
(අංජුල මහික වීරරත්න)
දුම්කොළ භාවිතය හා දුම්පානය නැවැත්වීමේ ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල සහ ගෝලීය සෞඛ්‍ය සංවිධාන එක් වී තිබේ.
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ විශ්ව විද්‍යාල, සෞඛ්‍ය සේවා වෘත්තිකයන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ගෝලීය සෞඛ්‍ය සංවිධාන එක්ව “ශ්‍රී ලංකාවේ දුම්කොළ භාවිතය හා දුම්පානය නැවැත්වීම වැඩි දියුණු කිරීමේ උපාය මාර්ග" පිළිබඳ පවත්වන ලද සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශයට පත් කෙරිණි.
කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණි.
ආසියානු ජනගහනයේ අවදානම් සහිත කොට්ඨාශයන්හි ශ්වසන රෝග ඇති වීමේ ප්‍රවණතාව අඩු කිරීම සහ ඔවුන්ගේ සෞඛ්‍ය මට්ටම වැඩිදියුණු කිරීම අරමුණු කර ගනිමින් ඒ සදහා ජාත්‍යන්තර මැදිහත්වීමක් ලෙස ගෝලීය සෞඛ්‍ය පිළිබද Respire ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ නියෝජිත ආයතන වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය, රජරට විශ්ව විද්‍යාලය, වයඹ විශ්ව විද්‍යාලය සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
ලෝකයේ වළක්වා ගත හැකි මරණවලට ප්‍රධානතම හේතුවක් වන්නේ දුම්කොළ භාවිතය බව පෙන්වා දුන් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුනි මහතා දුම්කොළ ආශ්රිත රෝගී තත්ත්වයන් මෙරට සෞඛ්‍ය සේවා පද්ධතියට, ආර්ථිකයට සහ පවුල්වලට විශාල බරක් පටවමින් පවතින බව ද පැවැසීය.
රජයේ ප්‍රධාන අරමුණ රටේ ජනතාව රෝග වලින් තොරව සතුටින් තැබීම බවත්, රෝගවලට ලක්වීමට ඉඩහැර ප්‍රතිකාර කිරිම සෞඛ්‍ය අංශයේ අරමුණ නොවන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd