්පූරුවෙන් ඩොලර් බිලියන් තරම් වටිනා දේවල් ආනයනය කරද්දී අපි එහාට යවන්නේ ඩොලර් මිලියන් 250 තරමේ දේවල්. වෙළඳ ගිණුමේ පරතරය වාසිය තිබෙන්නේ සිංගප්පුරුවට. මේ ගිවිසුමෙන් අපට වෙන වාසිය ගැන විස්තර කරලා දෙන්න බැරි මොකද?
එතකොට හිටපු මහබැංකු හොරු අාවේ සිංගප්පූරුවල ඉඳලා නෙමේද?
මේ සියලු උත්තර බොරු බව ඉක්මණින්ම දැනගත හැක. ගිවිසුමෙන් හෙට සිට මෙරට ව්‍යාපාරිකයන්ට ලැබෙන කිසිඳු වාසියක් සඳහන් කර නැත. නාරද මහතා කියන ආයෝජන පමණක් ගේන්න විස්තීර්ණ ගිවිසුමක් අවශ්‍ය නැත. ආයෝජන ගිවිසුම පාවිච්චි කර එය කළ හැකිය. ලොව වෙනත් රටවල් මෙවැනි ගිවිසුම්වලින් ලාභ ලබා ගනිති. ඉන්දියාව, චීනය හොඳ උදාහරණ වෙති. වැරැද්ද මෙය දුර්වල බොළඳ ගිවිසුමක් වීමයි. මේ වැරැද්ද දැනට තිබෙන ඉන්දියාව හා පාකිස්ථානය සමඟ ගිවිසුම් වලද කර ඇත. පාඩමක් ඉගෙනගත් බවක් නොපෙනේ. මේවා ගැන දන්න ලොව අනිත් රටවල් අපට සිනාවනු ඇත. සෝචනීය ආර්ථික ප්‍රතිපත්තියක් ඇති මෙවන් රජයක් යටතේ හොඳ ආයෝජන නම් බලපොරොත්තු විය නොහැක. ඉන්දියානු ගිවිසුමෙන් ලැබූ කාලකන්නි විපාක මෙන් කිහිප ගුණයක් නරක විපාක මෙන් ලැබෙනු ඇත. මේ පාපතර ක්‍රියාවට වගවන කෙනෙකු නැතිවීම කණගාටුවට කරුණකි.
සමහරෙක්ගේ මතයට පරිදි ලංකාව මෙවැනි වෙළඳ ගිවිසුම් ඇති කරගත යුත්තේ යුරෝපය, උතුරු ඇමෙරිකාවට වැනි රටවල් සමගයි. සිතා බැලිය යුතු දේ නම් ඔය කියන රටවල් ලංකාව වැනි තුන්වෙනි ලෝකයේ රටක් සමග වෙළඳ ගිවිසුමකට එකඟවේද යන්නයි. මෙවැනි වෙළඳ ගිවිසුම් දෙපාර්ශවයේම කැමැත්ත පරිදි සිදුවෙන දෙයක් වන අතර, යථාර්තය නම් බොහෝවිට ලංකාව වැනි තුන්වෙනි ලෝකයේ රටක් සමග ද්විපාර්ශික වෙළෙඳ ගිවිසුමකට කැමැත්තක් දක්වනුයේ දකණු ආසියාවේම තවත් තුන්වෙනි ලෝකයේ රටක් පමණි. සිංගප්පූරුව වැනි එ්ක පුද්ගල අදායම ඉහළ, දියුණු රටක්, ලංකාව වැනි රටක් සමග මෙවැනි ගිවිසුමකට එළැඹීමට කැමැත්ත දැක්වීම මඳක් පුදුම සහගත දෙයකි...
දූපත් මානසික වැසියන් ලෝකෙටම මර බියෙන් තමයි නිතර පසුවන්නේ. මේ දුපත් ගෝත්‍රික වැසියෝ හිතන්නේ, දේශීය භාණ්ඩ පමණක් අපනයනය කර, විදේශ වෙළඳ භාණ්ඩ ආනයනය නොකර සිටින්නට හැකි නම් සම්පූර්ණ වෙළඳවාසිය අපට පමණක් නෙලා ගත හැකි බවයි. තමන්ගේ රටේ අපනයනය ඉහළ දා ගැනීමට රටේ නිෂ්පාදනය ඉහළ දමා ගන්නවා වෙනුවට, කයිවාරු ගසා ලෝකෙටම ඉරිසියාකම් කරමින් විඳවීම තමයි මේ මන්ද මානසිකයින්ගේ ස්වභාවය. ඔය හැම දේකටම වඩා මර බිය තිබෙන්නේ, පිටරට සිටින දක්ෂ වෘත්තිකයින් මේ රටට පැමිණිලා තමන්ගේ අදක්ෂකම මත තමන් පහළට වැටෙයි කියන මර බියයි. හැබැයි මේ අයියලා විදේශ රටකට හොර වීසා එකක් හෝ ගහගෙන පැනගන්න අවස්ථාවක් තියනවා නම්... ඒ ගැන ආයේ මොහොතක් වත් පමාවෙන්නේ නැහැ. කාට හෝ පන්දමක් අල්ලලා තැනකට ඇවිත් ඉන්න කබ්බන්ට, වැඩ්ඩෝ ඇලජික් වීම, හීනමානය නැමැති සාමාන්‍ය මානසික රෝග ලක්ෂණයක්...
ස්වාසිලන්තය, සුඩානය, සෝමාලියාව, මොන්ගෝලියාව වැනි අපටම ගැලපෙන රටවල් තිබෙද්දී, ඇයි මේ සිංගප්පූරුව වගේ රටක් සමඟ වෙළඳ ගිවිසුම් ගහන්නේ? ඉන්දියාවේ නිෂ්පාදනය කරන ත්‍රී විලරය හා ටාටා වැනි ලෝකෙන්ම උසස් නිෂ්පාදන ආනයනය තුලින් මේ සිරි ලංකාවම පුරවා ගෙන සිටින අපි වැනි උතුම් ජාතියක් මීට වඩා බුද්ධිමත්ව තීරණ ගන්න ඕනෑ. අනික, රැකියා නොමැතිව සිටින සිංගප්පුරු ජාතිකයින් කුලී වැඩට, ලංකාවට ඇවිත් අපේ මේ කම්කරු රැකියා වෙළඳපොළ ආක්‍රමණය කරන්නත් පුළුවන්...
කලබල වෙන්න එපා. හිතල බලන්න. සිංගප්පූරුව කියන්නේ සිංහපුර. එහෙ තමයි ඔරිජිනල් සිංහයාගේ ඔරිජිනල් නිජ බිම. එකෙන් ඔප්පු වෙනවා අර මහබැංකු ජල්බරිය දාපු ජිල්මාට් පප්පා වුණත් නියම සිංහයා ලකුණ දරන උත්තමයෙක් බව. අපේ ලොක්කෝ සිංගප්පුර් ඇත්තන් එකක ගනුදෙනු කරලා අපට පාඩු වුණත් මොකද..? උන් සිංහලේ තියන අපේම ඇත්තොනේ. ඉවසන්න. ඉවසීමෙන් සැනසීම ලැබේ. ඒ අතරේ ඇමතිතුමාලට `සැනසීමෙන් ඉවසීම` ලැබෙන බවත් හිතන්න !