නාලක සංජීව දහනායක
කැබිනට් සංශෝධනයේදී යළිත් වරක් රාජ්‍ය අමාත්‍ය ධූරයක දිව්රුම් දීම සඳහා තමන්ට ආරාධනා ලැබුණු බැවින් ඇමතිවරුන් දිව්රුම් දෙන අවස්ථාවට තමන් සම්බන්ධ නොවූ බව නීතිය හා සාමය දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මහතා ලංකාදීපයට පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් වන තමාට මෙවර කැබිනට් සංශෝධනයේදී අනිවාර්යයෙන්ම කැබිනට් අමාත්‍යධූරයක් දීම ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කල්පනා කළානම් එය හොඳ බවද ඔහු කීය.
රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවැසීය.
මම මන්ත්‍රීවරයෙක් වුනේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදියි. එදා ඉඳලා මේ වෙනකම් දෙවරක් රාජ්‍ය අමාත්‍යවරයෙක් ලෙස දිව්රුම් දුන්නා. මෙවරත් රාජ්‍ය අමාත්‍යධූරයක දිව්රුම් දෙන්න මට එන්න කියලා තිබුණා. මම කැබිනට් ඇමතිකමක් බළාපොරොත්තු වුනා.
වෙනසක් නොවුන නිසා මම ගියේ නැහැ. මම රාජ්‍ය ඇමතිකම ගත්තේ පළාත් පාලන මැතිවරණයේදී පොඩි හයියක් ගන්නයි. මුකුත්ම කරන්න ලැබුනෙ නැති නිසා මේ රාජ්‍ය ඇමතිකම් වලින් වැඩක් නැහැ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැබිනට් ඇමතිකමක් හිමිවිය යුතු පළමු කෙනා මමයි. එක දාගන්න විතරක් මම පක්ෂය තුළ දේශපාලනය කළේ නැහැ. ජනාධිපතිවරයාට උදව් කිරීම නිසා මට මාස කිහිපයකට කැබිනට් ඇමතිකමක් හිමිවුණා. ජනාධිපතිතුමයි මමයි 1989 දි එකට පාර්ලිමේන්තු ආවා. අපි සමකාලීනයෝ. ශ්‍රී ලංකා එකේ ඇමතිවරුන් හය දෙනෙක් කැබිනට් ඇමතිකම් වලින් අයින් වුන නිසා තමන්ට කැබිනට් ඇමතිකමක් දීමට හැකියාවක් තිබූ බවද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැබිනට් ඇමතිකම් 42 කට සීමා කරලා තියෙන නිසා තමයි මේ ප්‍රශ්නෙ ඇතිවෙලා තියෙන්නේ. කොහොමටත් 2020 පෙබරවාරි 15 පාර්ලිමේන්තුව විසුරුවනවා.
මේ හැමෝටම ඕනේ ඇමතිකම්
මහ මැතිවරණෙන් ජනතාව ප්‍රතික්ෂේප කර කෙනෙකුත් කැබිනට් ඇමති ධූරයක් බලාපොරොත්තු වෙනවා නම් මොකටද මෙච්චර සල්ලි වියදම් කරලා මැතිවරණ පවත්වන්නෙ..?
දැන් තියන එකෙන් කෑවා මදිද...?
මොනවද මේ කථා.. රටට වෙච්ච විනාශය ගැන කනස්සල්ලෙන් අපි ඉන්නේ...
මේ දවස්වල අලුතින් ඩබල් කැබ් ගෙන්නන්න සල්ලි නැති හින්දා ඇමතිකමක් දෙන්න විදියක් නැහැ.
ගහන්න.. ගහන්න මහත්තයෝ, පොල්! මේ දවස්වල පොල් ගණන් වැඩි හින්දා, ගහන්න පොල් වෙනුවට වට්ටක්කා! සද්දෙත් හොඳට ඇහෙයි, දෙවියන්ට!
ඔන්න නියම ජනතා සේවකයෝ.
'..මුකුත්ම කරන්න ලැබුනෙ නැති නිසා මේ රාජ්‍ය ඇමතිකම් වලින් වැඩක් නැහැ....' මේ කතාව නම් ඇත්ත. කැබිනට් ඇමති කමක් නැතුව මොකද්ද ඇති වාසිය?
ඇමතිකම් දෙන්න නෙවේ. අඩු කරන්නයි ඕනේ . එයට අමතරව සියලුම වැටුප් සහ දීමන ඉවත් කරන්න ඕනේ . එතකොටත් ඇමති කමක් ඉල්ලනවානම් අන්න රටට සේවය කරන ඇමති .හොදයි නේද ?
ලක්මවගේ පුරවැසියන් වන අපිනම් කනස්සල්ලෙන් ඉන්නේ අම්බරුවෝ 255 දෙනාම යහතින් පිනටම ගිලිමින් හරක් මඩුවේ ලැගල ඉන්න එක.
