
(රෝෂන් තුෂාර)
කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරශ්‍රයේ අක්කර 4.3 ක ඉඩම වසර 99කට බදු දීමේ ගනුදෙනුව නොහොත් ක්‍රිෂ් ගනු දෙනුවේ දී සිදු වූයේ යැයි කියන මහාපරිමාණ මුල්‍ය වංචා අනාවරණය කරගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදු කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ රහස් පොලිසිය (23) පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අනාවරණය කර ගැනීම සඳහා අත් අඩංගුවට ගත් ලැප්ටොප්, ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති බවත් පැවසීය .
අදාළ උපකරණ හිමිකරුවන්ට ලබාදීම සම්බන්ධයෙන් තීරණය රජයේ රස පරීක්ෂක වාර්තාවලට ලැබුණු පසුව දැනුම් දෙන බවද පැවසීය.
අත්අඩංගුවට ගත් භාණ්ඩ නැවත ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ මෝෂමක් කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කෙරිණි.
භාණ්ඩ හිමිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නීතිඥ සංජය මාරඹේ, නීතිඥ පසන් කරුණාරත්න තම සේවා දායකයාගේ භාණ්ඩ නැවත ලබා ගැනීම සඳහා මෙම මෝෂම ගොනු කළ බව පැවසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ අදාළ භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයාට යොමු කර වාර්තාවක් කැඳවා ඇති බවය.
ක්‍රිෂ් ගනුදෙනුවේදී ජර්මන් බැංකුවකින් යුරෝ 1200 000ක් සහ ඕස්ට්‍රේලියානු බැංකුවකින් යුරෝ 1497446 ක් මෙරට බැංකු ගිණුම් වෙත සම්ප්‍රේෂණය වී ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි වාර්තා විශ්ලේෂණයේදී අනාවරණය වීම අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
අදාළ ගනුදෙනුවේදී ශ්‍රී ලංකාවේ හම්බන්තොට සහ නුවර එළිය දිස්ත්‍රික්කවල රෝහල් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මුදල් හුවමාරු වී ඇති බවට රහස් පොලීසිය මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති අතර , හුවමාරු වූ මුදල් වලින් රුපියල් මිලියන 188ක් යොදවා මෙරට දේපළක් මිලදී ගැනීම සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කරන බවද රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සැකකරු අධි චෝදනා ලබා ඇති ක්‍රිෂ් ගනුදෙනුවේදී තවත් මුදල් වංචා වී ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය බුද්ධි වාර්තා විශ්ලේෂණයේදී අනාවරණය වන බැවින් , සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවද රහස් පොලිසිය කරුණු ඉදිරිපත් කර තිබිණි.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය ඔක්තෝබර් 05 අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd