(ශාන්ත රත්නායක)
සමස්ත ලංකාවාසීන්ට සෙත් පතා මාතර සිට කන්කසන්තුරය දක්වා පිරිත් සජ්ඣායනා කරමින් ධාවනය කෙරෙන සංහිඳියා දුම්රිය අද (4) මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළේය.
2018 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව, බුද්ධ ශාසන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා දුම්රිය සේවය හා ප්‍රවාහන අමාත්‍යාංශයේ දායකත්වයෙන් මෙම පිංකම පැවැත්වේ.
පස්වරු 2.10 ට පමණ එම දුම්රිය කොළඹ කොටුවට පැමිණි අතර එහි සිටි භික්ෂුන් වහන්සේලා මහජනතාවට පිරිත් නුල් ගැට ගසා ආශිර්වාද කළහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තැන තැන පිරිත් කියන්න ගිහිල්ලා බුද්ධ ධර්මය හෑල්ලුවට ලක් කරන්න එපා අපේ හාමුදුරුවනේ...!!!
ලංකාවේ තරම් පිරිත් කියන තව රටක් මුළු ලෝකෙම නැතුව ඇති. එ්ත් රටේ අපරාද, මංකොල්ල කෑම්, දූෂණ වල අඩුවක් නැහැ. මෙයින් පෙනෙන්නේ පිරිත් කීම හෝ නුල් බැඳීම නොව, පිරිතේ අරුත දැනගෙන ඒ අනුව හැසිරීමයි වැදගත්.
ෂා... ඔන්න වැඩ... මෙසේම සමනළ කන්ද මුදුනට ගිහින් පිරිත් පැන් වස්සමු හෙලිකොප්ටර ආධාරයෙන්. එතකොට සතර මහා ගංගාවල ජලය පිරිත්පැන් වී ගොස් එහි නාන දිය බොන, හෝදන සකල සිරිලංකා වාසීන්ගේ දුක්ගිනි නිවී සොරමැරකම්, දූෂණ අඩුවී සමෘද්ධිය ලඟාවනු ඇත.
පිරිත් කිව්වට පසුවට මිනිසුන්ගේ බඩ පිරෙන්නේ නැහැ. බදු මිල පහළ යන්නෙත් නැහැ.
ශ්‍රී ලංකාව කියන අපේ රට "බොරු බෞද්ධ" කම කියන මඩවලේ එරිල තියෙන්නේ... දැන් මේ... කෝච්චියට නැගලා ඉන්න කහපාට කබායවල් කරේ දාගත්තු..." මොකක් හරි ජංජාලයක් කරලා.. එයාලගේ බඩ වියත... රැකගනීවී !!!
මේවා බොරු වැඩ...
පාදඩ දේශපාලනයේ ව්‍යවසනයෙන් ගිලගන්නා ලද රටේ පාලන තන්ත්‍රයන් නිසාත්, මුදලට විකිණෙන සිංහල දේශපාලකයින් නිසාත් ඕනෙම කෙනෙකුට පිරිත් නූල් හා සත්ප්‍රසාද ඉසින රට තුළ වැනසෙමින් යන ආගමික නායකයන් නිසාත් අනාදිමත් කාලයක සිට සිංහල රජවරුන් පනමෙන් රැකගෙන ආ ධර්මදීපය අද වනවිට සිංහලුන්ට පමණක් සීමාවූ සංහිඳියාව හා සුළුජාතීන්ට අක්‍රීය වූ නීතී මාලාවක් මතින් ගලායන දුර්භික්ෂයක් මෙන් අනාගතයේ සිංහලයට අහිමිවන ශ්‍රී ලංකාව බවට පත්ව ඇත.
ආණ්ඩුවේ බොරු වැඩ මහජනයා නොමග යවන්න.
දෙසපාලුවන්ගේ මන දොළ සපුරන්න එපා අපේ හාමුදුරුවනේ.