සුජිත් හේවාජුලිගේ
අල්ලස් ගැනීමේ සිද්ධියට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත්තේ අල්ලස් කොමිසම වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ කළ දීර්ඝ රහසිගත විමර්ශනයක ප්‍රතිඵලයක් වශයෙනැයි එම කොමිෂන් සභාවේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
පැමිණිලිකාර ඉන්දීය සමාගම මේ පිළිබඳ පැමිණිල්ල අල්ලස් කොමිසමට මුලින්ම කර ඇත්තේ 2015 වර්ෂයේදී යැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර කන්තලේ සීනි සමාගම පෞද්ගලික සමාගමකට පැවැරීමේ කටයුත්තේදී ද බරපතළ අක්‍රමිකතා සිදුවී තිබෙන බවට විමර්ශන අංශවලට පැමිණිලි ගණනාවක් ලැබී තිබිණැයි කියති.
රුපියල් කෝටි දෙකේ අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි කේ මහානාම මහතා මෙම තනතුරට පත්ව පැමිණ ඇත්තේ මීට වසරකට පමණ ඉහතදීය. මීට කළින් ඔහු ඉඩම් අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කර තිබූ අතර ලේකම් ධුරයෙන් විශ්‍රාම යෑමෙන් පසු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී වශයෙන් පත්ව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සන කතාව
මේ රටේ බොහා් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී සිදුවනුයේ තමන් අතට ලැබෙන මුදල ගැන සිතා ඒවා ක්‍රියාත්මක කිරීම මිස ජනතාවට ලැබෙන රටට ලැබෙන ප්‍රතිලාභ ගැන සලකා නොවේ. එසේ සිදු වනුයේ අප රටේ සියලු දෙනාටම පොදු වූ නීතියක ක්‍රියාත්මක නොවීමය. අනෙක බලයට පත් වන බහුතරය තමා එතනට යැවූ ජනතාව ගැන නොව තමා වටා සිටින කිහිප දෙනෙකු ගැන පමණක් සිතා කෙටි කාලීන වාසි සලකා තීරණ ගැනීමයි. වචනයට සීමා නොවී ජනතාවට සේවය කරන්නේ නම් ඔවුන්ට සදාකාලිකව මේ රටේ ජනතාව බලය ලබා දෙන බව තේරුම් නොගෙැනීමයි
දේශීය මධ්‍යම පරිමාණ ආයෝජකයන්ට අවශ්‍ය පහසුකම් සලසන්නේ නැතිව, විදේශ අයෝජකයෝම හොයා හොයා යන්නේ මොකද කියල දැන් අපිට පැහැදිලි වුනා, විදේශිකයෝ රවටල ලොකු කුට්ටි ලබාගන්න පුළුවන්නේ ?
කොහොමද පගාලන්තේ වැඩ?
එස්.පී. බණ්ඩාර කියලා කෙනෙක් හිටියා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කෙනෙක්... ඒ ගැනත් දෙන්න ඕනෙ ඔත්තුවක් ...
යහපාලනයට මගෙන් තරු තුනක්ම...
අවුරුදු 3ක් බලාගෙන හිටියා. ආයෝජනය කල් දැම්මේ මොකද? ජනාධිපති වග කියන්න ඕනේ... මෙහෙම රටක් දියුණු වෙයිද? මේක තමයි යසපලනය.
වෙනස: කලින් ජනාධිපතිගේ කිට්ටුවන්තයන්ගේ හොර වැඩ ඇල්ලු නිලධාරීන්ට හිමිවුයේ දුෂ්කර ප්‍රදේශවලට ස්ථාන මාරුය. අද ඒ සඳහා නිලධාරීන්ට සැලකිය යුතු මුදල් ත්‍යාග ලබා දී ඇත... සැපද...?
එන්නකෝ මෙහාට... ඔයාලගේ දරුවොත් කෑවේ අපෙන් පිල්ලි ගහපු සල්ලි වලින් නේද? මම බලන් ඉන්නවා. මීට යම රජු...
අන්තිමට වෙන්නේ අර දිල්රුක්ෂි ඩයස් නෝනට කරපු දේම නේද...? නිකන් බොරු එපා හලෝ...
මේ දූෂණයට වත්මන් පාලකයින් ගෑවී නැති බව පෙන්වීමේ අසාර්ථක උත්සාහයක් තිබෙනවා. මේ දූෂිතයින් මේ වරද සිදු කළේ දින දෙකකට පෙර වුනාට ඔවුන් මීට වසර ගණනාවකට පෙර කල රැකියාවන් සහ එම රැකියාවන් කලේ කාගේ යටතේද කියන කාරණය උක්ත කර, වර්තමානයේ රැකියාව කරන්නේ කාගේ යටතේද කියන එක සඳහන් නොකිරීමෙන් ඒ බව ඔප්පු වෙනවා.
අප දිනෙන් දින පරිහානියට පත්වෙන්නේ කුමන කරුණක් නිසා දැයි වැටහෙනු අැත. අධිකරණය වෙනස් විය යුතුයි. අල්ලස් පස් පව් ලෙස පාසල් විෂයට අැතුළත් කර අාකල්පමය වෙනස්‌කම් කුඩා කල සිටම ක්‍රියාත්මක කළ යුතුය. මේ පින්බිමක්ය... ගෞතම බුද්ධ රාජ්‍යය යැයි මැතිරීම නතර කරන්න. මේ අයගේ අත්වල පිරිත් නූල් තවදුරටත් බඳින බැවිනි.
හැබැයි ජනාධිපතිතුමා කියල තිබ්බේ "මේ මනුස්සය මගේ ලඟට ආවේ මාස 2කට උඩ " දි කියල.. දැන් බලන කොට අවුරුද්දක ඉඳන් වැඩනේ...
