(සිරංගිකා ලොකුකරවිට)
"ආණ්ඩුවට කරන දේවල් ජනතාවට පේන්නේ නෑ. අපි ගොඩක් වැඩ කළත් ඒවා පේන්න ඒවායේ ප්රතිලාභ දකින්න ටික කාලයක් ගත වෙනවා. කරන දේවල් පේන්න විතරක් කළා නම් බෙර ගහලා පටන් ගන්න තිබුණා. බෙර සද්දෙට කට්ටිය කියාවි අන්න වැඩ කරනවා කියලා. ‘ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (4) පැවසීය.
කළුතර මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.
‘රටේ සංවර්ධනය කියන්නේ බෙර ගහන එක නෙවෙයි. නිවැරදි කළමනාකරණයකින් ගමේ සිට නගරය දක්වාම සංවර්ධනය වීමයි. අපි ඒ දේ කරනවා යනුවෙන්ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ අතිමහත් බහුතරයක් මිනිස්සු පක්ෂ පාට වලට බෙදිලා නිසා මේ රටේ ඇත්තටම වෙන දේ, රටට වෙන්න යන දේ , මේ රට දියුණු කරන්න කරන්න ඕනි දේ පෙන්නේ නෑ.
ඒකට ඉතින් ජනතාව පළිද? එක්සත් ජාතික පක්ෂය අප්‍රසාදයට පත් කිරීම සඳහා කටයුතු කරන්නේ එකට දීග කන කණ්ඩායම නිසා වෙනත් කෙනෙකුට දෙස් දෙවොල් තැබීමෙන් පලක් වෙන්නේ නැත. ඒ මිනිසුන්ට තමාගේ පොල් පරාල පිරි ඇස්වලින් දකින්නේම අනෙකාගේ ඇස්වල රැඳි පොල්කෙඳිය. 33% ක් ලබාගත් පක්ෂයේ නායකත්වයේ සිට ප්රතිසංවිධානයක් කිරීමට වලිකන්නේ 3% ක් 4% ක් ලබාගත් පක්ෂ නායකයන් සහ එහි ආවතේවකාරයින්ය. විනෝද සමය පවතින්නේ එතැන ය. අද රාජකීය හෝ ශාන්ත තෝමස් හෝ ධනවතුන්ගේ නිජබිම් නොවේ. ඈතගම්වල ඉතා දක්ෂ සිසුන් තරඟ විභාගවලින් ගොඩවී ජය කෙහෙළි පවත්වන සාමාන්‍ය පාසල්ය. මේ පාර්ලිමේන්තුවේ පවා රෝයල් ගියද වැඩ බැරි, රතු කමිසයට පමණක් වාමාංශික, තනි පුද්ගල පක්ෂ නායකයන් නැතුවා නොවේ. ජොනීලා, මහින්දානන්දලා වැනි රෝයල් ගිය අයද නැතිවා නොවේ. රෝයල් හතක ගියද උපාධි කරත්තයක් ලැබුවද අනතුරකට ලක් නොවී කහ ඉර මාරුවන්නට බැරි දේශපාලකයෝද එමටයි. අට පාස් නැති, හිරිපොද වැස්සකටවත් පාසැලකට ගොඩ නොවුණු අයගේ අඳෝනා ඉවසිය හැකිය. නමුදු උගත් බුද්ධිමතුන් ලෙස සීතාම්බරපට පැළඳ සිටින අයගේ මුසා බස් ඉවසිය හැකිද? මේ ඇනෙන්නේ කොහිල කටුය. කිඹුල්ලු කන්නේ ඉස්සරහටයි.
ඇත්ත තමයි අගමැතිතුමා, රටේ ජනතාවට දැනෙන්න පේන්න කරපු දෙයක් කියන්න. හොඳටම පේන්න කරපුදේ තමයි හොරුටික මහා දවල් මහා බැංකුව මංකොල්ල කාපු එක. තව ඉස්සරහටත් මේවගේ දේවල් තමයි පේන්න තියෙන්නේ. තවත් රටේ සංවර්ධනය අඩ පණ කරන්නේ නැතුව ගියොත් හොඳනැද්ද?
ඇත්තටම මේ ආණ්ඩුවත් කරන දේ අපි දැක්කා. දැන් පගාව ගන්නේ කෝටි ගණනින්. ඔය එකක්. තව කොච්චර ඇද්ද?
කොහොමත් ඔයාලා හැමදේම හීන් නුලට කරන්නේ ජනතාවට පේන්න නැතිවෙන්නනේ...
