(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයේ මෙවර මැයි දින රැළිය පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කෙළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගනයේ දී අනිද්දා (6) පෙරවරු 9.00 සිට පැවැත්වේ.
පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, එක්සත් ජාතික පෙරමුණේ සිටින වෙනත් පක්ෂ නායකයින්, වෘත්තීය සමිති නායකයින් ඇතුළු පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ මෙවර මැයි දින රැළිය ඇමැතීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂයේ මෙවර මැයි දින සැමරුම සඳහා මැයි පෙළපාළි නොපැවැත්වෙන බව ද සිරිකොත පක්ෂ මූලස්ථානයේ ප‍්‍රකාශකයකු ලංකාදිපයට පැවසීය.
මැයි දින රැළිය සඳහා එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමැතිවරුන්, පක්ෂ සාමාජිකයන්, වෘත්තිය සමිති නියෝජිතයන්, විද්වතුන්, කලාකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුගතදාස ක්රීඩාංගණයේ ආසන ධාරිතාවය 25000යි. ජෑම්පැක් කලොත් 40000ක් විතර දමන්න පුළුවන් වෙයි. අහෝ! යූ.එන්.පී. අලියෝ... ලැජ්ජා නැද්ද ආණ්ඩු බලයත් තියාගෙන මෙහෙමත් පීචන් වෙන්න.