පරිපාලන සේවයේ බොහෝ නිලධාරින් අවංක අය නොවෙති.
මහින්දගේ කාලේ එහෙම අහුවුණේ නැහැ. එන්න ඒකයි වෙනස...
ඊයේ රෝහිත අබේගුණවර්ධන හිනාවෙවී කියනවා හොරු අහුවෙලාලු මේ ආණ්ඩුවේ.. කලින් ආණ්ඩුවේ හොරු හිටියේ නැද්ද? නැතිනම් හොරකම් කරන්න දීලා බලන් හිටියද කියන්න මහජනතාව දන්න නිසයි පරාද කළේ කියලා අමතක වෙලා...
මට තේරුම්ගන්න බැරි කැබිනට් පත්‍රිකා නිකුත්කිරීම සඳහා රාජ්‍ය සේවකයෙක් අල්ලස් ගත්තේ කොහොමද කියන එකයි.
ඊලඟ හොර ගුහාව කස්ටම් එකයි. මතකනේ ඩිල්රුක්ෂි නෝනා කට්ටියක් ඇල්ලුවා...
දැන් අල්ලස් ගැනිමේ සිද්ධිය තම තමන්ගේ දේශපාලන දෘෂ්ඨි කෝණයෙන් විග්‍රහ කරලා හැමෝම සතුටුවෙන්න වීරයෝ වෙන්න උත්සාහ කරනවා. විශේෂයෙන්ම රාජපාක්ෂිකයන් හා එ.ඡා. පාක්ෂිකයන්... මෙය සිරිසේන ජනාධිපතිවරයාගේ ගිණුමට බැරකර තමන්ගේ නායකයන් රැක ගන්න අසාර්ථක උත්සාහයක නිරතවෙනවා. විශේෂයෙන් බැඳුම්කර ගණුදෙනුවට වික්‍රමසිංහ අගමැතිවරයා සම්බන්ධ නැතැයි තර්ක කළවූවෝ අද සිරිසේන ජනාධිපතිවරයාට ඇඟිල්ල දික් කරති. ඒවගේ පසුගිය පාලන කාලයේ මිග් යානා ගණුදෙනුව, හෙජීන් ගණුදෙනුව, ග්‍රීක බැඳුම්කරය හා තවත් දහසක් දූෂිත ගණුදෙනු සම්බන්ධයෙන් රාජපක්ෂවරුන්ට චෝදනා කරනවිට පුළුවන් නම් ඔප්පු කරන්න යැයි අභියෝග කළවුන් දැන් ජනාධිපතිවරයාට සෘජුව චෝදනා කරමින් ප්‍රීතිවෙති. මෙහි තිබෙන කණගාටුදායක තත්වය තමයි ඉතිහාසය පුරාම මෙම නායකයෝ දූෂණ හා අපරාධ වෙනත් අකටයුතුකම් ඇති කරමින් ඈත අනාගතයේදීද එසේ කිරීමයි. මේවාට අහුවෙන්නේ බොහොම කලාතුරකින් එක්කෙනෙකු හෝ දෙදෙනෙකි. එසේ වූවිට අනුගාමිකයෝ උද්දාමයට පත්වෙති. කොටසක් තමන්ගේ නායකයන් යටතේ අල්ලස දූෂණය හා හොරකම පිටුදකින බවට වහසිබස් දොඩති. අනික් පිරිස පාලකයෝ දූෂිතයන් බවට මොරදෙති. නමුත් ඔවුන් සත්‍යය පිළිගැනීමට සූදානම් නැත.
නිලධාරීන් මෙහෙම අල්ලස් ගන්නවා නම් ඇමැතිවරු කොහොම ගන්නවා ඇතිද?
නැවත නැවතත් මම හිතන්නේ සරත් ජයමාන්න මහත්තයාගේ වැඩ කිඩ තමයි මේ. දිල්රුක්ෂිට වැඩ කරන්න නම් දුන්නේ නෑ. සරත්ට දෙන්නෙත් නැහැ. හැබැයි, සරත් ජයමාන්න කාගෙන යනවා.. ජයවේවා ඔබට !!!
තව ටික කලකින් අපිටත්, ලෝකයටත් දැනගන්න පුළුවන් දෙයක් පහතින් දක්වමි. මේඩින් ශ්‍රී ලංකා...
යමක් ඉගෙනගත් උපාධිධාරියෙක් රටේ ජීවත් වීමේදී සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා නීතිගරුකව යුක්තිගරුකව ජීවත් වීමට ඉටාගත යුතුයි. ආචාර්ය පදවියක් සතුවී තිබියදීත් එමගින් සාධාරණ ලෙස දියුණුවීමට නොසිතා අයථා අන්දමින් මුදල් ඉපැයීමට පෙළඹීම මොනතරම් අසික්කිතද?
අල්ලස් ගෙන හසුවූ දිසානායකගේ පවුල සහ ජනාධිපතිගේ පවුල සමීපතම හිතවතුන් බව හෙළිකරන සේයාරූ මාධ්‍යයට නිකුත්වෙලා තියනවා. දිසානායක පුත්‍රයා ශෂිමාල් දිසානායක සහ ජයන්ති බිරිඳ, දහම් පුත්‍රයා, තිළිණ බෑණා එම ඡායාරූපවල සිටිනවා. පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට ලන්ඩන් බලා ගිය අවස්ථාවේ රැගෙන ගිය පිරිස සමග ගොස් තිබෙනවා. කරුණාකරලා මෙම සත්‍යය ප්‍රකාශ කරන්න.