බැඳුම්කරේ නම් ගණන් හිලව් ඇතිව පෙනුණා. හොරු පැනපු එකත් දැක්කා.
ඕක ටිකක් සරලව මෙහෙම කියන්න පුළුවන්. ප්‍රයිවට් බස් කාරයෝ ලව්වා ටිකට්පතක් නිකුත් කරවා ගන්න බැරි ආණ්ඩුවට, ත්‍රී වීල් කාරයෝ ලව්වා මීටරයක් හයි කරවා ගන්න බැරි ආණ්ඩුවට ඊට වඩා දෙයක් කරගන්න හැකියාවක් තියෙයිද කියල අපට හිතෙනවා...
කරපු වැඩවල ප්‍රතිඵල හොඳට පෙනෙන්න තියෙනවා. ඩොලරය රුපියල් 132 සිට 158 දක්වා වැඩිකිරීම, රටේ සංවර්ධනය 7.5 සිට 3.1 ට අඩුකිරීම, මහබැංකුව කොල්ලකෑම, වී ගොවිතැන 33% අඩුකොට රටින් හාල් ගෙන්වීම, ඉතිහාසයේ පළමුවරට රටින් පොල් ගෙන්වීම, නැවත වරක් රටේ බුද්ධි අංශ අඩපණ කිරීම සහ තවත් බොහෝ දේ.
පෙනෙන්න ඕනේ නැහැ හොඳට දැනෙනවා. වැටුප් අරගෙන දවසකින් දැනෙනවා. වී ටික විකුණාගත්ත ගමන් දැනෙනවා.
ඔබ ඔය බණ කාටද කියන්නේ? නිවැරදි කළමනාකරණයකින් කරන්නේ කොහොමද? රටේ ආර්ථිකයට වැදුණු පළමු අතුල් පහර තමයි බැංකු කොල්ලය... මහබැංකුව කළමනාකරණය කරගන්න බැරි වූ ඔබලාගෙන් අපි මොකක් බලාපොරොත්තු වෙන්නද?
මොකෝ නැත්තේ.. මහබැංකු හොරකම, දේපළ විකිණීම හොඳට පේනවා..
අපිත් කරන දේ 2020 දී ලෝකෙට පෙනේවි !!! ඔබලාට දැනේවි !!! එතකොට ඔබලා ප්‍රමාද වැඩියි. මේ සැරේ වැටුණාම ඔබලා මේ කල්පේ අයෙත් නැගිටින්නේ නැත.
පේනවා. පේනවා. හොඳට පේනවා අගමැතිතුමා. වරදවා හිතන්න එපා ජනතාව අන්ධයි කියලා. 2015 ඉඳලා සිදු වූ දේවල් හොඳට දැක්කා. බොන්ඩ් ගේම් දැක්කා. හොරු අල්ලපු හැටි දැක්කා. දුන්නු පොරොන්දු ඉටුකරපු හැටි දැක්කා. රාජගිරියේ මිලියන 800 ක් ගෙවපු හිස් බිල්ඩිම දැක්කා. තව බොහෝ දේවල් දැක්කා. 2020 ත් ජනතාව දකීවි. ජනතාව ආණ්ඩුව හිතනවාට වඩා බුද්ධිමත් අගමැතිතුමා...
නැහැ නැහැ පේනවා කියලා දන්නවා. මොකද දේශපාලකයෝ කතාවල් පටන් ගන්නේ මේක කරන්න ප්ලෑන් කරනවා. අරක එනවා, මේක එනවා, වොක්ස්වැගන් ෆැක්ටරි එනවා කියලනේ...
හරියට හරි අගමැතිතුමා.. රැකියා ලක්ෂ 5ක් බිහිකළ එක, ආර්ථිකය දියුණු කළ එක, දූෂණය නැතිකළ එක, සහජීවනය ඇති කරපු එක සමහරුන්ට පේන්නේ නැහැ.
අපේ රටේ මිනිස්සු හරිම කුහකයි.. මෙච්චර වැඩ කන්දරාවක් කරලත් හොඳක් කියන්නේ නැහැනේ.. වොක්ස්වගැන් එක ගෙනාවා.. රැකියා ලක්ෂ 10 දුන්නා .. මුලුරටම වයි-ෆයි වලින් අද වැඩ.. බලන්න අද රටේ හොරෙක්, පාතාලයෙක්, ආසාවටවත් හොයාගන්න ඉන්නවද කියලා.. මේ තරම් දේවල් කරලත් අගයක් නැහැ.
