අජන්ත කුමාර අගලකඩ
මෙරටදී ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා පිටරට සමාගමකින් රුපියල් කෝටි දෙකක අල්ලසක් ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අද (03) පස්වරුවේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ආචාර්ය අයි එම් කේ මහානාම මහතාගේ වැඩ තහනම් කළ බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය.
මහානාම මහතා අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ බැවින් අද රාත්‍රීයේ ඔහුගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් බව ජනාධිපති ලේකම්වරයා කීවේය.
අල්ලසට දුෂණයට එරෙහිව රජය කටයුතු කිරීමේදි පුද්ගලයකුගේ තරාතිරම නොබලා කටයුතු කරන බවට මෙය කදිම උදාහරණයක් බව කී ජනාධිපති ලේකම්වරයා ජනාධිපතිවරයාත් සිටින්නේ එම අදහසේම බව පැවැසීය.
මේ අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ රාජ්‍ය දැව සංස්ථාවේ සභහපති පී.දිසානායක් මහතාගේද වැඩ තහනම් කිරීමට අදාළ අමාත්‍යංශය පියවර ගෙන ඇතැයි හෙතෙම ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු කල ප්‍රථම දෙය මෙය විතරක් වෙන්න බැහැ. මොහුගේ සියලු පෙර වැඩ ගැන වහාම සොයා බැලිය යුතුයි. තවත් අය මේ හා සම්බන්ධ දැයි වහාම සොයා බැලිය යුතුයි. අනේ රටකට ගිය කල.
මේ අයගේ නම් ගම් හෙලිකිරීම ඉතාමත් හොඳ දෙයක්. මෙය අල්ලස් සහ කොමිස් ගැනීමට මාන බල සිටින අනික් උදවියට හොඳ අනතුරු හැඟවීමක්.
අල්ලලා විතරක් මදි අනිත් මිනිසුන්ටත් පාඩමක් වෙන්න ඉක්මනටම දඩුවම් දෙන්නත් ඕන. නැතිනම් රට විනාශයටම යාවි
ඕස්ට්‍රේලියාවේ ස්නෝවි මවුන්ටන් සමාගම ලංකාවේ සහ කොංගෝවේ කැබිනට් ඇමතිවරුන්ට ඔවුන් ඉල්ලපු නිසා අල්ලස් දුන්නා කියලා ලෝක බැංකුව ඒ සමාගමට කොන්ත්‍රාත් දීම නැවැත්තුවා. ඒ ගැන ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුව පොලිසියට යොමුකළ බව ගිය අවුරුද්දේ සිඩ්නි මෝර්නින් හෙරල්ඩ් පත්තරේ පළවුනා කියලා අපේ මෛත්‍රිපාල ජනාධිපතිතුමා ඒ පුවත්පතට විරුද්ධව නීති පියවර ගන්න කියලා කිව්වා. ඔහුගේ නම මේ අල්ලස් ක්‍රියාවට ගෑවුණු නිසා. ඇත්තටම ඒ පත්තරේ හදපු කතාවක් නෙවෙයි. ඔවුන් ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුව ඕස්ට්‍රේලියාවේ පොලීසියට දීපු නියෝගයක් වාර්තා කළා පමණයි. දැන් මේ පුවත දැක්කම ඕස්ට්‍රේලියාවේ පුවත ගැන මතක් වුණා.
මේක අගමැති කාර්යාලයේ සිදුවුණා නම්, මෙලහට නැට්ට ගිනි ගත්තා වගේ රටම ගිනි තියාවි. රටේ ප්‍රධානම පුවත එය වේවි. පොහොට්ටු පක්ෂයේත්, ශ්‍රීලනිපයේත්, රතු සහෝදරවරු ටිකත් දුම්මල වරම අතට ගනීවි. අගමැති ඉල්ලා අස්විය යුතුයි කියා කෑමොර දේවි. එජාපයේ පසුපෙළ සමහර දෙනාත්, වීරයන් වේවි. ප්‍රශ්නයක් දෙස මැදි සිතින් නොදැක රැල්ලට අනුව සිතන සමහර දෙනා ඇති තරම් බෙරිහන් දේවි. නැත්ද මන් අහන්නේ?
හැම තැනම හොරු
දේශපාලන අධිකාරියේ විශ්වාසය දිනාගත් මෙම දේශපාලන පත්වීම් ,සොරදෙටුවන් බව රටටම දැනගැනීමට සකස්වීම හොඳයි.