(අංජුල මහික වීරරත්න)
හෙපටයිටීස් - බී (Hepatitis -B) රෝගය තිබේදැයි පරීක්ෂා කිරීම ඇතුළු ගැබිණි මව්වරුන්ගේ රුධිරය පරීක්ෂා කිරීමේ ත්‍රිත්ව (Triple Eliminayion) තුරන් කිරීමේ වැඩසටහනක් ජුනි පළමුවැනිදා සිට ශ්‍රී ලංකාවම ආවරණයවන පරිදි ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මවගෙන් දරුවාට HIV සහ සිපිලිස් (Syphilis) සම්ප්‍රේෂණය වැළැක්වීමට එන්නත්කරණය මෙරට ක්‍රියාත්මක වූ අතර එම ද්විත්ව තුරන් කිරීමේ වැඩසටහන (Dual Elimination) සාර්ථක බැවින් මවගෙන් දරුවාට HIV හා සිපිලිස් (Syphilis) සම්ප්‍රේෂණය වැලැක්වූ රටක් ලෙස 2019 වර්ෂයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊට අදාළ සහතිකය මෙරටට ලැබුණි.
මේ පිළිබඳව දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ ලිංගාශ්‍රිත රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය මහත්මිය කීවේ මේවන විට මවගෙන් දරුවාට HIV සහ සිපිලිස් (Syphilis) බෝවීම ඉතා අවම මට්ටමක පවතින බවයි.
පවුල් සෞඛ්‍ය කාර්යංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය සංජීව ගොඩකන්ද මහතා කීවෙි මේ වන විට හෙපටයිටීස් - බී (Hepatitis –B ) රෝගය සම්භන්ධයෙන් පූර්ව පරීක්ෂණයක් සිදු නොවන බවත් මෙම වැඩසටහන ආරම්භයත් සමග ගැබිණි මවක් ලෙස ලියාපදිංචි වන අවස්ථාවේ දීම ඇය පරීක්ෂාවට ලක්වන බවත්ය.
ගර්භනී සමයේ පූර්ව පරීක්ෂාවට ලක්වීම අතිශය වැදගත්වන බව පෙන්වා දුන් වෛද්‍යවරයා ශ්‍රී ලංකාව මාතෘ සංරක්ෂණය,ගර්භණී මාතාවන්ට රැකවරණය ලබා දීම ඉතාමත් ඉහළ මට්ටමකින් සංවිධානය වූ වැඩසටහනක් මෙරට ක්‍රියාත්මක බවද පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd