(ටී.කේ.ජී.කපිල )
රුපියල් කෝටි පහකට අධික වටිනාකමකින් යුත් රත්තරන් තොගයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සංක්‍රමණික මගී පර්යන්තය ඔස්සේ විදේශ ගත කිරීමට තැත් කළ පුද්ගලයින් තිදෙනකු අද (05) අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.
කටුනායක ගුවන් තොටුපොළ පිටත් වීමේ පර්යන්තයේ තීරු බදු රහිත සාප්පුවක සේවය කරන 43 හැවිරිදි පුද්ගලයෙකු තම ඉන ප්‍රදේශයේ වටා විශේෂිත පටි යොදා ගෙන මෙම රත්තරන් තොගය සංක්‍රමණික මගී පර්යන්තයේ ඇති වැසිකිලියක් තුළට රැගෙන ගොස් තිබේ .
එහිදී සිංගප්පූරුව බලා පැමිණි සහ පිටත්ව යෑමේ අදහසින් එම පර්යන්තයේම රැදී සිටි ඉන්දීය ජාතික ගුවන් මගීන් දෙදෙනෙකු ද එම වැසිකිලිය තුළට ඇතුළු වී තිබේ .
ඉන්පසු මෙම රත්තරන් තොගය එම වැසිකිලිය තුළ දී හුවමාරු වන විටම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි .
මේ සඳහා කටුනායක ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්ගෙන්ද අවශ්‍ය තොරතුරු රේගු නිලධාරීන් වෙත ලැබී තිබුණි .
මෙසේ අත් අඩංගුවට ගත් රත්තරන් තොගයේ ග්රෑම් 100 බැගින් වූ රත්තරන් කුට්ටි 61 ක් තිබූ අතර , කිලෝ ග්රෑම් 01 යි ග්රෑම් 100 ක් බර ස්වර්ණාභරණ තොගයක් ද තිබුණි . ඒ අනුව මෙම රත්තරන් තොගයේ මුළු බර කිලෝ ග්රෑම් 07 යි ග්රෑම් 200 ක් බව රේගුව පවසයි .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේවට මොනවද කරන්නේ දන්නා කෙනෙක් කියනවාද ස්තුති
අයියෝ රන්ජන් ඔයා ඒකවත් දන්නේ නැද්ද? රාජසන්තක කරලා, වෙන්දේසි කරලා ලැබෙන මුදලින් දියවන්නාවේ කට්ටිය සුරසැප විඳිනවා.
අපට මොකෝ... අල්ලපු අය නම් ගොඩ...
මෙම රත්රන් ගැන අලුත් සැක සහිත අදහසක් රහස් පොලීසියේ ප්‍රයෝජනය සඳහා ඉදිරිපත් කරන්න කැමතියි. මෙහෙම රටින් පිට කරන්නේ පසුගිය කාලේ කොටින්ගෙන් ගත් ඒවා වෙන්න පුළුවන් නේද? මොකද මේ දිනවල අදාළ වැඩ ගැන සෙවීම් කටයුතු කෙරෙන නිසා අනාගත නඩු භාණ්ඩ මෙසේ පිටකරනවා වෙන්න බැරිද? කරුණාකර මේ සැකය කෙරෙහිද ඔබතුමන්ලාගේ අවධානය යොමුකරන්න.
නඩ පිටින් ඉන්දියාවේ වන්දනාවේ යන පිරිස්වල අතේ, කරේ දමාගෙන යන රත්තරන් ආපසු එනවිට අරගෙන එන්නේ නැහැ. මොන තරම් ධනයක් රටින් පිට වෙනවද?