රටට සේවය කරනවට වඩා තමන්ගේ බල තන්හාව ලොකුයි . පෙන්නේ නැද්ද කිසිම සුදුසු කමක් නැති අයත් සැර කතා ටිකක් කියල බලාපොරොත්තු වෙන්නේ අගමැතිකම. එහෙමත් නැතිනම් ලොකු ඇමති කමක් . තමන්ගේ සුදුසු කම් ගැන ලැජ්ජාවක් නැහැ. පාරේ කාණු වලට බල්බ් දාල , තාර දාල , ගෙවල් හැදුවහම රටේ නායකයෙක් වෙන්න පුළුවන්. ඊට පස්සේ නිදන් හාරයි , ඒකනේ මෙච්චර කල් වුනේ . පක්ෂය බයගන්නවල රජ වෙන්නය් යන්නේ . මොකද ඒ ගොල්ලෝ දන්නවා කව්රු හරි සල්ලි දීල ඒ ගොල්ලන්ව ගන්නවා කියල. මේ විදියට රට ගෙනියන්න පුලුවන්ද ? දේශය පාලනය කරන්න කව්රුත් ඉතුරු වෙන්නේ නැහැ. නායකයෙක් වෙන්න තියන සුදුසුකම් ගැන කිසිම දැනුමක් නැහැ. අය්යෝ රටට වෙච්ච දේ .
අනේ අප්පොච්චියේ, දුකේ බෑ අඬන හැටි දැක්කහම.
මගේ අභිප්‍රාය ජනතා සේවය මිස ඇමතිකම් නොවේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකට වල කපල, යන්තම් පාර්ලිමේන්තුවට රිංග ගත්ත ඔබතුමාටත් කැබිනට් ඇමතිකමක් දෙන්න ඕනිද? ඊට කලින් අනෙකුත් ද්විත්වපුරවැසි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ගැන හෙව්වොත් නරකද?
තව මාස 18 ක් තියනේවානේ මන්ත්‍රීතුමා. ටිකක් ඉවසලා ඉන්න. හැමෝටම දෙනවා කියලා තියෙන්නේ.
ඔබතුමා රටට වැඩක් කරලා ඇමති කමක් ඉල්ලන්න.
පරාද වෙලා ගෙදර හිටිය එකේ ,ඔය ටිකවත් මදිද ?
පුදුම වැඩක්, පරාද උනා. ගීතා ගිය නිසයි පාර්ලිමේන්තුවට ආවේ.
ජනාධිපතිතුමාගේ විද්‍යාත්මක ක්‍රමවේදය අනුව මෙතුමාට ලැබිය යුත්තේ ජලසම්පාදන ඇමතිකම. මිනිස්සුන්ට වතුර බිල් අඩුකර ගත්තැකි.
මේ පිංගුත්තරයින්ට රටට සේවය කරන්නට අවශ්‍ය නම් පුරන් වී ඇති කුඹුරු කොටා වැව්, අමුණු පිළියෙළ කොට වැඩක් කල හැකියි නේද? ලැජ්ජා නැතුව ඇමතිකම් හොයන පරපුටු රැලක්. සිරිසේනට සහ රනිල්ලාට ගැලපෙන රැළක්...
ඇයි දන්නේ නැහැ මේ අදහස් දක්වන අය මේ මනුස්සයට මෙතරම් අවලාද කියන්නේ. මෙයා කියලා තියෙන්නේ ඇත්ත.
ඔටුවා කූඩාරමට බෙල්ල දාගත්තට පස්සේ බලන්නේ මුළුඇඟම එක අස්සට දාගන්න. මෙතුමා කට්ට කාගෙන එළියට වෙලා ඉඳලා අර තනියම මහන්සිවෙලා අමාරුවෙන් ආසනයක් දිනාගත්ත ගීතා නෝනව පන්නල ඇතුළට ඇවිල්ලා අවුරුද්දක්වත් යන්න ඉස්සරවෙලා ඉල්ලනවා කැබිනට් ඇමතිකමක්. අර බුද්ධික පතිරණ මාතරින් දෙපාරක් වැඩිම මනාප අරගෙන අවුරුදු 10ක් පාර්ලිමේන්තුවේ ඉඳලත් ඇමතිකම් ඉල්ලන්නේ නැතුව තමන්ගේ වියදමෙන් ආසනය දියුණු කරනවා.
පාර්ලිමේන්තුවට හොර පාරෙන් යන අය වෙනුවෙන් වැළපෙන්න අපට වුවමනා නැහැ. මුන්නැහේගේ හිත සනසන්න ටෙම්පරි ඇමතිකමක් සුමානෙකට දෙකකටවත් දුන්න නම් තමයි හොඳ... අඩු ගානේ පොඩි පහේ ටෙන්ඩර් එකක් වත් ගහන්න !!!