අැත්තටම ව්‍යවස්ථාමය අතින් යම් දෙයක් කෙරුණේ නෑ කියන්නෑ. හැබැයි කරනවා කියපුවා 20% ක් කෙරුණේ නෑ. මම ඔබලාගෙන් භෞතිකමය සංවර්ධනයක් බලාපොරොත්තු වුනේ නෑ. එ්ක වෙන්නෑ කියලා දන්නවා. හැබැයි ඔබලා කරනවා කියපු ව්‍යවස්ථාමය සංවර්ධනය කළා නම් දැන්ම නෙමේ අවුරුදු පනහක් විතර ගිය තැන. රාජපක්ෂ මහතා යුද්ධය ඉවර කළා වගේ. ඔබලා කළ දේ ගැනත් අනාගත පරම්පරාව කථා කරාවි. වැනසෙමින් පැවති සමාජය ගොඩගත්තේ ඔබලා කියලා. ව්‍යවස්ථානුකූලවාදය ගැන දන්නෝ එ්ක දන්නවා. එ්ත් ඔබතුමන්ලාත් එ්ක පැත්තක තියලා පුරුදු වැඩවලට අත ගැහුවනේ...
ඩොලර් එක එන්න එන්නම වැඩිවෙනවා. ඒක පෙනෙනවා වගේම දැනෙනවා. ජීවන වියදම එන්න එන්න වැඩිවෙනවා. කිසිම වැදගත් ආයෝජනයක් වර්තමානයේ සිදුවුනේනෑ.
හොඳටම පේනවා. මහබැංකු වංචාව, රටේ බුද්ධිමතුන් ඉඳිද්දී, පිටරටින් හිතවතුන් ආනයනය කරලා, මහබැංකු ඇතුළු ශ්‍රී ලංකා ගුවන් සමාගම පාඩු කළා. ආර්ථිකය දියුණු කරනවා කියමින් විශාල පොල් වත්තක් විනාශ කරමින්.., වොක්ස්වැගන් ගරාජයක් හැදුවා. හානි තමයි කරලම තියෙන්නේ. ඕවා ජනතාව දන්නවා.
සිදම්බරම් සළුවත් එහෙමනේ. අන්දාට පෙන්නේ නෑ. නිර්වස්තරයෙන් වගේ තමයි.
දැන් කියව කියවා ඉන්නේ නැතිව මහින්දත් එක්කම විශ්‍රාම ගිහින් භාවනානුයෝගීව හිටියොත් හොඳයි නේද?
දැක්කා දැක්කා. එක බැංකුවක් කොල්ල කාපු හැටි. අනිත් ඒවා කන හැටි නම් පෙනුනේ නැහැ. කෑවද දන්නෙත් නැහැ... තව නම් කන්න දෙන්නේ නැහැ මචෝ. එලවනවා කොස්සෙන් ගහලා. නමුත් අර කලින් යවපු ලෝක හොරාට නම් එන්න දෙන්නෙත් නැහැ.
නැතුව නැතුව, ආණ්ඩුව බෙරනොගහ මහබැංකුව සුද්ධකරලා කිහිපදෙනෙක් සංවර්ධනය වූ හැටි... එහෙම නේද?
අර ජනකතාවක හොර සන්නාලියන් දෙන්නෙකුට අහුවෙලා අලුත් ඇඳුමක් ඇඳගෙන කියලා නිර්වස්ත්‍රව හිටිය රජ්ජුරුවෝ වගේ තමයි මේ ආණ්ඩුවේ වැඩත්...
පේන්නේ කොහෙද? නිදාගෙන ඇහැරෙද්දි ගෑස් නැගලා හොරෙන්ම...
අගමැතිතුමාට බනින කාටවත් මතක නැහැ නේද? 2015 ජනවාරි 09 වෙනකොට මල්ලිට ටෙලිකොම් සභාපතිකම දීලා වැඩ ඇල්ලුවේ කවුද කියලා. මඩුවලිගෙන් තලන්න ඕන කාටද කියලා ඉස්සෙල්ලම හිතලා බලන්න අගමැතිතුමාට බනින්නේ නැතුව...
මේක හරියට අර නොපෙනෙන ඇදුම් ඇඟලා ගෙන නිරුවතින් විදී සංචාර කළ රජාගේ කතාව වගේ! පේන්න කරපු දෙයක් තියෙන්න එපැයි !