(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කරමින් ලබන 8 වැනිදා ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් 10 වැනිදා (බ්‍රහස්පතින්දා) එක්දින විවාදයක් පැවැත්වීමට ඊයේ (3) උදේ රැස්වුණු පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායකයන් තීරණය කර ඇත.
විවාදය පෙරවරු 10.30ට ආරම්භ වී පස්වරු 6.30 දක්වා පැය 8ක් පැවැත්වීමට නියමිතය. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් විවාදයක් දෙන්නැයි පාර්ලිමේන්තු පක්‍ෂ නායකයන්ගේ රැස්වීමේ දී ඉල්ලීම කර ඇත්තේ ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාය.
පාර්ලිමේන්තු පක්‍ෂ නායකයන්ගේ රැස්වීම කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු
සංකීර්ණයේදී පැවැත්විණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපෝ අපේ බදුමුදල් තවත් කෝටිගණනක් විනාශවීම ඉරහදමෙන් ස්ථිරයි.
මේ රට පාලුවන්ගේ බලලොබය නිසා හැමදාම මොනවා කරන්න ගියත් රටේ කාලය නාස්තිකරන විදියට පාලිමේන්තුවේ කාලය නාස්ති කරනවා . රටට වැඩක් කරන්න කාලයක් ඉතුරු නැහැ . අපූරු පාර්ලිමේන්තුව . බලයට එන්නමයි හදන්නේ, නඩු වලින් බේරෙන්නයි.
ප්‍රතිපත්ති ක්රියාත්මක කරන්න තරම් කාලයක් ඉතුරුවෙලා නැති නිසා ජනාධිපතිතුමාගේ පාලන කාලසීමාව තවත් අවුරුදු දෙකකින්වත් වැඩි කරන්න කියලා එතුමා ඉල්ලුවොත් 224 දෙනාම ඒකමතික තීරණයකට එයි කියලයි මම නම් හිතන්නේ...