(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

රත්මලාන ගුවන්තොටුපළ මාර්ගයේදී ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් නවතා එහි රියදුරු සන්තකයේ තිබූ රුපියල් 380,000ක මුදලක් කොල්ලකෑ බව කියන ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව  ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.

එම අපරාධය සඳහා අත්අඩංගුවට ගෙන ඇත්තේ විවිධ පැමිණිලි අංශයට අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරුන් දෙදෙනෙකි.

ඉකුත් 15 වෙනිදින  රත්මලාන ගුවන්තොටුපොළ මාර්ගයේදී මෙම කොල්ලය සිදුවී තිබූ අතර මොරටුව අඟුලාන සයුරුපුර මහල් නිවාස සංකීර්ණයේ පුද්ගලයෙකුන් ලද පැමිණිල්ලකට අනුව සැකකාර කොස්තාපල්වරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

 එකී මුදල් සීට්ටු මුදල් බවට    ලද පැමිණිල්ල සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත සිදුකළ විමර්ශන වලදී එය අසත්‍ය බවට අනාවරණය වීමෙන් අනතුරුව පැමිණිලිකරු සහ තවත් කාන්තාවක්ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.